Thursday, October 20, 2011

තිස් හතර වන දිගහැරුම


තවත් ඉවසන්න ම පුළුවන් වුණේ නැහැ. මම අඬාගෙනම අපූර්වට තුරුළු වුණා. අපූර්ව මාව තදින්ම වැලඳගත්තා. කඳුළු ඇවිත් තිබුණේ මගේ ඇස් වලට විතරක් නෙවෙයි කියලා මට තේරුණේ මගේ ගෙලේ පැත්තක් තෙත් කරපු අපූර්වගේ කඳුළු වල උණුසුම දැනුනාමයි. මට තව තවත් ඇඬුණා.
ඉතිං ගිනි කන්ද පිපිරුවා. දැන් මට මොකද වෙන්නේ? අපි වෙන් වෙමු කියන්නේ වචන දෙක තුනක් විතරක් වුණාට, ද්වසින් දවස, තප්පරෙන් තප්පරේ එකතු කරපු හීන සේරම ඒ වචන දෙක්ක තුන ලඟ සුනු විසුණු වුණ ඉක්මණ?  කවදාවත් මේ තරම් දුකක් මගේ හිතට දැනිලා තිබුණේ නැහැ. කවමදාවත්. මේ විදියට වෙන් වෙලා යන්න නම් අපි එකතු වුණේ මොකටද? ඇයි අපටම මේ දේවල් විඳවන්න වෙන්නේ? මට දාහක් දේවල් හිතුණා අපූර්වට වාරු වෙලා අඬන අතරේ. මං කොච්චර වෙලා ඒ විදියට අඬන්න ඇත්ද? අපූර් මොහොතකටවත් මාව අතාරින්න උත්සාහ කලේ නැහැ.  ඒත් අපි ඈත් වෙන්නම ඕන. ඒ ඈත් වීම සමහරවි ජීවිත කාලෙටම නේද කියලා මතක් වෙද්දි මට ඕන වුණේ නෑ අපූර්වගෙන් මිදෙන්න.
පිටත පරිසරය හොඳටම සීතලයි. ඒ සීතලත් අරන් ආපු හුලඟකට මං වෙව්ලලා ගියා.
"අපි ඇතුලට යමු"
කාමරේ ඇතුලට ඇවිත් අපූර්ව ලොකු ජනෙල් පලු දෙක වහලා දැම්මා. අපි අත්‍රේ ආයෙම අඩිගාණක දුරක් ඇති වෙලා. අපූර්ව මගේ ලන්ගට එන්න කලින් මම ඔහුට අවසරයක් නොදීම ගිහින් ආයෙම ඒ පපුවෙන් හිස තියා ගත්ත. මේ ඉන්න ටික වෙලාවේ ඔහුගෙන් අඟලක් වත් ඈත් වෙන්න මට හිත් දුන්නේ නෑ. ඒ අත් දෙකින් ආයෙම මාව ඔහුගේ සිරුරට තද වුණා.
"මට ඔයා නැතුව ඉන්න බෑ" මම කිව්වේ හෙමින්.
"මට පුළුවන් කියලද හිතන්නේ? ඔයව නොදැක මට එක මොහොතක් වත් ඉන්න බෑ. මමයි මුලින්ම ආදරෙයි කිව්වේ. මගේ හීන, මගේ බලාපොරොත්තු සේර තිබුණේ ඔයා වටා. ඒත්...අපි වෙන මොනවා කරන්නද?"
"අපි දුරස් නොවී ඉමු අපූර්ව"
"හිතින් නම් කවදාවත් දුරස් වෙන්නේ නෑ. ඒත් අපට එකතු වෙන්නත් බෑ නේද?"
ආයෙමත් ම ඇඬුම් ආවා.
"ප්‍රශ්ණයක් වෙනවා නම් වෙන්නේ මට. ඇයි ඔයා බය වෙන්නේ අපූර්ව?"
මම එහෙම ඇහුවාම අපූර්ව මගේ මූණට එබුණා.
"ඔව්. මං බයයි. මං බයයි ඔයාට ප්‍රශ්ණයක් වෙයි කියලා. මං බයයි මගේ වගේම තවත් දෙමව්පිය දෙන්නෙක් ගේ හිත් රිද්දන්න. මං බය මගේ ගැන නෙවෙයි, ඔයා ගැන. මම ගොඩක් හිතන නිසා ඔයා ගැන. මම නිසා ඔයාට ජීවිත කාලෙම විඳවන්න වුනොත් කියලා මං බයයි. ඇත්තතම"
අපූර්ව කිව්වේ මගේ හිසකෙස් අතරින් ඇඟිලි දුවවන ගමන්.
'අපට වෙන විසඳුමක් නැද්ද?"
"තියෙනවා. සේරම දාලා සුදීප අයියා වගේ පැනලා යන එක. මට ඔයාව මේ දැන් වුනත් මගේ ගෙදරට ගෙනියන්න පුළුවන්. ඒත් ප්‍රශ්ණේ ඒක නෙවෙයි, ඔයාට එන්න පුලුවන්ද කියන එකයි. මම එන්න කිව්වොත් ඔයා එනවද?"
මම හුස්මක් ගත්තා අමාරුවෙන්. මට කීයටවත් එහෙම කරන්න බෑ.
මම ඒ නිසාම උත්තරයක් දෙන්න ගියෙත් නෑ.
"ඔයාට බැහැ, මං ඒක දන්න්වා. ඔයා කවදාවත් හිතන්නෙපා මම ඔයාව මගාරින්න හදනවා කියලා" එහෙම කියපු ඔහු මගේ මූණ දෝතින්ම උස්සලා මගේ ඇස් වලට එබුණා.
"මං ඔයාට ආදරේ තරම් ඔයාට හිතා ගන්නවත් බෑ. ඒක දන්නේ මගේ හිත විතරමයි. ඒත් මම කොහොමද ආත්මාර්ථකාමී වෙන්නේ,දුක් කන්දරාවක් උහුලන් ඉන්න ඔයාගේ අම්මයි, ආයේමත් හිත කැඩුනොත් මොනවා වෙයිද  කියලා හිතන්න බැරි ඔයාගේ අප්පච්චියි ගැන හිතද්දි? ඔයාව මෙච්චර හොඳට බලා ගත්තු ඒ දෙන්න ඔයාට නරකක් කරන්නේ නෑ. ඒක විතරමයි මට සැනසෙන්න පුළුවන් එකම දේ"
අපූර්ව ආයෙමත් ඔහුගේ පපුවට මගේ හිස තද කර ගත්තා.
මොනවා කියන්නද කියලා මට මතක් වුණේ නැහැ. අම්මාටයි, අප්පච්චිටයි මම ගොඩාක් ආදරෙයි. ඒ වගේම අපූර්වටත් මම ගොඩාක් ආදරෙයි. ආදරේ තරාදියක දෙපැත්තේ දාලා කිරන්න බෑ. ආදරේ කියන්නේ ආදරේම තමයි. මට මේ එක්කෙනෙක්වත් අතාරින්න ලෝබයි. ඒත් කවුරුහරි අතාරින්නම වෙනවාමයි.
"ඔයා මට කියන්න ආවෙ මොකක්ද?"
අපූර්ව අහනවා.
මම කියන්න ආවෙත් අපූර්ව මට කියපු දේම නෙවෙයිද?ඒත් ඔහු ඉස්සර වුණා. දැන් අයි මට 'අපි වෙන් වෙමු' කියන්න ලෝබ කමක් දැනෙන්නේ? මම හිත තද කර ගත්තා.
"මට කියන්න තිබ්බ දේවල් සේරම ඔයා කිව්වා අපූර්‍රව. වෙන කරන්න කිසිම දෙයක් නෑ, මේ ඇරෙන්න. ඇත්තටම...අපි...වෙන්වෙමු..."
අපූර්ව ඔහුගේ ග්‍රහනය තද කලා. මම තවත් ඒ සිරුරට තෙරපුණා. එහෙම කලේ මාව අතාරින්න ලෝබකමට බව මම දන්නවා. ඒත් තව මොහොතකින් අපිට වෙන් වෙන්නම වෙනවා. මගේ ඇඬුම් අලුත් වුණා.
"මාව ඔයාට අමතක වෙයිද?" අපූර්වගේ හඬත් ඇඬුම්බර වෙලා.
"මගෙන් ඔහොම අහන්න එපා අපූර්ව. ඔයා දන්නවා ඒකට උත්තරේ හොඳටම"
මම ඇස් පියා ගත්තා. ඒත් කඳුළු නතර වුණේ නැහැ.
"ඔව්. ඔයා හැමදේම අමතක කරලා දාන්න. එතකොට හිත හදා ගන්න ලේසි වේවි"
මේ කතා කරන්නේ මගේ අපූර්වමද කියලා මට අදහාගන්න බැරි වුණා. මම ඔහුගෙන් ඈත් වෙලා ඒ මූණට එබුණේ ඒකයි.
"අපි සදහටම වෙන් වෙනවද?"
"කව්දා හරි එකතු වෙන්න පුළුවන් නම් අපි වෙන් වෙන්න ඕන නෑ නේද?"
එච්චරයි. ඉතිං අපි වෙන් වෙන්න යන්වා හැමදාටම.
"ඔයා මාව අමතක කරන්නද යන්නේ අපූර්ව?" මම ඇහුවේ ඔහුගෙන් තවත් අඩියක් ආතට වෙමින්.
අපූර්ව මට උත්තරයක් දෙන්න කල් ගත්තා.
"ඔයා මාව දුර්වල කරනව මෙත්මා. මං කොච්චර අමාරුවෙන්ද මේ තීරණේ ගත්තේ. ඔහොම අහලා මාව පව්කාරයෙක් කරන්න හදන්න එපා"
ඔහු මගේ අසලට ආවා ආයෙමත්.
"මෙහෙම කරන්න මට ආදරේ කලේ ඇයි අපූර්ව? ඇයි?"
මම අත් දෙකේ මූණ හංගගෙන අඬන්න පටන් ගත්තා ආයෙමත්.
"හැමදේම කරන්නේ ඔයාට ආදරේ නිසා මිස ඔයාව එපා නිසා නෙවෙයි මගේ රත්තරං"
අපූර්ව ආයෙමත් මාව වැලඳගත්තා. වේදනාවෙන් හිත ඔද්දල් වෙලයි තිබුණේ. ආයෙමත් විනාඩි කීපයක් අපි නිහඬව උන්නා. අප්පච්චි, අම්මා වෙනුවෙන් මේ තීරනේ ගන්නම වෙන බව මම මතක් කර ගත්තා. වෙන කරන්න දෙයක් නෑ. හර්ෂි අක්ක වගේ මටත් වෙන්නේ ඒ අයගේ සතුට වෙනුවෙන් මගේ සතුට පරිත්‍යාග කරන්න.මම ආයෙමත් හිත තද කර ගත්තා.
"මං එහෙනම් යන්නද අපූර්ව?"
මම ඇහුවේ ඔහු ලඟ ඉන්න ඉන්න මගේ හිත ඔහුගේන් මුදා ගන්න තවත් අමාරු වෙන හන්දයි.
"ඔයාට යන්න කියන්න මට බෑ මෙත්මා..."
"ඒත් මම යන්නම ඕන නේ කීයටහරි"
අපූර්ව පාත් වෙලා මගේ නලලත ඉම්බා. මගේ ඇස් පියවුණෙත්, කඳුළු බිංදු දෙකක් පිට පැන්නෙත් එකට.
"ඔයා කොහොමද ඔය තරම් අඬන්නේ? ප්ලීස් අඬන්න එපා. මට ඔයාගේ කඳුළු බලන්න බෑ. ඔයා සතුටින් ඉන්න ඕන කොහේ හිටියත්"
"එතකොට ඔයා?"
"මට දුකයි. ගොඩාක් දුකයි. ඒත් මේ විදිය හොඳයි. දුක ඉතිරි වෙන්නේ අපට විතරයි, වෙන කාටවත් දුකක් නෑනෙ. මං සතුටින් ඉන්න උත්සාහ කරන්නම්. බට් අයි කාන්ට් ප්‍රොමිස් යූ"
මම තාමත් එකට වෙලිලා තිබුණ අපේ අත් දිහා බැලුවා. තව ටිකකින් මේ අත් ගිලිහෙයි. අපි හැමදාටම වෙන් වෙයි. හිතට දැනුන සංතාපය මෙච්චරයි කියලා කියන්න බෑ. ඒත් තවත් අඬලා අපූර්වත දුක් දෙන්න මට ඕන වුණේ නැහැ.
"ම්ම්..හොඳට ඉගෙන ගන්න අපූර්ව. මමාටයි, ඩැඩාටයි දැන් ඉන්නේ ඔයා විතරනේ. මතකනේ අපේ බාරේ, දළදා හාමුදුරුවන්ට වුණ? මම නැතත් විභාගේ පාස් වුනාම ඔයා ඒක ඔප්පු කරන්න. ජිවිතේ අවුල් කර ගන්න නම් එපා. එහෙම වුනොත් කාටත් වඩා දුක හිතෙන්නේ මට"
මම බොහොම උපේක්ෂාවෙන් හිත දැඩි කරගෙනයි උන්නේ. අපූර්ව තදින්ම මගේ අත මිරික ගත්තා. මට රිදුනත්, ඒ මගේ හිත තරම් නෙවෙයි.
"නුවර හැම අඟලක් ගානෙම මට ඔයාව මතක් වෙයි. නෑ හැම තප්පරේකම මතක් වෙයි, ඔයාමගේ හිතේ ඉන්න නිසා.මතක් කරන්න දෙයක් නෑ"
අපූර්ව මට හිත දැඩි කර ගන්න දෙන්නෙම නෑ.
"මං ඔයාගේ ජීවිතේ අවුල් කලා මල්ලී..."
අපූර්ව හිස වැනුවේ වේදනාවෙන්.
"ප්ලීස් ඔහොම මට කතා කරන්න එපා. මට දරා ගන්න බෑ. මං අපූර්ව විතරයි. ඔයාගේ අපූර්ව. මල්ලී නෙවෙයි...නෙවෙයි"
අපූර්ව කිව්වේ මගේ මූණඑබිලා.
"දැන්වත් මම යන්නම් අපූර්ව. තවත් ඉන්න ඉන්න හිත් පෑරෙන එක විතරමයි වෙන්නේ"
"ජීවිතේ මම හිතුවට වඩා ගොඩක් ලස්සන බව මම දැක්කේ ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ. මට ඒ අතීතෙන් මිදෙන්න බෑ. ඒත් ඔයාගේ අනාගතේට මම එන්නේ නෑ මෙත්මා. මට ඒකට වාසනාවක් නෑ"
ආයෙමත් මට ඬෙන්න ලං වුණා.
"මට යන්න දෙන්න"
මම අත ඇද්දා. ඒත් අපූර්ව ඇතෑරියේ නෑ.
"මට යන්න දෙන්න" මං බැගෑපත් වුණා.
"මට ආදරේද?" අපූර්ව එකපාරටම එහෙම ඇහුවා.
මට දැනුනේ හදවත නැවතුනා වගේ.
"අදවත් මට කියන්න"
මම ඉක්මණට ඇසිපිය සැලුවා.
"ආදරෙයි... ආදරෙයි... ආදරෙයි..." හිර කරගෙන උන්නු හැඬුම පිට පැන්නා.
අපූර්ව මගේ අත අතෑරියා. එක පාරටම මේස ලාම්පුවත් නිවුණා. හරියට අපේ ආදරේ පහන් සිල වගේ.
"ඔයාට විතරයි අපූර්ව. ඔයාට විතරක් මං ආදරෙයි ගොඩාක්. ආදරෙයි"
මම එහෙම කියලා ඔහුගෙන් වෙන් වෙලා දුවගෙන ආවා.

7 comments:

  1. අනේ දුකයි....

    ReplyDelete
  2. akki mate me kathawe hambune iye rae ahaben,,, oya harima lassanate kathawe liyanewa,, mame danete me methamge thathwe inne kenek,, matath methma wageme theeranayakate enne wenewa kiyala hame raekama nindate yanekotath ude nagitinekotath mathak wenewa,, meka hariyate mageme kathawe wage,, kotas wela podi podi wenas kam tikak karoth mageme wey,, wish you all the luck akki,, keep writing,, am waiting to read another post of this story,, so pls ikmate post ekak danne hode ,, thank you.

    ReplyDelete
  3. @ Glimmer Girl: අනේ...මට ඔයා ගැන හරිම දුකයි නංගෝ. මේ කතාව ලියද්දි මෙත්මා තුල ජීවත් වෙන මට ඔයාගේ ත්ත්වේ හිතා ගන්න අමාරු නෑ.
    මම ප්‍රාර්ථනා කරනවා ඔයාට කවදාහරි ඔයා ආදරේ කරන දේ ලැබේවා කියලා...අද සිද්ධ වෙන දේවල්,සමහරවිට අනාගතේදී ඔයාට හොඳ විදියට බලපාන්නත් පුලුවන් නේ...
    හිතට කඩාවැටෙන්න දෙන්න එපා...ඇත්ත ආදරේ කවදාහරි ජයගන්නවාමයි

    ReplyDelete
  4. සන්තාප මාවතේ සංවේදනා මැඳුරේ
    සංවේගයෙන් දන්වා සිටිම්
    වෙන්වීම මා ඇගෙන්

    තරුවක් ලෙසින් වැලපී හඞා රැයේ
    දැරියක් හිදී තනිවී දෙමංතලේ
    නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
    හඞගා කියයි නටඹුන් අතීතයේ

    හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ
    සිහිලැල් සිඳී හද විල් තලේ මගේ
    සඳ තාරකා අදුරේ ගිලී ගියේ
    ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ

    සන්තාප මාවතේ...

    ReplyDelete
  5. Thanks a lot akki, oyage wachana tike mage hithete saneepayak.. bohoma pin :) ane digateme liyane hode,, nawathane epaaaa... mage jeewithe wage dan me kathawe :)

    ReplyDelete
  6. aneee manda akki oya kohomada meka mechchara hodata liyane kiyala...............godak feel venava e duka....apoorvata danena duka athatama danenava..mata una vage.oya e tharam hodata meka liyala...api eke jiivavath wenava akki

    ReplyDelete
  7. අනේ අවසානෙ මොනවා වෙයිද !! ලස්සන අවසානයක් නැති වෙයිද ?

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....