Friday, October 7, 2011

ආදරණීය අපූර්ව...

පිච්ච මල් සුවඳක් වෙලා- සීත සුලඟේ දැවටිලා
මගේ කුටියට පාව එනු මැන
සුහද ඔබ කාටත් හොරා...
ප්‍රේමයේ මුතු අමුණලා- පාට පදවැල් ගලපලා
නුඹේ සෙනෙහෙන් තාල වැයෙනා
ජීවිතේ කවියක් වෙලා...
ආදරේ දෝතින් දරා
දුන්නු දා සිට පවරලා
මට පවා මා අයිති නැත දැන්
මගේ දිවියත් නුඹෙ වෙලා...

මෙත්මා

4 comments:

  1. මේක නම් ලිවේ මම...ගීතයක කොටසක් නෙවෙයි...
    :)

    ReplyDelete
  2. පස්ට විභාග ලං වෙලා...ඒත් මේකම කියවන්න ආවා

    ReplyDelete
  3. U have Creative mind nethu akki!

    ReplyDelete
    Replies
    1. Thank you malli...thanks for all your comments. Tue as u said there is no age restriction when it comes to love..
      Love is love!

      Delete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....