Thursday, November 17, 2011

ඔබ හීනයක් වගේ- අවසාන කොටස :)


ඊට පස්සේ කොච්චර දේවල් වුණාද? අපේ ගෙදර මීමැසි ගුලක් වගේ කලබල වෙලා. පුංචම්මයි, හර්ෂි අක්කයි ආවේ දවස් දෙකකට කලින්. ඒ හැමෝම මේ ලොකු වැඩේට හරි හරියට ලෑස්ති වෙනවා. මම හිටොයේ අන්ද මන්ද වෙලා. මේ හැමදේම මෙච්චර ඉක්මණත වේවි කියලා කවුද හිතුවේ?
එදා උදේ වෙද්දි ගෙදරට කට්ටිය එන්නත් පටන් ගත්තා. අපේ ලඟම  නෑයෝ, අප්පච්චිගේ කිට්ටුම හිතවතුන් කීපදෙනෙක් හෙම. මෙ අසේරම් දකිද්දි මම තව තවත් නොසන්සුන් වුණා. ඇඳේ වාඩි වෙලා මම කල්පනා කලේ මම අද දවසට කොහොමද මූණදෙන්නේ කියලා.ඇඳුම්, ආභරණ මගේ ඇඳ උඩ ගොඩ ගහලා. මොනා තෝර ගන්නද කියලා මටම හිතා ගන්න බැරි වුණා. දෙයියනේ මේ ලඟක් වෙනකල්ම අපූර්වට පෙම් බැන්ද මම හදිසියේම විවාහ වෙන්න යනවා. මේක ඔහු කොහොම බාර ගනීවිද කියලා මම දැනගෙන උන්නේ නෑ.
පුතේ ඇඳගන්න කලින් ඇවිත් මොනා  හරි කන්නකෝ" එහේ මෙහ දුවමින් උන්නු පුංචම්මා මගේ කාමරේ ලඟ නැවතිලා කිව්වා. මම පහලට බැස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා.
""මොකද මේ අනද මන්ද වෙලා? ඔච්චර බය වුනොත් මදෑ. අද තියෙන්නේ රෙජිස්ට්‍රේෂන් එක විතරයි. ඔයාව අදම කැන්දන් යන්නේ නෑ" ආච්චි මම්මා හිනා වෙනවා.
ආච්චි මම්මට නම් මොකද, බඳින්න යන්නේ මම නේ.
මම අමාරුවෙන් කිරිබත් කෑල්ලක් ගිල ගත්තා. කොහොමත් මට කන්න පිරියක් තිබ්බේ නෑ.
"ඔය කාලා ඉවර? කෝ බලන්න...දැන් බය වෙන්න එපා. ඔයාගේ අප්පච්චි ඔයාව බලගත්තා වගේ, මාව බලා ගත්තා වගේ, එයාත් ඔයාව හොඳට බලාගන්න බව මට විශ්වාසයි" එහෙම කිව්වේ මගේ ලඟට ආපු අම්මා.
මම ඉඳගෙනම අම්මට තුරුල් වුණා.
"මං දන්නෑ අම්මේ...මට මේ මොනවත් හිතා ගන්න බෑ"
අම්මා මගේ හිස අතගෑවා.
"එහෙනම් ඔයා උඩට ගිහින් ලෑස්ති වෙන්න" අම්මා ඊට පස්සේ මට කිව්වා.
මම සාලෙන් යද්දි අප්පච්චි ආපු ආය්ත් එක්ක සතුටු සාමිචියේ යෙදෙනවා."රෙජිස්ට්‍රේෂන් එක අරන්, ඒ පුතාගේ ඩිග්‍රිය ඉවර වුණාම වෙඩින් එක ගන්න පුලුවන් නේ. ඒකයි අපි එහෙම කතා කරගත්තේ. කොහොමත් ඉතින් බඳින එකනේ. අද කලාම මොකෝ, හෙට කලාම මොකෝ" අප්පච්චි ආපු යාලුවෙක්ට පැහැදිලි කරනවා.
"ඔයා ඉන්නේ බය වෙලා නේද?" මට අඳින්න සහාය වෙන්න ආපු හර්ෂි අක්කා මට කතා කරන්න මොහොතක් නැවතුණා.
"බය වෙන්නේ නැද්ද මෙහෙම දේවල් වෙද්දි?"
"ගණං ගන්න එපා...සේරම හරි යයි"
"ඒ වුණාට මට මොකක්ද වගේ? අනේ මට යන්නත්  බෑ වගේ අක්කා. මෙච්චර ඉක්මණට බඳින්න...අනේ මන්දා" මම කිව්වේ අක්කා මට ඔසරිය අන්දවන්න එහා මේහා හරවද්දි.
"හා හා මේ...ඔයා නිකන් අර රන් අවේ බ්‍රයිඩ් එකේ ජූලියා රොබර්ට්ස් වගේ වැඩ කරන්නද යන්නේ? මේ පාර නම් මේකෙන් පැනලා යන්න බැරි වෙයි.දැන් කෙලින් ඉන්න මේ රැලි හදන්න"
තව පැය කීපයක් ගෙවිලා ගිහින්, ඔන්න නැකැත් වෙලාව ලං වුණා. හර්ෂි අක්කා මාව හැඩ වැඩ කලාට පස්සේ මම පහලට බැස්සේ ගැහි ගැහී. මුලින්ම අම්මටයි, අප්පච්චිටයි වඳිද්දි මගේ ඇස් වලට කඳුළු පිරුණා. ඒ අයගෙත් ඇස් වල කඳුළු තිබ්බ බව මම නැගිටිද්දි දැක්කා. හැමෝටම වැඳලා අන්තිමට මම ගියේ පුංචම්මා ලඟට. ඈ මාව වැලඳගෙන සිප ගත්තා. අයියාත් උන්නේ ගොඩක් හැඟීම්බර වෙලා.
"එදා මා එක්ක බට්ටා පැනපු, එල්ලේ ගහපු, රණ්ඩු කරපු පුංචි කෙල්ලමද කියලා හිතෙනවා පැංචියෝ.."
අයියා කිව්වේ මගේ නලල ඉඹලා.
"මනමාල මහත්තායා ඇවිත් වගේ...නැකතට තව විනාඩි දහයක් විතර තියෙනවා. ඒ වුනත් අපි ඒ පැත්තට යමු නේද?"
සීයා පප්පාගේ මල්ලි, සීයා බාප්පා අප්පච්චිට කිව්වා.
මගේ හදවත ඔන්න දඩ දඩ ගාලා ගැහෙන්න ගතා. දොර දිහා බලන්න බැරි ගතියකුයි මට දැනුනේ.මම අප්පච්චිගේ අතේ එල්ලුණා. අප්පච්චි එක්ක ලියපදිංචි කරන තැනට යද්දි මට මතක් වුණේ ඉස්සරෝම දවසක අපූර්වයි මායි පල්ලි ගිය හැටි. ඒ අතීතේ මගේ ඇස් ඉස්සරහා මැවිලා පෙනුනා.
'තාත්තගේ අතේ එල්ලිලා බ්‍රයිඩ් එනවා...හෙමිහිට සෙනග මැදින් ඇවිදගෙන...ග්‍රූම් අල්තාරේ ලඟ හිටගෙන ඉන්නවා..."
"බ්‍රයිඩ් දිහා හැරිලා බලන්න බෑ...එතකොට අන්ලකී ලු.."
මගේ ඇස් වලට ආයෙමත් කඳුළු පිරුණා. මේ අපේ හීනේ  නේද?
මට හිස උස්සලා මනමාලයා දිහා බලන්න පුලුවන් වුණේ  නෑ. මම අප්පච්චිගේ අත බදාගෙනම නැවතුණා.
"දෙන්නම මෙතනට දැන් ආවා නම් හරි..." රෙජිස්ට්‍රාර් නෝනා අපට කිව්වා. අප්පච්චි මගේ අත මුදවලා මාව එතනට යැව්වා. ගෙදර හැමෝම අපි වටේට හිටගෙන. මම උන්නේ හොඳටම ගැහෙමින්, බිම බලාගෙන. කලුපාට කෝට්, කලිසම් ඇඳලා, උන්නු ඔහු යන්තම් හැරිලා මගේ දිහා බැලුවා. හද ගැස්ම තව තවත් වැඩි වෙන්න ගත්තා.
"මට පොඩි දෙයක් කරන්න ඕන, බඳින්න කලින්. මට එහා පැත්තේ උන්නු ඔහු එකපාරටම කිව්වා. මට දැනගන්න ඕන මෙත්මා මාව බඳින්න කැමතිද කියලා මුලින්ම..."
රෙජිස්ට්‍රාර් නෝනා අප්පච්චි දිහා බැලුවෙ පුදුමෙන්.
 "මනමාලි කැමති නැද්ද?"
"ඕන එකක් කරන්න දෙන්නකෝ මිසිස් රත්නපාල" අප්පච්චි කිව්වේ හිනා වෙවී.
"මෙත්මා..." ඔහු මාව ඔහුගේ පැත්තට හරවගත්තා. ඊට පස්සේ සාක්කුවෙන් මුදුවක් දාපු පෙට්ටියක් එලියට ගත්තා. ඒකේ තිබුනේ සුදු පාට ගලක් අල්ලපු චාම් ඒත් ලස්සන මුද්දක්. මම තාමත් ගහෙනවා. මෙයා මොන පිස්සුවක් නටනවද මන්දා?
ඊලනගට ඔහු එක දනහිසක් බිම තියලා මගේ ලඟ දණගහ ගත්තා. මම ඔහු දිහා බැලුවේ ලැජ්ජාවෙන් මිරිකෙමින්.
"මෙත්මා...විල් යූ මැරී මී?" ඔහු අහුවේ පුරුදු දයාබරත්වයෙන්.
මම ඇස් අගින් වට පිට බැලුවා. හැමෝම හිනා වෙනවා.
"සේ යර්ස්..." කවුදෝ කියනවා මට ඇහුණා.
"විල් යූ?" ඔහුගේ ඇස් වලින් ආදරෙ උතුරනවා.
"නැකත පහු වෙනවෝ ඉක්මණට කියන්න ඉන්දී.." ඒ නම් හර්ෂි අක්කා.
"අනේ නැගිටින්නකෝ..." මම හෙමින් ඔහුට කිව්වා. වටේම අය බලන් උන්න නිසා මට දැනුනේ පුදුම ලැජ්ජාවක්.
"විල් යූ?"
ඔහු අහන පාටක් නෑ. මම ඇස් පියා ගත්තා.
"යස්...." ඇස් ඇරලා ඔහුගේ දෑස් දිහා බලාගෙන මම කිව්වා.
"හුරේ..." ඒ නම් හර්ෂි අක්කාමයි. හැමෝම අත්පුඩි ගැහුවා හෙමිහිට.
මගේ අත මුදුවට අල්ලගෙන මුදුව ඇඟිල්ලට දාපු අපූර්ව මගේ මූණට එබිලා හිනා වුණා.
"ඔයා මගේ..."
"දැන්වත් පටන් ගමුද? එහෙම ඇහුවේ රෙජිස්ට්‍රාර් නෝනා.
අපි දෙන්නම ආයෙමත්  මේසේ අසලට ගියා. ඊට පස්සේ සිද්ධ වුණ හැමදේම හරියට හීනයක් වගේ...
"...මෙත්මා ඉන්දීවරී ජයමන්න යන අය නීතියේ හැටියට සරණපාවාගත් මාගේ භාර්යාව වශයෙන්...." අපූර්ව ඒ ටික කියද්දි මා දිහා බැලුවා. සතුට වැඩි කමට මට ඇඬෙන්න වුණා.
දුක් විඳලා, හිත් රිද්දෝගෙන, අඬලා, අමාරුවෙන් රැක ගත්තු මගේ ආදරේ...අපූර්වගේ ආදරේ...අපේ ආදරේ... ඔන්න ඔය විදියට ඇත්තටම අපේ වුණා. මේ ආදරේ නිසා අපි දෙන්නා මොන තරම් විඳවන්න ඇත්ද? ඒත් ඒ හැම තප්පරේකටම හරියන්න දැන් අපි මුළු ජීවිතේටම අපේ වෙලා. අන්තිමට රෙජිස්ට්‍රාර් නෝනා විවාහ සහතිකේ මට දීලා අපේ අනාගතේට සුබ පැතුවා.
ඊට පස්සේ මම දුවලා ගියේ අප්පචි ලඟට.
"දැන් ඔයා අපට අයිති බාගයයි. අනික් බාගේ අයිති මෙයාට" අප්පච්චි අපි ලඟට ආපු අපූර්වගේ උරහිසින් අතක් තියලා කිව්වා.
මගේ රත්තරං අප්පච්චි. කොච්චර නම් මං ගැන හිතලද? කොයි තරම් හොඳට මාව තේරුම් අරගෙනද? ඊලඟට එතනට ආපු අම්මත් මාව ඉඹලා තුරුල් කර ගත්තා.
"හැමදාමත් ඔයාගේ සතුට තමා පුතේ අපේ සතුට..." අප්පච්චි කිව්වා.
"මගේ කෙල්ලව ඔයාට තරම් හොඳින් වෙන කාටවත් බලාගන්න බෑ කියලා මම දන්නවා පුතේ" අම්මා අපූර්වගේ හිස අතගාලා කිව්වා.
ඊට පස්සේ ගෙදර පාටිය පටන් ගත්තා. යන්තම් කාලා මායි අපූර්වයි එලියට ආවා අනික් අයට හොරෙන්ම.
"ඔන්න දැන් ඔයා මගේ හැමදාටම" අපූර්ව කිව්වේ සැහැල්ලුවෙන්.
අපි දෙන්නා අපේ වත්තේ කෙලවරට ඇවිදගෙන ආවා. යාන්තම් වැටුන ආවා, මීදුම, පිදුරුතලාගල කඳු වැටිය...මේ සේරම දිහා මං බලාගෙන උන්නේ ආසාවෙන්...'යාලුවනේ...මගේ ආදරේ මට හම්බවුණා' කියලා කෑ ගහලා ඒ දේවල් වලට කියන්න මට හිතුණා...
"මං කවදාවත් වෙන කාගෙවත් වුණේ නෑ අපූර්ව..."
"ඒක් මං දන්නවා රත්තරං..." අපූර්ව කිව්වේ එක අතකින් මාව ඔහු වෙත තුරුල් කර ගන්න ගමන්.
"මං  කවදාවත් හිතුවෙ නෑ අප්පච්චි අපට කැමැත්ත දේවි කියලා"
"මාත් හිතුවේ නෑ. ඒත් අප්පච්චි කෙලින්ම ඇවිත් අපේ මමායි, ඩැඩායි එක්ක කතා කලා. ඔයා මට ආදරේ වග, හිතින් විඳවන වග...අප්පච්චිට ආදරේ වග මේ සේරම අප්පච්චි දැනගෙන හිටියා..."
"මගේ රත්තරං අප්පච්චි..." මම කිව්වා.
අපූර්ව හිනා වුණා සෙනෙහසින්.
"ඉතින් මැණිකේ...එහෙනම් කියමුකෝ බලන්න..." අපූර්ව කට හදලා කිව්වා.
මම ඔහුගේ උරහිසින් හිස තියා ගත්තා.
"මං ඔයාට ගොඩක් ආදරෙයි අපූර්ව..."ඈත පේන පිදුරුතලාගල කඳු පෙල දිහා බලාගෙන, අපූර්වගේ අතක වෙලෙන ගමන් මම මිමිණුවා. ඔහු මගේ හිස මතින් මූණ තියා ගත්තා.
"ආයෙත් කියන්න..." ඔහු කෙඳිරුවා.
"මං ආදරෙයි..."
"ආයෙත්.."
"මං ආදරෙයි..."
"ආයෙත්.."
"අනේ...දැන් කිව්වේ..."
"තව එක පාරක්..."
"ම්හු.."
"අනේ..."
"අපූර්ව මං ඔයාට ගොඩාක් ආදරෙයි..."
"ඒ ඇති මැණිකේ මට..."
අපි දෙන්නම් හිනාවුණා. ඒ හිනාව, අපේ සතුට හැමදාම තියේවා කියලා එවෙලේ මම ප්‍රර්ථනා කලා. සුපුරුදු විදියට පිදුරුතලාගල කඳු වැටිය උඩින්  මීදුම ගලද්දි, සීතල හුලඟ අපිව සිප ගෙන ඈතට ඈතට හමාගෙන යද්දි, පාට පාට රෝස මල් පොකුරු ඒ හුලඟේ නැලවෙද්දි, අපූර්ව ඈත පේන කඳු වලල්ල දිහා බලගෙන හිටියේ සොම්නසින්. මම ඔහුට තුරුල් වෙලා ඇස් පියාගත්තා.
"මෙත්මා..."
"හ්ම්..."
"ඔයා මගේ... හැමදාටම….මගේ විතරමයි"
ම්ම්..”

16 comments:

  1. මේක කියවලා ඔයාලගේ අදහස් පල කරන්න අමතක කරන්න එපා...හොඳ නරක දෙකම...

    ReplyDelete
  2. මම බ්ලොග් එකක කියවපු දිගම කතාව මේක.. හැම්දාම කමෙන්ට් නොකලත් මම කතාව කියෙවුවා..

    හරිම ලස්සනයි අක්කේ.. කියන්න වචන මදි.. බලාපොරොත්තු උන විදිහේ අවසානයක්..

    ReplyDelete
  3. hip hip hurreeeyy....... අන්තිමට මෙත්මයි අපූර්වයි එකතු උනා නේද අක්කී?? :) ගොඩාක් ලස්සනයි අක්කී ඇත්ත අපේ දෙමව්පියෝ අපි හිතන තරම් නපුරු අය නෙවේ මොන දේවල් කලත් අපේ සතුට ගැන එයාලා ගොඩාක් හිතනවා.....නේද?මොනවා උනත් සත්‍ය ප්‍රේමය ජය ගන්නවා කවදා හරි..ගොඩාක් ලස්සන අවසානයක් අක්කී......

    ReplyDelete
  4. ඇත්තටම මොනවා කියනද කියල හිතාගන්න බෑ .. හරිම ලස්සන කතාවක් හරිම ලස්සනයි ... හිතපු තරම් ලස්සන අවසානයක්
    නෙවෙ වෙන්න ඇති කියල ඔයා කියල තිබ්බට මීට වැඩ ලස්සනට කොහොමද මේක ඉවර වෙන්නේ
    මම කියවල තියන ලස්සනම ආදර කතා වලින් එකක් කිව්වොත් හරි ... ලස්සනම එක කිව්වොත්
    වඩාත්ම හරි ..
    කතාව ඉවර උන එක ගැනත් නං දුකයි .. මොකද දැන් කියවන්න ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න
    කතාවක් නැති හින්ද .. ඒ හින්ද මම බලාගෙන ඉන්නේ .. මේ කතාව ඉවර උනත් .. ඔයා තවත් මේ වගේම ලස්සන
    කතාවක් ලියයි කියල ...
    ඔයාට මේ තියන හැකියාවෙන් අපිට තවත් ලස්සන කතාවක් ඉක්මනටම කියවන්න ලැබෙයි කියල
    මම හිතනවා ..
    මේ වගේ ලස්සන කතාවක් දුන්නට .. ඔයාට තැන්ක යූ අක්කි .... ...

    ReplyDelete
  5. omg omg omg, wow akki, u re just awesome!!!!
    Apu married Methma, yeppie!!!
    අන්තිම වෙනකන්ම කිව්වේ නැනේ අපුව බඳින්න යන්නේ කියල,
    අම්මෝ Heart beat ඒක 1000 times වගේ වැඩි උනා...
    love this story akkio, Thank u thank u thank u soooo much

    ReplyDelete
  6. Ko ape Glimmer Girl උදේ ඉඳන් බලන ඉඳල කතාව දානකොට නැද්ද? ;)

    ReplyDelete
  7. ane man party ekakate gihin danuy appa gedara awee,, thama man comments tike kiyawwa witheray ,, kathawe kiyawanne yanne dan,, :D :D man party eketh hitiye me kathawe sihiyen appa athemay,, :D seems like a happy ending lets C . :D kathawe kiyawela iwere wla thawe comment ekak dannam :)

    ReplyDelete
  8. yippieeeeeeeeeeeeeeeeeeeeeeee methma weds apurwa,, wow akki wt a great story,, ade nam mate hodete ninda yane dawesak :D :D ane ithin aith heteme thawe aluth kathawak liyane gane hode,, natham man hamedama noiwesilent indela balane enne mokakde??? ane mage adare kathawete nam meheme lassana end ekka nathi wey akki,, aith mate sathutuy at least methmay apurway hary ekathu wecha eke gane :) wow akki thanks again nd again for writing this story :) keep writing .. best of luck, take care, love you <3

    ReplyDelete
  9. So happy!. Thanks Nethu..
    Wish you all the very best Methma and Apoorwa! (I cant stop thinking they are real characters)

    ReplyDelete
  10. Thank you nethu..........very nice story.... u r a very good writer..well done.

    ReplyDelete
  11. ම් ම් ලස්සන අවසානයක්. මම කියවපු හොදම ආදර කතා අතරින් එකක්. හැබැයි බ්ලොග් එකක් තුලින් කියවපු දිගම කතාව.
    ඔන්න මට දැනු පොඩි අඩු පාඩුවක් කියන්න යන්නේ.මාත් එක්ක ඒ පිලිබද තරහා නොවෙයි කියලා හිතනවා.
    ----- කතාව තුල කාලය සමග ලස්සන ගලා යාමක් දැක්කා. නමුත් ඒ ගලා යැම අවසන් කොටස් දෙක තුල අඩු වුනා. එකපාරටම සති කිහිපයකින් ඉස්සරහට යාමක් අවසන් කොටස් දෙක තුලම සිදු වුනා(හරියට හදිස්සියෙන් කතාව ඉවර කරන්න යනවා වගේ). එම නිසා කතාවේ ගලායාම පුOචි බදාවක් වුනා වගේ මට දැනුනා.සමහර විට ඒ පිලිබද මට පමණක් දැනුනා වෙන්න පුලුවන්.----


    බ්ලොග් අතර සැරිසරනකොට අහම්බෙන් නෙතු ගැටුන මේ කතාවට පුදුමාකාර විදිහට ආදරය කලා. අපුර්වයි මෙත්මයි අපි අතර ජීවත් වන චරිත බවට පත් උනා.ඒ අය අපේම අය වගේ දැනුනා. අපුර්වටයි මෙත්මටයි දැනුන දුක සතුට ඒ විදිහටම අපිටත් දැනුනා.විටක කතාව කියවමින් සිනහා වුනා.තවත් විටක මටත් නොදැනී ඇස් වලින් කදුලු ගැලුවා.ඒ තරමට මේ කතාව සජීවි බවක් තිබුනා.

    නෙතූ, ඔයාගේ ලිවීමේ හැකියව උපරිමයි. විශිෂ්ටයි. අති විශිෂ්ටයි. මට වෙන කියන්න වචන නැහැ.

    මම දවසක් ඔයාට comment කරලා කිවුවා මේ කතාව පොතක් විදිහට එලි දක්වන්න කියලා. මම හිතනවා ඔයා ඒ දේ කරයි කියලා.ඔයාට ඒ දේ කරන්න වාසනාව ,ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ඒවගේම මේ වගේ ලස්සන කතා ලියන්න තව තවත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාට මම සුභ පතනවා.

    ReplyDelete
  12. aneeeeeee thanks akkioooo...mama bayen hitiye.............mama jivitheta kiyawapu wadiyenma danunu kathawa.....ilaga ekata oyage kathawama wei.............thanks.....me widihata iwara karata......congrats for marriage life......

    ReplyDelete
  13. Simply Great!!! :) I really enjoyed this ... I read it twice.. will read this again... ;)

    ReplyDelete
  14. ඈත්තටම විශිශ්ඨයි නෙතු, අද කලේ ඉන්න ප්‍රසන්න ආරච්චිලට වෑඩිය සිය ගුනයක් විශිශ්ටයි. ඔබට සුභ පතනවා මේ වගේ නිර්මාණ තව තවත් බිහි කරන්න හෑකි වේවා කියලා. සෑබවින්ම ඔබ විශිශ්ටයි. ජය වේව!!

    ReplyDelete
  15. අහම්බෙන් දැකලා මුලින් කියවන්න ගත්තේ අවසරයි ලංවෙන්න ඊට පස්සේ තමයි මුලට ආවේ. දැනට රටින් පිට වෙලා ඉන්න මම මෙත්ම යි, අපූර්ව යි එක්ක නුවර මංසළකුණු ඔස්සේ බොහෝම ආසාවෙන් එයාලා දෙන්නගේ ආදර කතාව රස වින්දා. නුවර ඉස්කෝලේ ගිය මම මේ කතාවත් එක්ක අවුරුදු 10ක් අතීතෙට ගියා. නුවර වැව රවුම, මාළිගාව බොහෝම හුරු පුරුදු තැන්. දැන් අවුරුදු ගානක ඉදන් කවුන්සිල් එක තියෙන්නේ කොටුගොඩැල්ල වීදියේ. නුවරත් වෙනස් වෙනවා බොහොම වේගයෙන්. කතාව ලස්සනයි, බොහොම හොඳ ලෙඛිකාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  16. ලස්සන අවසානයක් මට ගොඩක් සතුටුයි.. මම හැමදාම comment කෙරැවේ නැ එත් මම හිතුවේ නෑ මම මේ කතාවට මෙච්චරක් ආදරේ කරයි කියලා...
    මම ඔයාගෙ අනිත් කතාවත් කියෝනවා... බුදු සරනයි!! අක්කි

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....