Sunday, October 23, 2011

තිස් පස්වැනි දිගහැරුම

"පේන විදියට නං බය වෙන්න දෙයක් නෑ. ඒත් ආයෙත් කලන්තේ හැදුනොත් එක්ක ඇවිත් පෙන්නන්න
ගෙදර අයගේ වදේට දොස්තර කෙනෙක් ලඟට ගියාම ඔහු කිව්වේ එහෙම.
"හිතට කරදර ගන්න එපා.ඔය වයසට සැහැල්ලුවෙන් ඉන්න එපයැයි නේද?
අපි පිට වෙලා එන්න හදද්දි දොස්තර මට කිව්වා හිනාවෙලා. මට ඔහුගේ මොකක්දෝ හුරු පුරුදු බවක් පෙනුනා. එලියට එන ගමන් මං  කල්පනා කලේ ඒ මොකක්ද කියලා.
"හරි...මං ආ බව කියන්න, මං ඉන්නම්"බෙහෙත් ගන්න කවුන්ටරේම අවුරගෙන කවුදෝ කතාවක්.තව දෙතුන් දෙනෙක් පිටොපස්සෙන් උන්න බෙහෙත් ගන්න, මම ලඟ තිබුණ ආසනේකට බර වුණෙ අබෙහෙත් ගන්න වෙලා යන බව හැඟුන නිසා. අම්මා බෙහෙත් ගන්න කවුන්ටරේ ලඟට බෑඅග් එක අරිමින් යද්දි,අර කවුන්ටරේ අවුරගෙන උන්නු කෙනා එක පාරටම හැරිලා එන්නා ආවා.අම්මයි, ඒ පුද්ගලයයි හැප්පෙන බව මට පෙනුනත් ඒක කියන්න කට ගන්න කලින් දෙන්න හැප්පිලා ඉවරයි.  ඒ වැදුණ වේගෙට අම්මා විසි වෙලා වැටෙන්න ගියා. මම පැනලා අම්මාව අල්ලගන්න කලින් ඔහුම පැනලා අම්මව අල්ලගත්තා.
"අනේ සොරි ආන්ටි....ආ..ම්ම්..නෙලුම් මැඩම්?"  ඔහු ඊලඟට කිව්වේ පුදුමෙන් වගේ.
මමයි, අම්මයි දෙන්නමත් පුදුමෙන් බැලුවා.
"මේ ළමයා කවුද?" අම්මා ඇහුවේ රෝගීන් වාඩි වෙන පැත්තට අයින් වෙලා කණ්ණාඩිය හදමින්. මට ඔහුගේ මොකක්දෝ හුරු පුරුදු බවක් දැනුනත් කවුද කියලා හරියටම හිතා ගන්න බැරි වුණා.
" මැඩම්ට මාව මතක නෑ නේද? මම කලිඳු...කලිඳු සූරියාරච්චි"
ඔහුගේ ඒ වචන පෙල ඇහුණාම මගේ හිත මාවත් ඇදගෙන දිව්වේ වසර ගණනක් පස්සට. අපේ පාසලට. මං ඉස්සර බලාපොරොත්තුවෙන් උන්නු අහිංසක ඇස් දෙකේ අයිතිකාරයා...අවුරුදු ගාණකට පස්සේ ආයෙම හමු වෙලා මට.
"මේ ඒතකොට මෙත්මා නේද?" ඔහු මගේ දිහා බලලා ඇහුවා.
කටත් ඇරගෙන ඔහු දිහා බලාන උන්නු මම ඉක්මණට බිම බලා ගත්තා.
"ඔව්.ඔව්.පුතාට අපිව මටක තිබ්බා එහනම්.වෙච්ච දේවල් වල හැටියට මත ක තිබ්බ එකත් කොච්චර දෙයක්ද?"අම්මා කිව්වාම මගේ හිතට ආවේ ලැජ්ජාවක්.
"අනේ මැඩම ඔය පහුගිය දේවල් මම අමතක කලේ ඒ ද්වස් වලමයි.ඉතිං මැඩම්ලා මෙහේ මොකද? කාටද අසනීප?" ඔහු ඇහුවා අම්මගෙන්.
"මේ අපේ දුව ඊයේ ඔලුව පලාගෙන නේ. උදේ ෆේන්ට් වුණා. කොයිකටත් පෙන්නන්න කියලයි ආවේ. පුතා කොහෙද මෙහේ?"
"මගේ අයියා මෙහේ දොස්තර කෙනෙක් නේ.මම හිතන්නේ මැඩම් ලා දැන් බෙහෙත් ගත්තේ එයාගෙන් වෙන්න ඕන.වත්සල සූරියාරච්චි"
අම්මා මොහොතකට මං දිහා බැලුවා.
"ඔව්. ඔව්. ඒ මහත්තයාගෙන් තමා අපි  බෙහෙත් ගත්තේ. අනේ ඒ පුතාගේ අයියද? හරිම සන්තෝඅසයි නේද පුතේ?"
අම්මා මං දිහාත් බලලා කිව්වාම මම යන්තම් හිනා වුණා. කලිඳු අයියා එක සැරයක් මං දිහා බැලුවා. ඉස්සර වගෙම බත්යෙන්ද මන්දා?
"දැන් පුතා මොක්ද කරන්නේ එතකොට?" අම්මගෙන් ආයෙම ප්‍රශ්ණයක්.
මම උන්නේ නොඉවසිලිමත් වෙලා. අපි මේ ගමන්ම අප්පච්චි ගෙදර එක්ක යන්න යන්නත් ඕන.ඒ අස්සේ අපූර්වගෙයි, මගෙයි ප්‍රශ්ණ. අපූර්ව දැන් මොනා කරනවා ඇත්ද? ඒ ඔක්කොම තියෙද්දි අම්මා මෙතන කඩය ඇරගෙන.
"මම දැන් ඩෙන්ටල් ෆැකල්ටි මැඩම්. සෙකන්ඩ් ඉයර්"කලිඳු බොහොම නිහතමානී විදියට හිනා වෙලා කිව්වා.
"මට හරිම සතුටුයි දරුවෝ. මෙහෙම හම්බවුණ එකත් කොච්චර දෙයක්ද? එහෙනම් පුතේ අපි දැන් යන්නත් ඕන. ගෙදර ගිහින් ආයෙම එන්නත් තියෙනවා..."ඇති යන්න්තම් අම්මට යන්න මතක් වුණා.
අම්මටත් කවුරුහරි මුණගැහුණාම ලේසියෙන් එන්නෙ නෑ. මගේ හිස තවමත් රිදුම් දෙමිනුයි තිබුණේ.  මට ඕන කලේ ඉක්මණටම ගෙදර ගිහින් තනියෙම කල්පනා කරන්න. කලිඳු අයියාගේ මේ හදිසි ආගමනය එක පාරටම මගේ හිත සසල කලත්, දැන් ඒ ගැස්ම කොහොමටවත් තිබුණේ නෑ. මම ඉස්සර ඔහු ගැන මොන තරමක් හිතන්න ඇත්ද? ඒත් අද මගේ හිත උදාසීන වෙලා. මට මතක් වුණේ අපූර්ව ගැන විතරමයි. මගේ අපූර්ව මාව දලා දුරට යන්න ගිහින් කියලා විතරමයි.
"මැඩම් කැමති නම් මං ගිහින් දාන්නම්"අම්මා එක්ක තව මොනවදෝ කියවමින් උන්නු කලිඳු අයියා කියපු ඒ ටික මට ඇහුණා.
අම්මා මගේ දිහා බැලුවා. මම මුකුත් නොකියා බැල්මෙන් විතරක් මගේ අකමැත්ත ප්‍රකාශ කලා.
"අනේ දරුවෝ කරදර වෙන්න ඕන නෑ.අපිට යතෑකි"
"කරදරයක් නෑ මැඩම්.කොහොමත් අයියා එනකල් මම මෙතන ඉන්නත් එපැයි. මැඩම්ට උදව් කරන  එක මට සතුටක්"
අන්තිමට අම්මා කැමති වුණේ මගෙන් වචනයක් වත් නාහා. අපි කලිඳු අයියාගේ සුදු පාට කාර් එකේ පිටිපස්සෙන් නැග්ගා.
"ලස්සන කාර් එකක් නේ"අම්මටත් ඕන නැති දෙයක් නෑ.
මම සීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා. ඇස් ඉස්සරහ මැවුණේ අපූර්වගේ මූණ. දැන් අපූර්ව මොනවා කරනවා ඇතිද? මාව දාලා ගිහිං ඔහු ඇත්තේ සතුටකින් නෙවෙන වග මම දැනං හිටියා. ඇත්තටම අපට මෙහෙම වුණේ ඇයි?
"පුතා මේ ද්වස් වල මෙහේ ද ඉන්නේ?" අම්මා ඇහුවා.
"ඔව් මැඩම්. මට දවස් දෙක තුනක් ඉන්නවා අයියගේ ක්වාටස් එකේ"
"ඇත්තද?එහෙනම් එන්නකෝ පුතේ වෙලාවක අපේ ගෙදර අයියත් එක්කම. අපේ ගෙදර දන්නවනේ?"
"එන්න බලන්නම්කෝ මැඩම්" ඔහු කියනවා මට ඇහුණා.
"දැන් අර කතා කරද්දි තිබ්බ අපහසුතාවය නැද්ද දරුවෝ?"
අම්මා අහද්දි මම ඒ පාර නම් ඇහුම්කන් දුන්න උනන්දුවෙන්.
"නෑ මැඩම්. අයියා ලන්ඩන් ඉද්දි එහේ ගිහිං උගුරට සර්ජරියක් කලා. ඊට පස්සේ ඕරල් ප්‍රැක්ටිස් වගයක් දුන්න කරන්න. දැන් ගොඩක් හොඳයි. අවුරුද්දක් විතර ඇති දැන්"
ඔහු එහෙම කිව්වාම මගේ හිතට පොඩි සතුටක් දැනුනා.එහෙම වුණ එක කොච්චර දෙයක්ද?
කලිඳු අයියා අපිව බස්සලා යන්න ගියේ ගෙටවත් නෑවිදින්.,ඒත් අනිද්දට අපේ ගෙදර එන්න අම්මා ඔහුව පොරොන්දු කර ගත්තා. අම්මා එදා උන්නේ සතුටින් කියලා මට නිකමට හිතුණා.

"අපි අප්පච්චිව එක්ක එන්න යනවා. නට නට නොයිඳ බෙහෙත් බීලා අඳට වෙලා ඉන්න ඕන හොඳද?"
අම්මලා ඉස්පිරිතාලෙට යන්න පිතත් වුණා. ගෙදර ඉතිරි වුණේ මමයි, හර්ෂි අක්කයි, මල්ලිකා නැන්දයි විතරයි. මං ඇඳ උඩට වෙලා කල්පනා කරන්න වුණා. හර්ෂි අක්කා කණ්ණාඩි මේසෙ ලඟ හිස පීරමින් උන්නා.
මම කොට්ටය යට තියලා තිබ්බ ෆෝන් එක අතට ගත්තා. ඇස් ආයෙමත් කඳුලු පටලෙකින් වැහුණා. අපූර්ව මට මේක තෑගි කලෙ මොන තරම් ආදරේකින්ද? හැමදේම පටන් ගත්තේ පුංචි කාලෙකින්. ඒ වගේම හමදේම ඉවර වෙන්න ගියෙත් පුංචි කාලයක් නේද? ඒත් ඒ ටික කාලෙට මම අපූර්වට මහා මේරක් තරමට ආදරේ කලා. වෙන කිසි දෙයක් ගැන නොහිතා මම ගත්තු තීරණේ නිසා අපි දෙන්නාටම අද විඳවන්න වෙලා. අපි දෙන්නම දෙන්නටම මේ තරම් ආදරේ කරද්දිත් වෙන් වෙන්න වුනේ මම පූරුවෙ කරපු පවකට වෙන්න ඇති කියලා මට හිතුණා.
ඒත් අපූර්ව මං ඉන්න තත්වේ තේරුම් ගත්තු එකත් කොයි තරම් දෙයක්ද? අපි එකට උන්න නම් කවදාවත් මට පුලුවන් වෙයිද අම්මාටයි, අප්පච්චිටයි ද්‍රෝහී වෙන්න? අපූර්ව ගැන හිතේ තිබුණ ආදරේ මට දෙගුණ වෙලා දැනුණා. අනේ ඇයි අපූර්ව මට නොකියම ගියේ? අයේ කවදා මට ඔහුව දකින්න ලැබේවිද? කවදාවත් මට අවනත නූනු මගේ දෑස් ආයෙමත් කඳුලු වගුරවන්න ගත්තා. මම ඇස් දෙක පොඩි කර ගත්තා. මම කවදා වෙනකල් මෙහෙම අඬන්නද? ඇඬුවා කියලා වුණ දෙවල් වෙනස් වෙන්නේ නැතත්, නාඬා උන්නොත් මගේ හිස පුපුරයි කියලා මට හිතුණා.
"ඉන්දි..." මං ඇස් ඇරියේ අක්කාගේ අතක පහස මගේ හිසට දැනිලා.අක්කා මගේ අසලින් වාඩි වුණා.
"ඊයේ වුණ දෙවල් මටහිතා ගන්න පුළුවන්. ඒවා ආයෙ ආයේ අහලා ඔයාගේ හිත පාරන්න මම ආස නෑ. මට තේරුම් ගන්න බැරි අපූර්ව ඇයි අඩුගාණේ මටවත් නොකියා මෙහෙම ගියේ කියලා. ඔයා නිසා තරහා ගිහින්ද, නැත්තං මෙවා තේරුම් ගන්න බැරුවද?"
මම කඳුළු අත්ලෙන් පිහගෙන සිවිලිම දිහා බැලුවා.
"එයයි කිව්වේ අපි වෙන් වෙමු කියලා.."
මං ආයෙම බිමට නෙත් යොමා ගත්තා. කඳුළු බිංදු දෙකක අතට වැටුණා. මං කෙල පිඩක් ගිල්ලා උගුර රිදුම් දෙන එක නවත්තගන්න.
"අපූර්ව එහම කිව්වද?" අක්කා ඇහුවේ අදහා ගන්න බැරිව වගේ. මම හිස වැනුවා. අක්කා මොහොතක් නිහඬවම උන්නා.
"ඒ කියන්නේ, මේ හැම දෙයක්ම දැකලා, තේරුම් අරන් එයා ඔයාට තීරණයක් දුන්නා?"
"ඔව්. අයියා කරපු දෙයින් පස්සේ වුණ දේවල් නිසා අපූර්ව් බයයි මාව අයිති කර ගන්න. එයා කැමති නෑ අම්මලාගේ හිත් රිද්දන්න ආයෙම පාරක්. අපූර්ව මෙහෙම කරන්නේ ඒ අය නිසා"
අක්ක මගේ දිහා බලන් හිටියේඅ දුකින්.
"අන්තිමට හිත රිද්ද ගත්තේ අපි දෙන්නාමයි. අනේ ඇයි අක්කේ අපට මෙහෙම වුණේ? මං ජීවිතේ පළවෙනි වතාවට ආදරේ කලේ අපූර්වට. මං එයාට පුදුම විදියට ආදරේ කලා. එයත් එහෙමයි.ඒත් දැන් අපට වෙන් වෙන්න වෙලා. හේතුව සරලයි. ඒත් එතකොට අපූර්වගේ ආදරේ?මගේ ආදරේ? නිකම් හිත් රිදුණා විතරයි අක්කේ"
මම හැල්මේ කියවෙන්ගෙන ගියා.
"ඒ වුණාට ඉන්දි, එක අතකට එයා වෙන මොනවා කරන්නද? එයා තාම කැම්පස් වාත් නොගිය පොඩි කොල්ලෙක්. එයාට පුළුවන්ද ඇවිත් ඔයාගේ අප්පච්චිට කතා කරන්න? ආගම, වයස, තරාතිරම...මේ සේරම හරි කියමු, ඒත් අපූට පුලුවන්ද දැම්මම ගෑනියෙක් රස්සා කරන්න? එයාට ස්ථාවරේකට එන්න තව අවුරුදු පහක් වත් යාවි. ලොකු අප්පච්චි කීයටවත් ඔයාව එච්චරකල් ගෙදර තියා ගනීවිද? නෑ ඉන්දි. ඔයාව හොඳට තේරුම් ගත්ත, ඔයාට හුඟාක් ආදරේ, ඔයාගේ අක්ක විදියට මම ඔයාට එක දෙයක් කියන්නම්. ඔයා ඇඬුවා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නේ නෑ. අනික ඔයා හිතනවා නම් කවදා හරි ලොකු අප්පච්චි ඔයාව තේරුම් ගෙන අපූට ඔයාව දෙයි කියලා ඒක කීයටවත් වෙන්නේ නෑ. ඒක ඔයා දන්නවනේ. දැන් මොනාද කරන්න පුලුවන්?"
මම අක්කා දිහා බැලුවා.
"දැන් කරන්න දෙයක් ඉතිරිවෙලා නෑ අක්කා"
"ජීවිතෙන් අතෑරිලා යන දෙවල් වලට යන්න ඉඩ දෙන්න නංඟි. ඒවා අල්ලගන්න යන එකෙන් වෙන්නේ අපිට හතිවැටෙන එක විතරයි"
මගේ ඇඬුම් අලුත් වුණා.
"මට කරන්න බැරිත් ඒකමයි අක්කා. අපූර්ව මට ආදරේ නොකරනවා නම් මට හිත හදා ගන්න තිබ්බා. ඒත් එයත් මං වගේම විඳවනවා කියලා හිතද්දි මට හිත හදා ගන්න බෑ අක්කා. මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි"
මම කිව්වේ අක්කට තුරුල් වෙන ගමන්.
"අද නැතත්, හෙට නැතත් දවසක් එවි ඔයාට හිත හදා ගන්න පුලුවන් වෙන. අපි වෙන මොනවා කරන්නද?"
අක්කා සුසුමක් හෙලුවා.
"මට අපූර්ව නැති හෙටක් ගැන හිතන්න බෑ අක්කා. මට බෑ. එයාටත් බෑ. මම කොහොමද මේ හිත හදා ගන්නේ?'
මම තෝන්තුවාවෙන් වගේ කියෙව්වා.
"දුකින් හිත පෑරිලා තියෙන මේ වෙලාවේ ඔයා ඔය ප්‍රශ්ණෙට උත්තර හොයන්න යන්න එපා. හිත නිදහස් වුණ වෙලාවක නිදහසේ හිතලා බලන්න. මේ විදිය තමයි හොඳ කියලා ඔයාට හිතෙයි. අඩු ගාණේ ඔයාට දෙමාපිය හිත් රිද්දන්න නූන එක ගැන සතුටු වෙන්න. මං එහෙම කියන්නේ ඔයා අපූගෙන් වෙන් වුණ එක ගැන මට දුකක් නැති නිසා නෙවෙයි. ඔයා අනාගතේදි තවත් දුක් වෙනවා බලන්න අකමැති නිසයි"
මම අක්ක කියපුවට උත්තර බඳින්න ගියේ නෑ. මෙවෙලේ මට හැමෝම පෙනුනේ මට විරුද්ධව වැඩ කරන අය වගේද මන්දා.  එන දේකට මූණ දෙනවා කියලා මම අන්තිමට හිතා ගත්තා.
'ඔබ ඇමතූ දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත'
ඒ වචන ටික ඇහුණේ මට කීවෙනි පාරටද? මම අපූර්වට කතා කරන්න කීපාරක් නං උත්සාහ කලාද? දහ පාරක්, විසි පාරක්, නෑ ඊටත් වඩා වෙන්න ඇති. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. මම බැරිම තැන අපූර්වට එස්.එම්. එස්. එකක් ගැහුවා, කඳුළු ඇස් බොඳ කරද්දිම.
'මාව දාලා ගියාට කමක් නෑ. අඩු ගාණේ පරිස්සමෙන් ගෙදර ගියාද කියලා වත් මට දන්වන්න. මම බලන් ඉන්නවා'
හිතලා හිතලා අමාරුවෙන් ගලපගත්ත වචන් පෙලක් මම ඔහුට යැව්වා. ඔහුව මතක් වෙන හැම වාරෙකම මට දැනුනේ මාව මහා පාලු කාන්තාරෙක අතරමං වෙලා වගේ හැඟිමක්. මගේ අපූර්ව... මට ඔයා නැතිව ජීවත් වෙන්න මෙච්චර අමාරු වග ඔයා ඈතට යනකල්ම මම දැනං උන්නේ නැති හැටි? ආදරේ කියලා දුන්න වගේ ඔයා නැතිව ජීවත් වෙන හැටි මටැ කියලා නොදුන්නේ ඇයි?

2 comments:

  1. ගොඩක් කල් නොලියා උන්නට සමා වෙන්න. මට තාමට් විභාග ඉවර නැති නිසයි ලියන්න වුණේ නැත්තේ...පුලුවන් හැම වෙලේකම ලියන්න බලනවා...ඒ නිසා තරහා වෙන්න එපා...
    :)

    @Gilmer girl: මෙන්න මම ඔයා කියපු එක ඇහුවා...

    ReplyDelete
  2. aneeeeeeeeee thanks akki,, godak wade madde hari oya post ekak damme ekate :) wish u all the luck for the exam :) himite liyaneko kathawe ,,, natham akkite exam asse ba ne liyane :) take care

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....