Thursday, November 17, 2011

නෙතූගෙන්...

කොහොමද කතාව හොඳද? :)
මම මේ කතාව ලියන්න පාදක කර ගත්තේ මං ආසම නගර දෙක. එකක් මම ඉපදුන නුවර එලිය. අනික මම දැන් ඉන්න මහනුවර. මම අවුරුදු 20ක් පිදුරුතලාගල පැත්තකින්  ඉර පායලා, ග්‍රෙගරි වැව් තලය දිලිසෙන හැටි බල බල, සිරීපාදේ පැත්තෙන් ඉර බහිනවා දැක දැක ජීවත් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ පේරාදෙණියේ ඇවිත් හන්තානට කවි ලිය ලිය, යාලුවන්ට කතා ලිය ලිය හිටපු  කෙනෙක්. මම ජීවත් වුන පරිසරය මගේ මේ කවි, කතා ලිවීමේ ආසාවට හේතු වෙන්නත් ඇති කියලා මට හිතෙනවා. තාමත් ලියන්න මං හරිම ආසයි.
ඔබ හීනයක් වගේ මං ලියපු තුන් වෙනි කතාව. මම මුලින්ම ලිව්වේ විද්‍යා ප්‍රබන්ධ දෙකක්. මුල්ම එක 'ආගන්තුක තාරකාව', ලිව්වේ මම 8 වසරේ ඉද්දි. (උත්තරා ඔයා ඒක කියවලා ඇතී) ඒ පටන් ගත්තු ගමන තමා මම තාමත් මේ යන්නේ.
ඔබ හීනයක් වගේ කියන්නේ මම බ්ලොග් එකකට ලියපු පලවෙනි කතාව. මම මීට කලින් සිය පාරක් විතර කියපු විදියට මේ මට ලැබෙන ප්‍රතිචාර මම හීනෙකින්වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. ෆලෝවර්ස්ලා 23ක් කියන්නේ මට නම් 230000ක් විථර. ඊට අමතරව මේක බලන අනික් අය, විවිධ රටවල්වල ඉන්න අපේ අය කොච්චරක්ද?
ඒත් එක්කම ඔයාලගේ ආදරනීය අවංක අදහස්...ඒවා මට කොච්චර වටිනවද කියලා ලියන්න මේ පිටුව මදි. ඇත්තටම ඔයාලා වගේ යාලුවෝ ගොඩක් මට හම්බවුණ එක ගැන මට හරිම සතුටුයි. ඒ සේරම මට හොයලා දුන්නේ ඔබ හීනයක්වගේ කතාව. ඒ නිසා මේ කතාවට මමත් හරිම ආදරෙයි.
මම දවසකුත් කිව්වා වගේ, මේ කතාවේ මම ජීවත් වුණා. අපූර්වට මෙත්මට දැනුන, සතුත, ආදරේ මේ හම දේම මටත් දැනුනා. සමහර වෙලාවට මගේ ඇස් වලටත් කඳුළු ආවා, ඇත්තටැම. ඒ තරම්..ම්ම්...කොහොමද කියන්නේ...බැහැලා ලියපු කතාවක් මේක.
ඉතිං මේ කතාව නිසා කවුරුහරි සතුටු වුණා නම්, මේ කතාව රස වින්දා නම් ඒ මට ඇති. ඒ අතරම, මේ කතාව මොන මල විකාරයක්ද කියලා හිතපු අයත් ඉන්න ඇති ඕන තරම්. ඒකට කමක් නෑ.
අද වෙනකල් මාත් එක්ක රැඳිලා, මෙත්මට අපූර්වට ආදරේ කරපු, අදහස් දක්වපු, නොදක්වපු මගේ ආදරනීය කියවන්නෝ වුණ ඔයාලා ටික දෙනාට ගොඩක් ගොඩක් ස්තුතියි.
අපි බලමු ආයෙමත් අපත මුණගැහෙන්න පුලුවන් වෙයිද කියලා තව්ත් හිත් දෙකක සොඳුරු ආදරයකුත් එක්ක...
ඔයාලා මට කියන්න, ඊලඟට ඕන මගේ මොන කතාවද කියලා. 2ක් සයන්ස් රොමෑන්ස්, අනික්වා මේ වගේම ආදර කතා 2ක්...හැබැයි ඉතින් මට කවදා ලියන්න පටන් ගන්න වෙයිද දන්නේ නෑ. පටන් ගත්තාම මම මූණු පොතේ අප්ඩේත් එකක් දාන්නම්, ඔබ හීනයක් වගේ පිටුවේ...
ආයෙමත් කියන්න ඕන, මේ තරම් කල්, මේ තරම් ආදරෙන් මා එක්ක හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි! කවදා හරි, කාට හරි හිතුනොත් ආයෙමත් මේ කතාව කියවන්න ඕන කියලා දෙවනි පාරටත්, අන්න එදාට මම විශ්වාස කරනවා මම ලිව්වේ හොඳ කතාවක් තමා කියලා...ඒත් එහෙම නොහිතුනත් කමක් නෑ, මොකද එක පාරක් හරි මේ කතාව කියවපු එකත් මට ගොඩක් වටින නිසා... ඔයාලා හැමදාම මගේ යාලුවෝ වෙලා ඉඳීවි කියලා මම හිතනවා..
එහෙනම් මම සරසවියෙන් පිට වෙලා එද්දි ලියපු පුංචි පද පෙලකින් මේ කතාවට විරාමයක් තියන්නම්...
Good byes are not forever…
Good byes are not the end…
they simply mean I will miss you,
until we meet again…

4 comments:

  1. මොනවා ලියන්නද කියල හිතාගන්න බෑ, හ්ම්ම්ම්ම්
    ගොඩක් අසාවෙන් කියෙව්වා මේක, හැමදාම අලුත් පොස්ට් එකක් දානකන් බලන හිටියා, නුවර කියන්නේ මං ආසම නගරයක්, මුලින් මං මේක කියවන්න ගත්තේ නුවර හින්ද, මම ආසම වටපිටාවේ ගලාගෙන ගියපු සොඳුරු කතාවක් හින්ද, අන්තිමට කතාව කොයි තරම් සමීප උනාද කිව්වොත් පොස්ට් එකක් දානකන් බ්ලොග් එකට සරින් සැරේ ඇවිත් බලන්න පටන් ගත්ත, ඊළඟට මොකද වෙන්නේ කියල බලන්න, :) ඒක ආදරණිය කතාවක් කියෙව්වනේ, වෙනස් කතාවක් දැම්මොත් හොඳයි වගේ නේද ඊළඟ කතාව විදිහට, ඔයාගේ කාලය කපකරගෙන අපි එක්ක මේ කතාව බෙදාගත්තට ගොඩක් ස්තුතියි.. ඉක්මනට ආපහු හම්බෙයි කියල බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
  2. නෙතූ,
    කතාව හරිම ලස්සනයි. ඉවර කරපු විදිහත් ලස්සනයි. කවදහරි දවසක මේ කතාව පොතක පිටු අතරට ඇවිත් ලස්සන කවරයක් එක්ක පොත් ගුලක තියෙනවා දකින්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ගොඩක් වැඩ තිබුනත් මේ වගේ කතාවක් අපි එක්ක බෙදා ගත්ත ඔයාට තවත් ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියල සුභ පතනවා.

    ඔව් until we meet again..good bye..

    ReplyDelete
  3. ane akki oyate godak pin apite meheme kathawak genalla api hith sathutu karate,, thawath aluth kathawekin apiwe oya hambey kiyala hithenewa... man nam deparak neme 10 parak wither mula idanme kiyawela thiyene me kathawe iwere wennath kalin indelame,, so mate meke aye unath kiyawane puluwan,,, man me kathawe charithayak une bohome langadi unath,, kochara me kathawe mage hithete wadunade kiwwoth mageme una me kathawe,, ae mokade math methma hitapu situation eke thama inen kenek,, mate mage adarete mona weyda kiyane man danne na,, eke gane mage htihe thiyenne loku bayak , dukak,, ehema ekak thiyeddi mage kathawe wageme ekak blog ekake dakinekote sathutay dukay dekama mishra hangeemak thiyenne,, mate me kathawe gane kiyaen thawe wachana na,, one of the best stories i have read :) may triple gem bless you akki :) we will meet you again and,, i am already missing you :(

    ReplyDelete
  4. කතාව හරි ලස්සනයි.අන්තිම මොහොත වෙනකල් කාවද බදින්නෙ කවුද කියලා හැංගුවානෙ නියමෙට.:))

    මං බය වෙලා හිටියෙ බඩින්නෙ කලිඳු කියලා.ඒත් විල් යූ මැරි මී කිව්ව ගමන් තේරුනා.නියම කතාව බලාපොරොත්තු විදිහටම ඉවර වුනා.තව එකක් ලියමු ඉක්මනටම.

    ඔයා කැමති එකක් ලියන්න.කියවන්න එන්නම් අපි...:))

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....