Wednesday, November 9, 2011

මෙත්මා...

මගෙ සිත නිදි නෑ
නිදි දෙව් දුවණී
නින්දත් අරගෙන යන්න ගිහින්

අහසේ සඳ නෑ
කළුවර විතරයි
තරු කැට වලටත් නින්ද ගිහින්

තනිකම තනියට
එන්න අහනවා
නුඹ නැති සිත පුරවන්න හිතන්

මෙතරම් නුඹ හට
පෙම් බැඳි මා හැර
යන්න ගියේ නුඹ කිම්ද කියන්?

1 comment:

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....