Thursday, November 3, 2011

අපූර්ව....


දම් පාට අහස් ගැබ තරු රෑන දුටුවාම
රෑ සඳේ මුදු කිරණ රෑ අඳුර මැකුවාම
සැවොම නිදි ගත් රැයම
නිහඞ බවේ ගිලුණාම
නිදි නොමැති මගෙ හිතට 
මතක් වෙයි නුඹ බෝම

නුඹ එපා ලං වෙන්න දුක වැඩියි කීවාම
ඒ සියලු බස් ඉතින් පිලිගන්නෙ මං කෝම?
නුඹම හැර අන් කෙනෙක් 
පතන්න්ට බැරුවාම
කප්පරක් පෙම් කරමි 
නුඹට මම  හැමදාම

3 comments:

  1. ඒ ලොකු උන්නැහැ කියපු එක හරි නොවැ...වැඩිය ලං උනාම...මගැරුනොත් දුක වැඩී...

    ReplyDelete
  2. ම්ම්ම්...ඒකත් ඇත්ත තමා. ඒත් දුරස් වෙන්න හිත හදා ගන්න බැරි නම්?

    ReplyDelete
  3. ඔක නම් සැහෙන්ට දරුනු ලෙඩක් ඔකට බෙත් ගන්ට හොඳම කෙනා අපේ මහවෙදනා...(වෙදගෙදර මහවෙදනා blog)

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....