Wednesday, October 19, 2011

තිස් එක් වෙනි දිගහැරුම ඉතිරි කොටස


අම්මා කෑම කන්න ලෑස්ති වෙද්දි අපි දෙන්නා සාලෙට ආවා.
"අපි යමුද අපේ ගාඩ්න් එකට?" මම අපූර්වගෙන් ඇහුවා.
"එළියේ සීතලයි නේ. මම තොප්පියක් දාගෙන එන්නම්"
ඔහු එහෙම කියලා උඩට ගියා. හොඳ වෙලාවට අයියාගේ ජර්සි, පුලෝවර් එහෙම අපූර්වට ඇති වුණා. ටිකකින් අපි දෙන්නා උන්නේ අපේ ලොකු වත්තේ ඇවිදිමින්.
අපේ ගෙදර්යි, වත්තයි පිහිටලා තිබුනේ කන්දක් උඩ. ඒ නිසා වත්තේ කෙලවරේ වවලා තිබ්බ සයිප්‍රස් ගස් පෙල ලඟට ගියාම ඈත පිදුරුතලාගල කඳුවැටියයි, ග්‍රෙගරි වැවයි ලස්සනට පෙනුනා.
"ඔයාලගේ ගාඩ්න් එක හරි ලොකුයි නේ?" අපූර්ව කිව්වේ මම ඔහුව මගේ පුංචි පලතුරු වත්තට එක්ක යද්දි. ඒකෙ ස්ට්‍රෝබෙරි , පීච්, ඇපල්, පෙයාර්ස් (ගස් විතරයී­) ලොකට්, අලි පේරඹුල් පේර, බිම් චෙරි, ගස් තක්කාලි වගේම රුබාබ් පවා වවලා තිබුණා. හැබයි ගෙඩි හැදුනේ නම් පීච්, ස්ට්‍රෝබෙරි ගස් වල විතරයි තාමත්.
"අනෙ මගේ ස්ට්‍රෝබෙරි පඳුරු සේරම වල් වැදිලා"
මම කිව්වේ වල් පැලෑටි වලින් වැහුන ස්ට්‍රෝබෙරිපඳුරු දිහා බලලා.
"ඉතිං අපි වල් ගලවමු කෝ" අපූර්ව කිව්වේ මා අසලින්ම පත්තියට පාත් වෙන ගමන්.
ඊට පස්සේ අපි දෙන්නා වල් පැල ගලවලා, ස්ට්‍රෝබෙරි පාත්ති සුද්ද කරලා, පඳුරුත් සුද්ද කරලා ආයෙම හිටෙව්වා.ඒ ටික ඉවර වෙද්දි හවස් වෙලා සීතලේ බෑ. අපූර්වගේ දත් ටිකත් කට කට ගාලා ඒකට වදිනව.
"හපෝ...මීට කලින් මෙහේ ඇවිල්ලම නැද්ද?" මම ඇහුවේ ඔහුට හිනා වෙමින්.
"ආවට වතු වල වල් ගලවන්න නෙවෙයි නේ. හොඳ සැපට හීටරයක් දාගෙන ඇඳට වෙලා පොරවගෙන ඉන්න නේ"
අපූර්ව කිව්වේ පීච් ගහ යට බංකුවේ වාඩි වෙමින්. මමත් ඔහු ලඟින් වාඩි වුණා.
"හරි හරි" මම එහෙම කියලා ඔහුගේ උරහිසින් හිස තියා ගත්තා.
"කවුරු හරි ආවොත්?" එහෙම කිව්වේ අපූර්ව.
මම හිස උස්සලා ඔහු දිහා බැලුවා.
"ඔයා මොකද මේ මගේ දෙබස කියන්නේ?"
"කියන්නෙද? මට නුවර යනකල් ඔයා ලඟ ඉන්න ඕන නිසා"
ඔහු කිව්වේ මගේ ඇස් දෙක දිහා බලාගෙන.
"බයට නෙවෙයි?" මම ඇහුවා.
"මම බය නෑ.'ජබ් ප්යාර් කියා තෝ ඩර්නා ක්යා'" ඔහු අන්තිම ටික කිව්වේ තාලෙට.
"ඒ කිව්වේ?"
"ආදරේ කලා නම් බය වෙන්නේ මොකටද කියලා"
මම ඔහු දිහා බලගෙන හිනාවුණා.
ඔහු කලේ ඔහුගේ සීතල අතකින් යාන්තමත මගේ කම්මුලක් ස්පර්ෂ කරපු එක. මම ඒ පැත්තේ උරහිස හැකුලුවා.
"සීතල අතේ!"
මම එහෙම කියාගෙන නැගිට්ටා. ඇත්තටම ඒ අත අයිස් වගේ සීතල වෙලා.
ඔහු දඟයෙක් වගේ හයියෙන්ම හිනා වෙනවා.
"පිස්සා...එන්න යමු ගෙට තව සීතල වෙන්න කලින්"
මම ඔහුට අතක් පෑවා.
ඔහු මගේ අතට බර දීලා නැගිටලා මගේ ලඟට ආවා.
"මේ ගෙවෙන පුංචි මෝමන්ට්ස් වුනත් කොච්චර ලස්සනද?" ඔහු මට කිව්වේ මීදුම පැතිරෙන හාත්පස දිහා බලමින්.
"හ්ම්ම්. කවදාහරි අපට මේ දවස් මතක් වෙයි නේද?"
"අමතක වෙන එකක් නෑ, ඔයා මගේ ලඟ හිටපු හැම මොහොතක්ම වගේ මේකත්"
එහෙම කියලා අපූර්ව මා දිහාට හැරුණා. ඒ මූණේ තිබ්බේ මොකක්දෝ ගුප්ත හැඟීමක්, මම කවදාවත් දැකලා නැති. මම ඔහු දිහා බලන් උන්නේ කුතුහලෙන්.
"ඇයි මේ?" මම ඇහුවා.
'මුකුත් නෑ. නිකං. අපි යමු එහෙනම්"
ඔහු කිව්වාම මම ඉස්සර වුනා, ඔහුගේ අත අතනෑරම. ගෙදර පේන මානෙට ආවාම අපූර්ව මගේ අතින් ඇදලා මාව නැවැත්තුවා. ඔහු උන්නේ වත්තෙන් ගෙදරට නගින පඩිපෙල පාමුල. මම පඩි දෙකක් උඩ. මම ඔහු දිහා හැරිලා බැලුවා.
"ඇයි?" මම ඇහුවේ ආදරෙන්.
"ගේ ඇතුලට ගියාම අපි නන්නාඳුනන දෙන්නෙක් ගාණයි. ඒ නිසා මෙතනින් නැගලා, ඔයාව අතාරින්න මට ලෝබයි"
මම හිස ඇල කර ගත්තා.
"ඉතිං අපි දවසම මෙතන ඉන්නයැ?"
අපූර්ව මගේ අත හෙමිහිට ඇතෑරියා.
"ඔව්. ඒකත් ඇත්ත. අපිත් ඕන දේකට මූණ දෙන්න හිත හයිය කර ගන්න ඕන තමයි"
ඔහු කිව්ව කතාවේ අගක් මුලක් මට තේරුණේ නෑ. ඒත් මුකුත් ආයෙම අහන්න කලින් මල්ලිකා නැන්දා මතු වුනා පඩිපෙල මුදුනින්.
"මදෑ...මම ගේ පුරාම පොඩි නෝනවයි, මහත්තයාවයි හෙව්වා. තේ මේසේ ලෑස්තියි, එහෙනම් එන්න නෝනා තේ බොන්න"
 අපි දෙන්න ඉක්මණට උඩට නැගලා, අපූර්ව කිව්ව විදියටම අමුත්තෝ දෙන්නෙක් වගේ දුරස් වෙලා ගෙතුලට ගියා.
එදා දවස මුලදි තිබ්බ කනස්සල්ල අපූර්වත් එක්ක ගෙවුන විනාඩි කීපය නිසා බොහෝ දුරට තුනී වෙලයි තිබුණේ. ඒත් ඒ කොච්චර ටික වෙලාවකටද කියලා එවෙලේ මම දැනං හිටියේ නෑ.
අම්මා කෑම කන්න ලෑස්ති වෙද්දි අපි දෙන්නා සාලෙට ආවා.
"අපි යමුද අපේ ගාඩ්න් එකට?" මම අපූර්වගෙන් ඇහුවා.
"එළියේ සීතලයි නේ. මම තොප්පියක් දාගෙන එන්නම්"
ඔහු එහෙම කියලා උඩට ගියා. හොඳ වෙලාවට අයියාගේ ජර්සි, පුලෝවර් එහෙම අපූර්වට ඇති වුණා. ටිකකින් අපි දෙන්නා උන්නේ අපේ ලොකු වත්තේ ඇවිදිමින්.
අපේ ගෙදර්යි, වත්තයි පිහිටලා තිබුනේ කන්දක් උඩ. ඒ නිසා වත්තේ කෙලවරේ වවලා තිබ්බ සයිප්‍රස් ගස් පෙල ලඟට ගියාම ඈත පිදුරුතලාගල කඳුවැටියයි, ග්‍රෙගරි වැවයි ලස්සනට පෙනුනා.
"ඔයාලගේ ගාඩ්න් එක හරි ලොකුයි නේ?" අපූර්ව කිව්වේ මම ඔහුව මගේ පුංචි පලතුරු වත්තට එක්ක යද්දි. ඒකෙ ස්ට්‍රෝබෙරි , පීච්, ඇපල්, පෙයර්ස් (ගස් විතරයී­) ලොකට්, අලි පේර, අඹුල් පේර, බිම් චෙරි, ගස් තක්කාලි වගේම රුබාබ් පවා වවලා තිබුණා. හැබයි ගෙඩි හැදුනේ නම් පීච්, ස්ට්‍රෝබෙරි ගස් වල විතරයි තාමත්.
"අනෙ මගේ ස්ට්‍රෝබෙරි පඳුරු සේරම වල් වැදිලා"
මම කිව්වේ වල් පැලෑටි වලින් වැහුන ස්ට්‍රෝබෙරිපඳුරු දිහා බලලා.
"ඉතිං අපි වල් ගලවමු කෝ" අපූර්ව කිව්වේ මා අසලින්ම පත්තියට පාත් වෙන ගමන්.
ඊට පස්සේ අපි දෙන්නා වල් පැල ගලවලා, ස්ට්‍රෝබෙරි පාත්ති සුද්ද කරලා, පඳුරුත් සුද්ද කරලා ආයෙම හිටෙව්වා.ඒ ටික ඉවර වෙද්දි හවස් වෙලා සීතලේ බෑ. අපූර්වගේ දත් ටිකත් කට කට ගාලා ඒකට වදිනව.
"හපෝ...මීට කලින් මෙහේ ඇවිල්ලම නැද්ද?" මම ඇහුවේ ඔහුට හිනා වෙමින්.
"ආවට වතු වල වල් ගලවන්න නෙවෙයි නේ. හොඳ සැපට හීටරයක් දාගෙන ඇඳට වෙලා පොරවගෙන ඉන්න නේ"
අපූර්ව කිව්වේ පීච් ගහ යට බංකුවේ වාඩි වෙමින්. මමත් ඔහු ලඟින් වාඩි වුණා.
"හරි හරි" මම එහෙම කියලා ඔහුගේ උරහිසින් හිස තියා ගත්තා.
"කවුරු හරි ආවොත්?" එහෙම කිව්වේ අපූර්ව.
මම හිස උස්සලා ඔහු දිහා බැලුවා.
"ඔයා මොකද මේ මගේ දෙබස කියන්නේ?"
"කියන්නෙද? මට නුවර යනකල් ඔයා ලඟ ඉන්න ඕන නිසා"
ඔහු කිව්වේ මගේ ඇස් දෙක දිහා බලාගෙන.
"බයට නෙවෙයි?" මම ඇහුවා.
"මම බය නෑ.'ජබ් ප්යාර් කියා තෝ ඩර්නා ක්යා'" ඔහු අන්තිම ටික කිව්වේ තාලෙට.
"ඒ කිව්වේ?"
"ආදරේ කලා නම් බය වෙන්නේ මොකටද කියලා"
මම ඔහු දිහා බලගෙන හිනාවුණා.
ඔහු කලේ ඔහුගේ සීතල අතකින් යාන්තමත මගේ කම්මුලක් ස්පර්ෂ කරපු එක. මම ඒ පැත්තේ උරහිස හැකුලුවා.
"සීතල අතේ!"
මම එහෙම කියාගෙන නැගිට්ටා. ඇත්තටම ඒ අත අයිස් වගේ සීතල වෙලා.
ඔහු දඟයෙක් වගේ හයියෙන්ම හිනා වෙනවා.
"පිස්සා...එන්න යමු ගෙට තව සීතල වෙන්න කලින්"
මම ඔහුට අතක් පෑවා.
ඔහු මගේ අතට බර දීලා නැගිටලා මගේ ලඟට ආවා.
"මේ ගෙවෙන පුංචි මෝමන්ට්ස් වුනත් කොච්චර ලස්සනද?" ඔහු මට කිව්වේ මීදුම පැතිරෙන හාත්පස දිහා බලමින්.
"හ්ම්ම්. කවදාහරි අපට මේ දවස් මතක් වෙයි නේද?"
"අමතක වෙන එකක් නෑ, ඔයා මගේ ලඟ හිටපු හැම මොහොතක්ම වගේ මේකත්"
එහෙම කියලා අපූර්ව මා දිහාට හැරුණා. ඒ මූණේ තිබ්බේ මොකක්දෝ ගුප්ත හැඟීමක්, මම කවදාවත් දැකලා නැති. මම ඔහු දිහා බලන් උන්නේ කුතුහලෙන්.
"ඇයි මේ?" මම ඇහුවා.
'මුකුත් නෑ. නිකං. අපි යමු එහෙනම්"
ඔහු කිව්වාම මම ඉස්සර වුනා, ඔහුගේ අත අතනෑරම. ගෙදර පේන මානෙට ආවාම අපූර්ව මගේ අතින් ඇදලා මාව නැවැත්තුවා. ඔහු උන්නේ වත්තෙන් ගෙදරට නගින පඩිපෙල පාමුල. මම පඩි දෙකක් උඩ. මම ඔහු දිහා හැරිලා බැලුවා.
"ඇයි?" මම ඇහුවේ ආදරෙන්.
"ගේ ඇතුලට ගියාම අපි නන්නාඳුනන දෙන්නෙක් ගාණයි. ඒ නිසා මෙතනින් නැගලා, ඔයාව අතාරින්න මට ලෝබයි"
මම හිස ඇල කර ගත්තා.
"ඉතිං අපි දවසම මෙතන ඉන්නයැ?"
අපූර්ව මගේ අත හෙමිහිට ඇතෑරියා.
"ඔව්. ඒකත් ඇත්ත. අපිත් ඕන දේකට මූණ දෙන්න හිත හයිය කර ගන්න ඕන තමයි"
ඔහු කිව්ව කතාවේ අගක් මුලක් මට තේරුණේ නෑ. ඒත් මුකුත් ආයෙම අහන්න කලින් මල්ලිකා නැන්දා මතු වුනා පඩිපෙල මුදුනින්.
"මදෑ...මම ගේ පුරාම පොඩි නෝනවයි, මහත්තයාවයි හෙව්වා. තේ මේසේ ලෑස්තියි, එහෙනම් එන්න නෝනා තේ බොන්න"
 අපි දෙන්න ඉක්මණට උඩට නැගලා, අපූර්ව කිව්ව විදියටම අමුත්තෝ දෙන්නෙක් වගේ දුරස් වෙලා ගෙතුලට ගියා.
එදා දවස මුලදි තිබ්බ කනස්සල්ල අපූර්වත් එක්ක ගෙවුන විනාඩි කීපය නිසා බොහෝ දුරට තුනී වෙලයි තිබුණේ. ඒත් ඒ කොච්චර ටික වෙලාවකටද කියලා එවෙලේ මම දැනං හිටියේ නෑ.

1 comment:

  1. akki aththatama me kathawa kiyawanakota mamath kathwe kotasak wela eka diha balagena inna kenek wage ...really nice love story..... godaaak lassanai...issarahata kiyawanna nathi unama dukai eka nisa oyata puluwan hama welawakama liyanna..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....