Thursday, October 20, 2011


මට යන්න ඉඩ දෙන්න
කිසිවක්ම නොකියන්න
නුඹෙ නෙතින් මා දිහා
ඔය ලෙසට නොබලන්න

ජීවිතෙන් කැප වෙන්න
හිතන් දිවුරුම් දුන්න
හිත තවත් පාරන්න
එපා මට ඉඩ දෙන්න

මෙමට අරගෙන යන්න
නුඹේ දුක මට දෙන්න
ඒත් නුඹෙ හිත දෙන්න
කියා මට නොකියන්න

ගියත් මම දුර යන්න
ඔය නෙතට නොපෙනෙන්න
මගෙ මැණික දැනගන්න, මං
නුඹෙ විතරමයි ඔන්න

7 comments:

  1. ගොඩක් ස්තුතියි! :)

    ReplyDelete
  2. නුඹෙ විතරයිනං ඇයි ඉගිලිලා යන්ට හදන්නේ...
    ඔය හිත කලබලේන්....

    ReplyDelete
  3. ane ko akki post ekak nathe moko??? akki busy da?? ane ikmnate post ekak danneko :) take care <3

    ReplyDelete
  4. ayyoo shahen, this is just a story ne....anyway, I can understand how u feel. It broke my heart too when I wrote it.
    Thanks for all the comments.
    Sometimes I still feel that Apoorwa and Methma are somewhere here in Kandy living their lives happily....

    ReplyDelete
  5. ලස්සනයි ආ

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....