Friday, November 18, 2011

නෙතූගෙන්....

මට අදහස් දක්වපු, මේ කතාව බලපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තුතියි. කතාව ඉවර වුණ නිසා මටත් දැනෙන්නේ පාලුවක්. වෙනදට ලියන්න වෙලාවක් එනකල් නොඉවසිල්ලෙන් මමත් ඉන්නේ. අද නම් පාලුයි...ඒත් මට සතුටුයි මේ කතාව මෙහෙම ඉවර වෙලා, ඔයාලත් සතුටු වුණ එක ගැන නම්.
Dishan, Dream boy, Glimmer girl, uttara, samadhi, නිසුපා, සිහින, රූ, සිත් රූ සිහින, Dinesh, කුරුලු පොඩිත්තා.....මෙකී නොකී හැමෝම ගොඩක් ආදරෙන්, උනන්දුවෙන් මට මේ කතාව ලියන්න දිරි දුන්නා. ඔයාලව මම ඇත්තටම හමුවෙලා නැති වුණත්, දැකලා නැති වුණත්, මට දැනෙන්නේ ඔයාලා මගේ ලඟම යාලුවො කැලක් වගේ. සමහරවිට අපි මගතොටදි හමු වෙනවත් ඇති...;)
කතා ලිව්වත් නොලිව්වත් අපි හොද යාලුවො වේවි කියලා මම හිතනවා...කවදාහරි මේ හීනේ පොත් පිටු අතරට එකතු කරගන්න මට අවස්ථාවක් ලැබුණොත් එදාට අපි මුණගැහෙමු...පොත එලි දක්වන දවසට...මෙත්මාගෙයි, අපූගෙයි හීනේ හැබෑ වුණා වගේ බලමු නෙතූගේ ඒ හීනෙත් හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියලා...
ඉතින් මගේ යාලුවනේ ඔයාලගේ වටිනා අදහස් වලට, කතාව කියවන්න ගත කරපු කාලෙට ආයෙමත් ඔයාලට ගොඩක් ස්තුතියි...

9 comments:

  1. apoy mate nikan paluy wage appa :(

    ReplyDelete
  2. අලුත් කතාවක් දාන්නකෝ

    ReplyDelete
  3. ane ow ane mate nam wasa paluy :(

    ReplyDelete
  4. ඇත්තටම කතාව හරිම ලස්සනයි මම කලිනුත් කිව්ව වගේ මම කියවපු ලස්සනම කතාවක් ..
    ඔය කිව්වා වගේ සමහර විට අපු මග තොටේදී හම්බවෙලත් ඇති ..
    මොකද මාත් නුවර .. ඒ හින්ද මම මේ කතාවට තවත් ගොඩක් ආස කර ..
    මොකද කතාවේ තියන තැන් දේවල් මම හැමදාම ඇත්තටම දකින නිසා ...
    ඔය ඉක්මනටම අලුත් කතාවත් ලියයි කියල බලාගෙන ඉන්නවා ..
    මම නං ඔය කතා වර්ග දෙකටම ගොඩක්ම කැමති ..
    ආදර කතා වලට ලගදී ඉදන් තවත් ගොඩක් කැමති ..
    ඔයාට කැමති ඕනෙම එකක් ලියන්න අපි එනවා කියවන්න ..
    අනේ ඉක්මනට අලුත් කතාවක් පටන් ගන්න කියල තමා ඉල්ලන්නේ ..
    මම දැනටම මුළු කතාවම දෙතුන් පාරක කියවල ඇති ..

    ReplyDelete
  5. thank you Nethu again for writing this for us. yes, we will wait till you publish this as a book, and please let us know. i'll also be there. tc

    ReplyDelete
  6. අයියෝ දැන් හරි පාලුයිනේ. ඉක්මනට අලුත් කතාවක් දාන්න පටන් ගන්න.අලුත් කතාවක් අරන් නෙතු ආයිත් එනකන් අපි බලන් ඉන්නවෝ............

    ReplyDelete
  7. ඔව් අය්යෝ දැන් කියවන්න එකක් නැතුව පාලුයි .. අනේ අක්කි ඉක්මනට අලුත් කතාවක් ලියන්න .. අපි බලාගෙන ඉන්නවා ..
    කතාව කියවල දැන් මට කියවන නැතුව ඉන්න බෑ . .කව්රු හරි දන්නවද මේ වගේ ලස්සන කතාවක් කියවන්න පුළුවන් තැනක් .. මේ වගේ ලස්සන කතාවක් නං වෙන කව්රුත් ලියල ඇති කියල මම හිතන නෑ .. නෙතු අක්කම ලිව්වොත් තමා ....
    ඒ උනාට ටිකක් හරි ඒ වගේ එකක් තියන තැනක දන්න කෙනෙක් ඉන්නවනං කියන්නකෝ .. අලුත් කතාවක් නෙතු අක්කි පටන් ගන්න කන කියවන්න ..

    ReplyDelete
  8. ane harima paluy akki :( :'(

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....