Sunday, October 16, 2011

නෙතුගෙන්,

මම නුවර එහේ මෙහේ ඇවිදිද්දි, මාලිගාව ලඟින්, ක්වීන්ස් එක ලඟින් යද්දි, මට අපූර්වයි, මෙත්මාවයි මතක් වෙනවා... ඒගොල්ලෝ ඇත්තටම ඉන්නවා කියලා මට හැඟෙනවා...මම ඇවිදන් යද්දි සමහරවිට කොහෙන් හරි අපූර්වයි මෙත්මායි මතු වෙයි කියලා මට හිතෙනවා....

ඒ තරම්ම මේ කතාව සජීවීව මට දැනෙනවා...මම ලියද්දි ඒ අය තුල මම ජීවත්වෙනවා වගේ මට දැනෙනවා...
 ඒ සමහරවිට මම හැමදාම ඔයගොල්ලෝ වෙනුවෙන් මේක ලියන නිසා වෙන්න ඇති. 

මේක ලියන එක මගේ ඒකාකාරි, අවිවේකී ජීවිතේට අස්වැසිල්ලක්...මේ කතාව කියවමින් ඒකට හවුල්කාරයෝ වෙන ඔයාලට ගොඩක් ස්තුතියි....

5 comments:

  1. මේ වගේ ලස්සන කතාවක් ලියන එක ගැන ඔයාටත් හොදක් ස්තුතියි අක්කි ..

    ReplyDelete
  2. ඔව්..මමත් මේ කතාව ලගකදි අහම්බෙන් දැක්කෙ..එදා ඉදල ගොඩක් ආසයි මේක කියවන්න..ඔයා ලස්සනට ලියනවා.ඔයාට කතාවෙ ජීවත් වෙද්දි අකුරු වලට පෙරලන්න පහසුයි..එහෙම තමා හොද ලේඛිකාවක් වෙන්නෙ..:)

    ඔයාට මම මගේ මුලු හදවතින්ම සුභ පතනවා..හැමදාම ලියන්න..

    ReplyDelete
  3. //ඒ තරම්ම මේ කතාව සජීවීව මට දැනෙනවා...මම ලියද්දි ඒ අය තුල මම ජීවත්වෙනවා වගේ මට දැනෙනවා...
    ඒ සමහරවිට මම හැමදාම ඔයගොල්ලෝ වෙනුවෙන් මේක ලියන නිසා වෙන්න ඇති. //

    ලියන ඔයාට විතරක් නෙමේ කියවන මටත් මේ කතාව සජීවී බව දැනෙනවා... මොකද කියවද්දි ඒ අය තුල මමත් ජීවත්වෙනවා වගේ මටත් දැනෙනවා... හරියට අපුර්වයි මෙත්මායි ලගින්ම ඉදන් ඒ දෙන්නා දිහා බලන් ඉන්න කෙනෙක් වගේ....
    ඒ හින්දම ඔයා ලියන මේ කතාව හැමදාම කියවන්නත් මම බලාන ඉන්නවා....

    හරිම ලස්සනට නිර්මණශීලීව මේක ලියලා තියනවා. විශිෂ්ඨයි.
    ---------------
    ලියන කෙනා එහි හොද නරක හැම වේලේම comment වලින් බලාපොරොත්තුවෙනවා.කවදාහරි කතාව ලියලා ඉවර වුනාම ඔයාට comment කරලා කියන්න හිටපු දේ මම අද කියන්නම්. "ඔයාට හොද ලිවීමේ හැකියාවක් තියනවා. ඔයාට මේ කතාව පොතක් විදිහට ප්‍රකාශය පත් කලොත් හොද ප්‍රතිචාර ලැබේවි. ඒ නිසා පුලුවන්නම් මේ කතාව පොතක් විදිහට ප්‍රකාශය පත් කරන්න."

    ReplyDelete
  4. මම දන්නෑ මොනවා කියන්නද කියලා...මේක මුලින් ලියද්දි මම කවදාවට් හිතුවේ නෑ මේ තරම් කතාවට කැමති අය ඉඳිවි කියලා. ඔයාලා හිතනවා නම් මේ කථාව ප්‍රකාශයට පත් කලොත් හොඳයි කියලා මම හිතනවා එහෙම කරන්න ඉදිරියේදි මට පුලුවන් වෙයි කියලා.
    ඔයාලගේ මේ වචන...මේ ආදරේ මට ගොඩක් වටිනවා..ඇත්තමයි...

    ReplyDelete
  5. aththatama hugaaaaaaaak lassna kathawak.....oya eka harima sajiwi wididyta liyanawa akki..... ane nawattnne nathuwa digtama liynnako...api balan innawa....

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....