Wednesday, November 16, 2011

හැට පස් වෙනි දිගහැරුම


බක් මාසේ උදා වුණේ අපේ ජීවිත වලට සතුටත් අරගෙන. පුංචි සුපිපි බබා ගෙද්‍ර ආවේ, අයියා සනීප වෙලා ගෙදර ආවේ, අප්පච්චි ඒ දෙන්නටැ සාව දුන්නේ ඒ බක් මාසේ නිසා. අයියා හිටියේ රටක් රාජ්ජයක් දිනපු වීරයෙක් වගේ සතුටින්, ඒ සුපිපි බබා නිසා. අයියා මුලින්ම සුපිපි බබාව අප්පච්චි අතට දුන්න වෙලාවේ අපි හැමෝගෙම ඇස් වල කඳුළු පිරුණා.
"අප්පච්චි..." අයියා කතා කලේ හෙමින්.
අප්පච්චි චූටි බබාව අතටැ ගත්තේ ආදරෙන්.
"හ්ම්...දැන්වත් ටිකක් වගකීමක් හිතට අරන් වැඩ කරන්න ඉගෙන ගන්න එකයි ඇත්තේ" අප්පච්චි පුරුදු ගාම්භීර ගතියෙන් කිව්වා.
අප්පච්චිගේ කට හඬට බය වෙච්ච පැටියා අඬද්දි අප්පච්චි අපර්ණා අතට එයාව දුන්නා. දීලා අපර්ණාගේ හිස අතගෑවා. මට හිනාවක් ගියා. දැන් සේරම හරි...අම්මා ලොකු සුසුමක් හෙලද්දි, පුංචම්මයි, ආච්චි මම්මයි කඳුළු පිහිනවා මම දැක්කා.
"දැන් ඉතින් හෙට අනිද්දා දිහාට ගෙදර යන්න ලෑස්ති වෙන්න ඕන. සිංහල අවුරුද්දත් ලඟ එන නිසා කොච්චර වැඩ කරන්න තියෙනවද?" අප්පච්චි කිව්වා.
අපි පුංචම්මලගේ ගෙදර සති දෙකක් විතරම පදිංචි වෙලා වගේ ඉඳලා ආපහු ගෙදර යනවා කිව්වම හිතට ආවේ දුකක්. ඒත් ඉතිං අපි ගෙදර යන්නත් එපැයි.
"අලුත් අවුරුද්දටැ දීපලා එහේ එනවානේ?" මම කුස්සියට යද්දි අම්මයි, ආච්චි මම්මයි, පුංචම්මයි මේසේ වටේ වාඩි වෙලා බර කතාවක්.
"ඔව් ඉතින්. ඒත් අපර්ණා මෙච්චර ද්වසක් මෙහේ ඉඳලා ගියාම මට තමා පාලු. මොනා වුණැත් හොඳ කෙල්ල" පුංචම්මා කියනවා.
"ඒක් නම් මටත් තේරුණා. කෙල්ල දැක්ක ගමන් පපුව හෝස් ගෑවා. මොනා වුණත් ඉතින් දැන් අපේ පවුලේම වෙලා ඉවරයි නේ" ආච්චි මම්මා කිව්වා.
"හ්ම්. ඒක් නම් ඇත්තා. බලගෙන යද්දි ඒ ළමයා ඒ තරම් නරක නෑ. නරක ඇහින් බලදි කොයි දේත් පේන්නේ නරකට නෙව. මගේ පුතා නරක දෙයක් තෝර ගන්නේ නෑ"
මට හිනාවක් ගියා ඉබේටම.
"ඔක්කොටම වඩා ලොකු දේ ජයේගෙ හිත මෙලෙක් වෙච්ච එකයි. මම බයේ හිටියේ. මොනා කිව්වත් පුතාට ජයේ පණ ඇරලා. දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් කොල්ලා සනීප වෙච්ච එක ඇති මට"
අම්මා ආයෙම කිව්වා.
"කොහොමහරි අයියගේ කකුලක් කැඩෙන්නම වුණා ඒක තේරෙන්න. කවුරු කවුරුත් ඕවා කලින්ම හිතුවා නම් අද මේ දේවල් වෙන්නේ නෑනෙ" මම එහෙම කියලා පුලුවන් තරම් අම්මාගෙන් ඈතට වුණේ ගුටි කන්න වෙන වග දන්න නිසා. පුංචම්මා නම් හිනා වෙනවා.
"අනේ හැබෑට තියෙන පණ්ඩිතකම? ඔය නොකියා කියන්නේ මොනාද කියලා මං දන්නවා. ඔයාගේ හිතේ තියෙන ඒවා නම් හරි යන්නේ නෑ පුතේ. ඒක මතක තියා ගන්න" අම්මා ආයෙම්ත් පරල වෙන්නයි යන්නේ.
"මං ඒක දන්නවා..." මම එහෙම කියලා කුස්සියෙන් එන්න ආවා. අම්මා මේ තරම් අපූර්වට් ආකමැති ඇයි කියලා මට තේරෙන්නේ නෑ. අම්මා කලිඳුට මාව දෙන්න හදන්නේ එදා අම්මගෙන් වෙච්ච වැරැද්දට හිලව්වක් විදියටැ වත්ද කියලා මට බැරිම තැන හිතුණා. එහෙම නැත්තම් අපූර්වට වඩා කලිඳු අයියලට තත්වේ, නම්බුව, වත්කම් වටිනා නිසාද?
"අපි හෙට ගෙදර යනවා ඇන්ටි...කියලා යන්න ආවේ. උදේම යන්න ඉන්නේ"  අපිට ගොඩක් උදව් කරපු සුධර්මා ඇන්ටිට කියලා යන එක යුතුකමක් කියලා හිතුණ නිසා මම හවස අපූර්වගේ ගෙදර ගියා බට්ටිත් එක්ක.
"එහෙමද? අපර්ණා ගියාම මටත් පාළු හිතෙයි. සුපිපි බබා මුලින්ම දැක්කෙත් මම නේ. මට හරි දුකයි..." ඇන්ටි කර කර උන්න වැඩෙත් නවත්තලා මට කිව්වා.
"අපි දුරකට යන්නේ නෑනෙ. ඇන්ටි අපේ ගෙදර එන්න අපිව බලලා යන්න. අපූර්වත් ගියාම ඇන්ටිට එන්න පුළුවන්නේ" මම කිව්වා. මගේ හිතටත් දැනෙමින් තිබ්බේ දුකක්.
ඇන්ටි සුසුමක් හෙලුවා.
"මේ දේවල් මෙහෙම වුණ එක ගැන මට ඇත්තටම දුකයි දුව. මම ඇත්තටම හිතුවා ඔයා මගේ දුව වෙලා අපේ ගෙදරට ඒවි කියලා. ඒත් ඒක එහෙම වුණේ නෑ. සමහරවිට මේක වෙන්න ඇති දෙවියන් වහන්සෙගෙ කැමැත්ත.  ඔය දෙන්නට වෙන් වෙන්න වුන එකට මම ඔයාට වැරැද්දක් කියන්නේ නෑ. ඔයා කොහේ හිටියත් හොඳින් ඉන්න"
ඇන්ටි එහෙම කියද්දි නාම් මට කඳුළු ආවා. ඇන්ටි මාව තුරුල් කරගෙන මගේ මූණ ඉම්බා.
අපි එහෙම කතාකර කර ඉද්දි බට්ටි උන්නේ අපූර්වත් එක්ක සාලේ කතාවක. මමයි ඇන්ටියි සාලෙට ගියා. අපූර්ව හිස උස්සලා මා දිහා බැලුවා.
"බට්ටි එන්නකෝ ඔයාට දෙන්න තෑග්ගක් තියෙනවා"
ඇන්ටි බට්ටිව ඉවතට එක්ක ගියේ අපට කතා කරන්න පොඩි විරාමයක් දීලා.
"ඉඳගන්න" අපූර්ව කිව්වා.
මම හිත තද කරගන්න, කඳුළු පාලනය කර ගන්න උත්සාහ කරමින්ම ඉඳගත්තා.
"එතකොට හෙට යනවද?" අපූර්ව ඇහුවා සාමාන්‍ය විදියට.
"ඔව්"
අපූර්ව මුකුත්ම නොකියා ටිකක් වෙලා හිටියා.
දාහක් සිතිවිලි හිතේ තිබුනත් ඒවා වචනයට නගා ගන්න බැරිව අපූර්ව ලතවෙන බව මට තේරුණා.
"ඔයා කවද්ද යන්නේ?" මම මුලපිරුවේ ඒ නිසා.
"ම්ම්..කියන්න බෑ, වීසා හම්බවෙන්න ඕන නේ මුලින්ම. කොහොමත් ජූන් වලට කලින් පුලුවන් වෙයි"
"හ්ම්...කොහේ ගියත් පරිස්සමෙන් ඉන්න අපූර්ව..." මම කිව්වා.
අපූර්ව මගේ දිහා යන්තමට බැලුවා විතරයි.
"මං යන්න කලින් ඔයා බලන්න එන්නම්..." අපූර්ව කිව්වා.
"අනේ එපා අපූර්ව...නිකං හිත් රිදෙනවා විතරයි?"
අපූර්ව මා දිහා බලුවේ දුකෙන් වගේ.
"ඔයා හිතනවා නම් එහෙම වෙයි කියලා, මං  නෑවිත් ඉන්නම්"
"මේ හැම දෙයක්ම අමතක කරලා දන්න අපූර්ව. අපේ ආදරේ අතීතයක් විතරයි. ඔයා ඔයාගේ අනගතේ හදා ගන්න බලන්න" මම කිව්වා.
"ඔච්චරම නපුරු වෙන්න එපා මෙත්මා...ඔයා ඔය කියන දේ කරන්න මට කල්පයක් විතර යයි. ඔයාට පුලුවන්ද ඔය තරම් ලේසියෙන් මාව අමතක කරන්න?"
"මං දන්නෑ" මට බොරු කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ, මං ආදරේ කරපු ඒ ඇස් ඉස්සරහදි.
අපූර්ව දිග සුසුමක් හෙලුවා.
""ඔයාගේ හිතට තවත් දුක් දෙන්න මට ඕන නෑ. ඒ නිසා අපි මේ කතාව නවත්තමු. මං එනකල් විනාඩියක් ඉන්න" එහෙම කියපු අපූර්ව උඩ තට්ටුවට දිව්වා. ඔහු ආපහු ආවේ පොඩි පාර්සලේකුත් අතේ අරගෙන.
'මේක ඔයාට..." ඔහු මට කිව්වේ අතේ තිබ්බ පාර්සලේ දෙන  ගමන්.
"මට...ඒත්...මං ඔයාට මොනාවත් ගෙනාවේ නෑ"
"මට මොනවත් ඕන නෑ...ඔයා ඉන්න්වනේ මගේ හිතේ..." අපූර්ව කිව්වා.
මම තොල හපා ගත්තේ මගේ හිත එන්න එන්නම දුර්වල වීගෙන එන බව මට දැනුන නිසා.
"ඔයත් පරිස්සමින් ඉන්න මගේ මෙත්මා...මං කොහේ ගියත් කවදාහරි ඔයාට මාව ඕන වුණොත් එදාට මම එනවා...ජීවත් වෙලා හිටියොත්"
මට හීලුනා.
"අව කැපෙන කතා කියන්න එපා අපූර්ව..."
අපූර්ව හිනා වුණා.
"එහෙනම්...හෙට පරිස්සමින් ගෙදර යන්න. සතුටින් ඉන්න බලන්න. මං ගැන මතක් කරලා දුක් වෙන්න එපා. හිත හයිය කරගෙන එන දේවල් වලට මූණ දෙන්න. ඔයා මොනා කිව්වත් මම දන්නවා ඔයා මට ආදරේ බව...ඒක මට දැන්නෙනවා...මෙතනට" ඔහු පපුවට අතක් තියලා කිව්වා.
මම බිම බලාගත්තේ මගේ කඳුළු අන්තිමට පිට පැනපු නිසා. අපූර්ව මා ලඟට ඇවිත් මුදු, ඉක්මණ් හාදුවක් මගේ නලළත තැවරුවා.
"ඇන්ඩ්...අයි ලව් යූ ටූ"

අනික් සේරමල්ල කොච්චර සතුටින් උන්නත් මට ඒ සතුටේ හවුල්කාරියක් වෙන්න පුලුවන් වුනේ නෑ. මම හිනා වෙලා හිටියේ අමාරුවෙන්. අප්පච්චි මා දිහා කීප සැරයක් විමසිල්ලෙන් බලනවා මම දැක්කා. මම වෙනසක් නොපෙන්න ඉන්න උත්සාහ කලා. අන්තිමේදි සේරමල්ලා නින්දට යන්න ලෑස්ති වුනාමයි මගේ හිතට යන්තම් අස්වැසිල්ලක් දැනුනේ. කාමරේට ආපු මම අපූර්ව මට දීපු පාර්සලේ දිගෑරියා. ඒකෙ තිබ්බේ ලස්සන දම් පාට, තාරකා මුද්‍රිත දිලිසෙන පෙට්තියක්. ඒකෙ පුන්\චි අගුල පැන්නුවා විතරයි එක පාරටම එකෙන් එලියට ආවේ ඉහල පහල පාත් වුණ පාට පාට ඇඳුමක් ඇඳගත්තු විකටයෙක්. මම මේවගේ ඒවා කාටූන් වල දැකලා තිබ්බ මට මතකයි. මම එකපාරටම ගැස්සුනත් ආපහු මට හිනාවක් ගියා. අපූර්ව ඇත්තටම මහා පුදුම චරිතයක් කියලා මට හිතුණා. පෙට්ටියේ පැත්තක ඔහු මොනවදෝ ලියලා තිබ්බා.
'මාව මතක් වුණාම දුක නොහිතී හිනා යන්න...' මට හිනාවක් ආවත් ඒ එක්කම ඇස් වල කඳුළුත් පිරුණා.
ඊට පස්සෙයි මම ඒකෙ අමුණලා තිබ්බ අනික් කාඩ් එක දැක්කේ. ඒකෙත් අපූර්ව දිගටි අකුරු වලින් මොනවදෝ ලියලා. ඒක කියෙව්වම නම් මට හිනා ගියේ නෑ. හිත කවදාවත් නැති තරම් දුකකින් බර වුණා. මම ඇඳට වැටිලා ඇස් පියා ගත්තා.
'නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු නිවේවී අපේ ඒ කතා
රකින්නට සෙනේහේ හඬන්නට එපා
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා...'
උණු කඳුළු කොට්ටේ තෙත් කරද්දි අපූර්ව ලියලා තිබ්බ ගීයේ පද මගේ හිත ඇතුලේ දෝංකාර දුන්නා.

11 comments:

  1. ane harima dukay :( :( ane ilange kotasath danneko akki ademe,, plsssssssssssss

    ReplyDelete
  2. බලන්න නෙතු ඔයා ඇවිත් තියෙන දුර..මේ කතාව බලන අයට මේක ඒගොල්ලන්ගේ ජීවිතයේ කොටසක් වෙලා..මේ කතාවේම ඒගොල්ලෝත් හවුල්කරුවෝ වෙලා..පුදුමයි කියල හිතුනට එක එහෙමමත් නැහැ..මොකද මේ කතාවට මේ තරම් ආදරය කරන අය ඇතිඋනේ ඔයාගේ දක්ෂතාවයටයි.ඔයා මේ කතාව ඉක්මනින් ලියල ඉවර කලත් මන් දන්නවා ඔයා ලග ඒ එක්කම පල කරන්න තව කතාවකුත් තියෙනවා කියල.(මම එහෙම විශ්වාස කරනවා..)ඉතින් ඔයාට මේ විදියට ලස්සන නවකතා ලියන්න තව තවත් හැකියාව ලැබෙන්න කියල සුභ පතනවා...

    ReplyDelete
  3. @ උත්තරා:
    ඒක ගැන නම් මම හැමදාම පුදුම වෙනවා. ඒ දවස් වල ලියද්දි කතා කියවන්න හිටපු ඔයාලා තමා මට මේ තරම් දුර එන්න පාර හොයලා දුන්නෙ කියලා මට හිතෙනවා. මගේ කතාව මේ තරම් මගේ යාලුවන්ගේ හිත් වලට ලං වේවි කියලා මම කවදාවත් හිතුවේ නෑ.
    සමහරවිට අනික් අයත් කැමති නම් මම තවත් කතාවක් ලියාවි...ඒත් තාම හිතලා නෑ ලියන්නේ කොයි එකද කියලා..කතා කීපයක් තියෙනවා ලියපු...බලමුකෝ...
    හැමදාම මගේ කතා කියවපු ඔයාට,අනික් අයත් එක්ක මාව දිරි ගන්නපු ඔයාට ගොඩක් ස්තුතියි!

    @ Gilmer girl: Thanks nagaa...ඔයත් මාව පුදුම විදියට මේ කතාව ලියන්න හදිස්සි කරවපු කෙනෙක් ;)
    අද රෑට අනික් කොටස දාන්නම්...තාම ටයිපිං..
    මේ කතාව නිසා ඔයාගේ හිතට සතුටක් ලැබුණා නම්, ඒක මට ලොකුම ලොකු සතුටක්...

    ReplyDelete
  4. අද රැට අනිත් කොටස? නියමයි
    හ්ම්ම්ම්, උත්තරා කිව්වා වගේම මේ කතාව මට හැමතිස්සෙම මතක වෙනවා, නුවරට මං මාරම අසයි, ඒ ආසාවයි අක්කිගෙ දක්ෂකමයි හීන වෙන්න ඇති මං මේ කතාවට මෙච්චර ආසා උනේ, ඉක්මනට ඉවර වෙනවා කියනකොටනම් දුකයි, කොටසක් දානකන් බලන ඉන්න එකක් නැති වෙනවනේ, ඔයටනම් හොඳයි, අපෙන් කොටසක් දාන්න දාන්න කියල බල කරන ඒක නැවතෙනවනේ, නේද? හෙහෙ, මේක ඉවර උනාම තව කතාවක් දාවි කියල හිතනවා, අන්තිමට Thank you for everything :)

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. shaaaaaaaaaaa ade rate thawe kotesak,, :D :D yippeieeeeeee ane ow akki,, me kathawe kotasak kiyawanne une nathi uname raete ninda yanneth na wage appa :( man puduma adarey me kathawete :) man mage nethu akkatath adarey me wage lassana kathawe me widihate apite kiyawanne lassanate liyanewate,, akki me kathawe ikmante iwere unath thawath liyay kiyala man hithanewa :) me blog eke post ekak danekan man dawesate 100 parakate wada enewa blog ekate balane dalade kiyala,, ae tharam me kathawe mage jeewithete sameepay .. ithin oya thawath lassanate liyane shakthiya labenne kiyala prarthana karanewa :) take care

    ReplyDelete
  7. The story is yet to be over...but I already miss you all lovely people...:)

    ReplyDelete
  8. ඉවර වෙන්න ලගයි වගේ... තව කතාවක් ලියමු... ටක් ටක් ගාල අප්ඩේට් වෙන නිසා අගේ වැඩියි...:)))

    ReplyDelete
  9. අනේ ඔව් අක්කි .. මේක ඉවර උනත් අලුත් එකක් ලියන්නම ඕනේ .. නැත්තන් මම හැමදාම කියවන්න බලන ඉන්නේ මොකක්ද .. මම දවසට සැහෙන වතාවක් එනවා අලුත් පොස්ට් එකක් දාලද බලන්න .. අනේ ඊලග කොටසත් අදම දාන්න පුළුවන් නං...

    ReplyDelete
  10. අක්කි අද තව පොස්ට් එකක් දානවද ?

    ReplyDelete
  11. හැමදම comment නොකලත් මම ඔයාගේ novel එක ගොඩක් ආසාවෙන් කියවනව..තව කතාවක් අනිවාර්යෙන්ම ලියන්න නෙතු..ඇත්තටම හරිම ලස්සනයි..

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....