Friday, September 30, 2011

පහලොස්වැනි දිගහැරුම

දින එක එක ගෙවිලා ගියේ හරිම ඒකාකාරී විදියට. උදේ ක්ලාස් යනවා, හවස එනවා, කනවා, නිදා ගන්නවා, ආයෙ උදේ ක්ලාස් යනවා. විභාගේ ලං වෙද්දි අපූර්වගේ ෆෝන් එකත් හුඟ වෙලාවට විසන්ධි කරලයි තිබ්බේ. අපූර්ව බැහැලම පාඩම් කරනවා වෙන්න ඇති. කිව්වා වගේම එක දවසක්වත් ඔහු මාව මුණගැහෙන්න ආවේ නැහැ. ඒ අඩුව මට හැමදාමත් දැනුනා. ලඟ උන්නු අය දුරස් වුණාම තමා වැඩිපුරම අගේ දැනෙන්නේ.
දවසක් මම ක්ලාස් එකට යද්දි අමායි, හිරුණියි දෙන්නම ඇවිත් උන්නා. දෙන්නම පංතියේ කොනකට වෙලා ඔලු දෙක එකට ඔබාගෙන රහසක් කතා කරමින් වගෙයි හිටියේ. මමත් හෙමින් එතැනට ගියා. එතකොටයි මට තේරුණේ හිරුණි උන්නේ අඬමින් කියලා. අමා හිටියේ ඈව අස්වසන්න මොනවදෝ කියමින්.
"හිරු, ඔයා කාලෙකට පස්සේ ඇවිත්" මම බෑග් එක පුටුවක් උඩට දාන ගමන් කිව්වා.
හිරුණි අමාරුවෙන් වගේ හිනා වුණා. අමා මගේ දිහා බැලුවේ දුකින් වගේ.
"මොකෝ මේ?" මම ආයෙම ඇහුවා.
"හිරුට පොඩි ප්‍රශ්ණයක්"
මම හිරුණි දිහා බැලුවා.
"මෙයාගේ අම්මලා අනුරාධගේ ගෙදර අයට ගිහිං බැනලා. දැන් ක්ලාස් යවන්නෙත් නැහැයි කියනවලු.අදත් තාත්තම තමා පංතිය ඇතුලටම ඇරලවලා ගියේ" අමා මට විස්තර කලා.
හිරුණි තාමත් අඬනවා. මම ඇගේ අතකින් අල්ල ගත්තා.
"දැන් අපි මොකද කරන්නේ?"
"අනේ මන්ද..." අමා කල්පනා කරනවා.
"අනුරාධ මොකද කියන්නේ?" මම හිරුණිගෙන් ඇහුවා.
"එයාට හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක. එයා කියනවා අපි ගෙදරට නොකියා බඳිමු කියලා..." හිරුණි කිව්වා.
"මොනවා?" මට හීල්ලුණා. "එහෙම කරන්න බෑනෙ හිරු. අම්මලට එහෙම මොනා හිතෙයිද?" මම කිව්වා.
"අම්මලා මම ගැන හිතන්නේ නැත්නම් මම මොකටද එයාලා ගැන හිතන්නේ?" හිරුණි කිව්වේ හිතුවක්කාර විදියට.
අමායි, මමයි මූණෙන්, මූණ බලා ගත්තා.
"එහෙමයි කියලා හැඟිම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා හිරු. පස්සේ දුක් වෙන්න වෙන්නේ ඔයාටමයි" අමා අන්තිමට කිව්වා.
හිරුණි මොකවත්ම කිව්වේ නැහැ. ඇගේ මේ නිහඬ බව මගේ හිතට එක් කළේ බයක්.
"ඔව් හිරු, මෝඩ තීරණ නම් ගන්න එපා" මමත් කිව්වා.
පංතියට ළමයි පිරෙන්න පටන් ගත්තු නිසා අපිට කතාව නවත්තන්න වුණා.
දින එක එක ගෙවිලා ගියේ හරිම ඒකාකාරී විදියට. උදේ ක්ලාස් යනවා, හවස එනවා, කනවා, නිදා ගන්නවා, ආයෙ උදේ ක්ලාස් යනවා. විභාගේ ලං වෙද්දි අපූර්වගේ ෆෝන් එකත් හුඟ වෙලාවට විසන්ධි කරලයි තිබ්බේ. අපූර්ව බැහැලම පාඩම් කරනවා වෙන්න ඇති. කිව්වා වගේම එක දවසක්වත් ඔහු මාව මුණගැහෙන්න ආවේ නැහැ. ඒ අඩුව මට හැමදාමත් දැනුනා. ලඟ උන්නු අය දුරස් වුණාම තමා වැඩිපුරම අගේ දැනෙන්නේ.
දවසක් මම ක්ලාස් එකට යද්දි අමායි, හිරුණියි දෙන්නම ඇවිත් උන්නා. දෙන්නම පංතියේ කොනකට වෙලා ඔලු දෙක එකට ඔබාගෙන රහසක් කතා කරමින් වගෙයි හිටියේ. මමත් හෙමින් එතැනට ගියා. එතකොටයි මට තේරුණේ හිරුණි උන්නේ අඬමින් කියලා. අමා හිටියේ ඈව අස්වසන්න මොනවදෝ කියමින්.
"හිරු, ඔයා කාලෙකට පස්සේ ඇවිත්" මම බෑග් එක පුටුවක් උඩට දාන ගමන් කිව්වා.
හිරුණි අමාරුවෙන් වගේ හිනා වුණා. අමා මගේ දිහා බැලුවේ දුකින් වගේ.
"මොකෝ මේ?" මම ආයෙම ඇහුවා.
"හිරුට පොඩි ප්‍රශ්ණයක්"
මම හිරුණි දිහා බැලුවා.
"මෙයාගේ අම්මලා අනුරාධගේ ගෙදර අයට ගිහිං බැනලා. දැන් ක්ලාස් යවන්නෙත් නැහැයි කියනවලු.අදත් තාත්තම තමා පංතිය ඇතුලටම ඇරලවලා ගියේ" අමා මට විස්තර කලා.
හිරුණි තාමත් අඬනවා. මම ඇගේ අතකින් අල්ල ගත්තා.
"දැන් අපි මොකද කරන්නේ?"
"අනේ මන්ද..." අමා කල්පනා කරනවා.
"අනුරාධ මොකද කියන්නේ?" මම හිරුණිගෙන් ඇහුවා.
"එයාට හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක. එයා කියනවා අපි ගෙදරට නොකියා බඳිමු කියලා..." හිරුණි කිව්වා.
"මොනවා?" මට හීල්ලුණා. "එහෙම කරන්න බෑනෙ හිරු. අම්මලට එහෙම මොනා හිතෙයිද?" මම කිව්වා.
"අම්මලා මම ගැන හිතන්නේ නැත්නම් මම මොකටද එයාලා ගැන හිතන්නේ?" හිරුණි කිව්වේ හිතුවක්කාර විදියට.
අමායි, මමයි මූණෙන්, මූණ බලා ගත්තා.
"එහෙමයි කියලා හැඟිම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා හිරු. පස්සේ දුක් වෙන්න වෙන්නේ ඔයාටමයි" අමා අන්තිමට කිව්වා.
හිරුණි මොකවත්ම කිව්වේ නැහැ. ඇගේ මේ නිහඬ බව මගේ හිතට එක් කළේ බයක්.
"ඔව් හිරු, මෝඩ තීරණ නම් ගන්න එපා" මමත් කිව්වා.
පංතියට ළමයි පිරෙන්න පටන් ගත්තු නිසා අපිට කතාව නවත්තන්න වුණා.

ඒ සති අන්තේ හදිසියේම අප්පච්චි නුවර ආවා, මාව ගෙදර එක්ක යන්න. ඊලඟ මුළු සතියෙම අපට ක්ලාස් තිබුණේ නැහැ. ඒ නිසා ගෙදර යන්න මට බාධාවක් තිබ්බෙත් නෑ. ඒත් ඒ සතියේ සඳුදා තමයි අපූර්වලට විභාගෙ පටන් ගන්න නියමිත වෙලා තිබුණේ. අපූර්වගේ ෆෝන් එකත් වැඩ නොකල නිසා අපූර්ව මොනවා කරනවද කියලා මම දැනං හිටියෙත් නෑ. කවදාවත් නැතුව ගෙදර යන එක ගැන මට දැනුනේ උදාසීන හැඟීමක්. මොකක්දෝ හේතුවකට මට හිතුණා විභාගේ කාලෙ මම අපූර්ව ලඟින් උන්නා නම් හොඳයි කියලා. ඒත් මම අප්පච්චිට මොනවා කියන්නද? මම ගියොත් අපූර්ව මා එක්ක හොඳටම තරහ වෙන වග මම දැනං උන්නා.
මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මම නිකමට වගේ ෆෝන් එක අරන් අපූර්වගේ නොම්මරේ එබුවා.
"හෙලෝ අක්කි..." එක පාරක් වැදුන ගමන් එහා පැත්තෙන් අපූර්ව කතා කලේ මාව පුදුමයට පත් කරමින්.
"අපූර්ව?"
"ඔව් ඔව්. මම තමා. අනේ සොරි අක්කි මේ දවස් ටිකේම ෆෝන් එක වැඩ කලේ නෑ. මට චාජ් කරන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. ඔයා මට කතා කරන්න හැදුවද?"
"ම්ම්. ඒකට කමක් නෑ"
"මම මේ අද ගෙදර එන ගමන්. ඔයා ගෙදරද ඉන්නේ?"
අපූර්ව ඇහුවාම මගේ හිත බර වුණා.
"ඔව්"
"මම ඔයාව බලන්න එන්නම් කෝ"
අපූර්ව කිව්වාම මගේ හිතට එකතු වුණේ අහේතුක සංතාපයක්.
"අපූර්ව මම අද නුවර එළියේ යනවා. අප්පච්චි මාව එක්ක යන්න ඇවිත්"
"වට්? ගෙදර යනවා?"
"හ්ම්. මට ලබන සතියම නිවාඩු"
"අනේ ඇත්තද?" අපූර්ව ඇහුවේ හෙමින්. ඔහුට දුක හිතිලද?
"ඔයා හොඳට විභාගේ කරන්න ඕනේ හරිද? දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාට ඒක ඉහලින්ම කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා" මම කිව්වා.
අපූර්ව මුකුත්ම කිව්වේ නැහැ.
"මට ෆෝන් එක අරන් යන්න වෙන්නේ නෑ. පුළුවන් වුනොත් මම කතා කරන්න බලන්නම් වෙන කොහෙන් හරි" මම ආයෙම කිව්වා.
තාමත් අපූර්ව නිහඬයි.
"අපූර්ව... ඇයි කතා නොකරන්නේ?"
"ඔයාට නොයා ඉන්න බැරිද?" ඔහු අයාචනාත්මක ස්වරයෙන් ඇහුවාම මගේ හිත තවත් බර වුණා.
ඔහුව මාසයක් විතරම නොදැක ඉඳලා අද එන වග දැන දැනත් යන්නෙ කොහොමද කියලා මමත් දැනං උන්නේ නැහැ. මේ දෙවල් මේ තරම් හිතට දැනෙන්නේ ඇයි? වෙනදට ගෙදර යන්න ඇඟිලි ගැන ගැන ඉන්න මම...අද තාම බෑග් එක වත් හරියට හදා ගෙන නැහැ.
"එහෙම කරන්න බෑනෙ. මම අප්පච්චිට මොනවද කියන්නේ?"
අපූර්ව හුඟ වෙලාවක් කතා නොකරම හිටියා.
"මං එක්ක තරහා වෙන්න එපා අපූර්ව"
"ඔයා එක්ක නෙවෙයි මට තරහ, මේ සිටුවේෂන් එක එක්කයි"
ඔහු කිව්වා.
"ඉතිං මම හිටියා කියලා ලොකු වෙනසක් වෙන්නෙත් නෑනෙ. විභාගේ ලියන්නේ ඔයානේ" මම හිනා වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"ඔයාට තේරෙන්නේ නෑ අක්කි" ඔහු සුසුමක් හෙලුවා බරටම. "කමක් නෑ ඔයා යන්න. ඒත් විභාගේ ඉවර වෙන අන්තිම දවස මම වෙනුවෙන් තියා ගන්න. එදාට නම් මොනවත් දා ගන්න එපා. ජීවිතේ මේ චැප්ටර් එක ඉවර වෙන දවසේ අලුත් චැප්ටර් එක ලියන්න ඔයාව මට ඕන"
අපූර්ව කිව්වාම මට හිතා ගන්න බැරි වුනා ඔහු අදහස් කලේ මොකක්ද කියලා.
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ කියපු එක තමා. පරිස්සමින් ගෙදර ගිහිං ඉක්මණට එන්න අක්කි"
"හරි. විභාගේ හොඳට කරන්න"
"තෑන්ක්ස්. ගෝඩ් බ්ලෙස් යූ. පුළුවන් වුනොත් මට කතා කරන්න"
මම ගෙදර ගියාම පාළුයි කියලා අක්කත් උන්නේ මූණ එල්ලගෙන.
"වැඩ නැත්නම් හර්ෂිටත් යන්න තිබ්බා" අප්පච්චි කිව්වා.
"පරෙස්සමින් ගිහිං එන්න පුතේ" පුංචම්මා මගේ හිස අතගෑවා.

ගෙදර ගියාම වෙන කිසි දෙයක් මතක් නොවෙන තරමට වැඩ තිබුණා කරන්න. බොනී මදිවට නංඟි කොහෙන්දෝ පූසො දෙන්නෙකුත් අරගෙන ඇවිත් හන්දා උන්ගේ විස්තර බලන්නත් වෙලාව ඕන වුණා.අයියා නම් තාමත් ගෙදර ඇවිත් තිබුණේ නැහැ. මම ඒ ගැන අම්ම එක්ක කතා නොකලේ අම්මගේ හිත තව පාරන්න බැරි නිසා.ගෙදර ඇවිත් වුණ අනික් දේ තමයි මට හොඳටම හෙම්බිරිස්සාව හැදුන එක. මේ කාලෙ නුවර එළියේ තිබුණේ පුදුම සීතලක්. සමහර දාට උදේට ගෙදර පිට්ටනියේ සුදු පාටට මල් තුහින වැටිලා තිබුනේ ලස්සන සුදු පලසක් එලලා වගේ. ඒත් අව්ව වැටෙනකොටම වගේ ඒව වියැකුණා.
ඉඳහිට මට අපූර්ව මතක් නොවුණා නෙවෙයි. ඒත් කතා කරන්න විදියක් තිබුණේ නැහැ. මම බය වුණා ගෙදර අය මා ගැන සැක හිතයි කියලා.
"අක්කේ මට මේ සින්ඩරෙල්ලා කතාව කියලා දෙන්නකෝ"
නංඟි මගේ ලඟට ආවේ ඉංග්‍රීසියෙන් ලියපු පොතක් උස්සගෙන.
මම ඒක ඈට කියලා දුන්නා. කතාව ඉවර වුණාම  නංඟි කල්පනාවකට වැටුණා.
"නපුරු අයට ප්‍රින්ස් චාර්මිංලා නැද්ද අක්කේ?" නංඟි උභතෝකෝටික පැනයක් ඇහුවා.
"ම්ම්...නෑ. නපුරු අයට කවුරුත් කැමති වෙන්නෙ නෑනෙ"
"හ්ම්. මගේ යාලුවා රයිනි කියනවා හමෝටම ප්‍රින්ස් චාර්මිංලා ඉන්නවා කියලා. එතකොට එයා කියන්නේ බොරුද?" බට්ටිටත් ඉන්න යාලුවෝ.
මම කියන්න උත්තරයක් කල්පනා කලා.
"ම්ම්...නෑ. හොඳ අයට ඉන්නවා, නපුරු අයට නෑ" මම කිව්වා.
"ඔයා ගෙනියන්නත් කවදා හරි එහෙම කෙනෙක් ඒවිද? රයිනි කියනවා එයාගේ අක්කා එහම කිව්වලු"
අයියෝ රයිනි! මම හිස කැහුවා. මේ රයිනි ගැන ටිකක් හොයලා බලන්න ඕන කියලා මට හිතුණා. මේ කෙල්ලගේ ඔලුවට දාලා තියෙන දේවල්?
"ඒක නම් මම දන්නේ නැහැ බට්ටෝ. ඒවාට තව කල් තියෙනවනේ අපි දෙන්නටම. ආයේ රයිනි ඔහොම කිව්වොත් ඔයා එහෙම කියන්න හොඳෙ?"
මම බට්ටිට කිව්වාම ඈ හිස වැනුවා.
අපි ලඟින් ගිය ආච්චි මමටත් හිනා ගියා අපේ කතාව ඇහිලා.
"ඔයාගේ ප්‍රින්ස් චාර්මිං අප්පචි හොයලා ගෙනැත් දේවි, එයා හොයාගෙන එන්න කලින්..." බට්ටි එහට මෙහාට උන ඇසිල්ලක අච්චි මම්මා මට කිව්වේ විහිලුවට වගේ වුණත් ඇත්ත ඒක තමා. අනාගතේ ඒ දේවල් ගැන මම කවදාවත් හිතලා තිබ්බේ නැහැ. ඒත් කවදා හරි නන්නාඳුනන කෙනෙක් එක්ක මගේ අනාගතේ තීන්දු වුනොත් මොනා වෙයිද කියලා මට නිකමට හිතුණා. ආයෙමත්  මට මතක් වුණේ කලිඳු අයියව. ඊට පස්සේ අපූර්වව. මගේ ජීවිතේ මගේ හිතට ගොඩක් සමීප වුණ දෙන්නා.
"මොනාද පැංචි කල්පනා කරන්නේ? ප්‍රින්ස් චාර්මිං ගැනද?"
මට එවෙලෙයි මතක් වුණේ අච්චි මම්මා තාමත් මගේ ලඟ බව.
"නෑ ආච්චි මම්මේ, මගේ ජිවිතේ ගැන. මට අයිති නැති මගේ ජිවිතේ ගැන" මම එහෙම කියාගෙන මගේ කාමරේට යන්න ගෙට ආවා.

Wednesday, September 28, 2011

දහ හතර වන දිගහැරුම


"මොකද දන්නෑ හිරු ක්ලාස් නො එන්නේ? ගිය සතියෙත් දවස් දෙකක් ආවේ නෑනෙ"
උදේ පංතිය පටන්ගන්න තව වෙලා තිබුණා. අමායි, මමයි කතා කර කර උන්නේ හිරුණි ගැන. පංතියට ආපු පිරිමි ළමයි දෙන්නෙක් අපට ගුඩ් මෝනින් කියා ගෙන ඇතුලට ගියා. අපි හිටියේ පංතිය ඉස්සරහ හිටගෙන.
"අනේ මංදා අමා. මොකක් හරි අවුලක් ද දන්නේ නැහැ. අනුරාධ අයියගේ වැඩේ ගෙදරට ආරංචි වෙලාද දන්නේ නෑ"
හිරුණිගේ සම්බන්ධයක් තිබ්බ අනුරාධ කියලා කෙනෙක් එක්ක. ඔහු වැඩ කලේ බැංකුවක. හිරුණි හැමදාම කිව්වේ ඔහු අඩු කුලේ කියලා හිරුගේ ගෙදරින් ප්‍රශ්ණ වග.හිරු නො එන්න හේතුව ඒ මොකක් හරිද කියලා මම සැක කලේ ඒකයි. අමා උරහිස් හැකිලුවා.
"දෙයියෝ තමා දන්නේ"
මම අයියා ආපු විස්තරෙත් අමාට කිව්වා.
"අයියා හැන්ඩිද?"
"මොනා අහනවද?නිකං සල්මාන් ඛාන් වගේ. මම දැක්කම හිතා ගන්න බැරිද අයිය ගැන?"
"මොකක්ද? ඇහුන්නෑ"
මම අමාට හෙමිහිට පාරක් ගැහුවා,ඈ හිනා වෙද්දි.
"ඒක නෙවෙයි, කොහොමද ඔයාගේ අර ඉම් රාන් ඛාන් වගේ මල්ලි කාරයා?"
"කවුද අපූර්වද?"
"අපූර්වද, පූර්වද මම දන්නේ නෑ. මම ඇහුවේ අර හැමදාම හවසට ඔයාගේ බොඩි ගාඩ් වගේ එන කෙනා ගැන"
මම හිනා වුනා.
"ඔය ඉන්නේ. අදත් සමහරවිට ඒවි"
"අම්මේ මතක් කලාම මූණේ තියෙන සිරියාව. ඇත්තටම ඒ කොල්ලා අපට වඩ අවුරුද්දක් ද කොහෙද බාලයි නේද?"
"දෙකක් විතර. එයා ජනවාරි නේ ඉපදිලා තියෙන්නේ" මම කිව්වා.
"හ්ම්ම්" අමාගේ මූණට බැරෑරුම් පෙනුමක් ආවා.
"ඇයි අමා?"
"මට තේරෙන්නෑ ඔයාලා ආශ්‍රය කරන විදිහ. මෙහෙම කිව්වට මා එක්ක තරහ වෙන්න එපා. ඒත් දකින අයට නං හිතෙයි ඔයාලා අතර ලව් අෆෙයාර් එකක් තියෙනවා කියලා"
අමා කිව්වාම මගේ හිත නොසන්සුන් වුණා.
'දකින අය හිතන ඒවා මට වැඩක් නෑ. මම දන්නවනේ ඇත්ත මොකක්ද කියලා" මං කිව්වේ නොමනාපෙන්.
"හරි, හදිසියේ වත් එයා ඔයාට ආදරෙයි කිව්වොත්?"
මම අමා දිහා බැළුවේ ගැස්සිලා වගේ.
"පිස්සුද? එයා එහෙම කියන්නේ නෑ" මම කිව්වේ අහක බලා ගෙන.
"බැරි වෙලාවත් කිව්වොත්?"
"කියන්නෑ"
"කිව්වොත්?" අමා මට වදේ ගහනවා.
"කිව්වොත් ගහනවා කන පුපුරන්න" මම එහෙම කියලා පංතිය ඇතුලට ගිහිං වාඩි වුණා. අමා මගේ පස්සෙන් ඇවිත් මට එහා පැත්තෙන් ඉඳ ගත්තා. මං අමා දිහාට නැවුණා.
"ආයේ ඔය කතාව ඇද්දොත් මම තරහා වෙනවා" මම රහසින් වගේ ඈට තර්ජනය කරලම කිව්වා.
"රයිට් මැඩම්"

එදා හවස හොඳටම වැස්ස. පලාතම අඳුරු වෙලා තිබ්බේ රෑ වෙන්න ඔන්න මෙන්න වගේ. කුඩ ගේන්න අමතක වුන උදවිය නොතෙමෙන තැන් වල, වෙළඳසැල් වල දොරකඩවල් අසල හෙම රැස් වෙලා හිටියා එක පොදියට. මම වටපිට බැලුවේ අපූර්ව ඉන්නවද කියලා. තැන් තැන් වල සුදු ඇඳගත්තු ළමයි හිටියත් අපූර්ව ඒ අතර උන්නේ නැහැ.
"කියන්න අමතක වුණානේ. මමත් අද යන්නේ අම්පිටිය පැත්තට. මී කණුවේ ඉන්න අපේ අත්තම්මලාගේ ගෙදර"
අමා මට කිව්වා.
"කොහෙද ඒ?"
"අනේ මෝඩි. අම්පිටියේ බස් එක්ක ගිහිං බෙරවට්ස් ඉස්කෝලෙ ලඟ බැහැලා උඩහට යන්න ඕන. එහෙට තමා මී කණුව කියන්නේ"
අමා කිව්වාමයි මට මතක් වුණේ.
"ආ..හරි හරි. ඒත් එහෙට බස් තියෙනවනේ.මම බහින්නේ ඊට හෝල්ට් එකක් එහා"
"මම දන්නවා. මී කණුවට බස් තියෙන්නේ පැයකට වරක් නේ. ඊට ලේසියි අම්පිටියේ එකක යන එක. අත්තම්මලා ඉන්නේ පල්ලිය ලඟ හන්දා පාරෙ ඉඳන් ඒ තරම් දුරක් නෑ"
අමා කිව්වා. අමාත් එන නිසා මට ඇති වුණේ සතුටක්.
අපි මාලිගාව ලඟින් පාර පැනලා වැව රවුමට ගොඩ වුණා. තවමත් වැස්ස එක සීරුවට ඇද හැලෙනවා.
"අමා ආයෙම එක්සෑම් කරන්නේ නැද්ද?"
මම ඇහුවාම ඈ සුසුමක් හෙලුවා.
"ගෙදරින් නම් කියනවා කරන්න කියලා. ඒත් මම බයෝ වලට හරි යනවා මෙත්මා. මට නං බෑ ආයෙම එක්සෑම් වලට මැරෙන්න.කොහොමත් මේ පාර කරන්න බෑනෙ. එක්සෑම් වලට තව මාසයක් වත් නෑ"
අමා කිව්වාමයි මට එක මතක් වුණේ. අපූර්ව පාඩම් කරන්වා ඇති. මට හිතුණා.
"අද නං මාව දාලා යයි වගේ" මට ඇහුණේ පුරුදු කටහඬක්. මම වට පිට බැලුවා. වලාකුළු බැම්ම ලඟ යාළුවෙක්ගේ කුඩයක් ඇතුලට වෙලා හිනා වෙවී උන්නේ අපූර්ව. මං නැවතුණා.
"ඔයා මොකද මෙතන කරන්නේ? පාඩම් කරන්නේ නැද්ද?" මම ඇහුවා.
"පොඩි වැඩකට ඉස්කෝලෙට ආවා. පරක්කු වුණ නිසා ඔයා එනකල් ඉන්න හිතුණා"
අපූර්ව යාළුවා එක්කම ඉස්සරහට ආවා.
"ඔව් අක්කේ ඔයා නිසා තුනහමාරෙ ඉඳන් මටත් මෙයා එක්ක කට්ට ෂෙයාර් කරන්න වුණා"
ඊලඟට කතා කලේ අනික් මල්ලි. මම අපූර්ව දිහා බැලුවා ඇහිබැම උස්සලා.
"මේ යෂීෂ්...යෂිෂ් පබසර දංගොල්ල. මගේ හොඳම යාළුවා" අපූර්ව යාළුවාව මට අඳුන්වලා දුන්නා.
"නයිස් ටු මීට් යූ"
"අක්ක මෙත්මා නේද? "මූ ආපු වෙලේ ඉඳලා ඔයා ගැනමයි කියවන්නේ. ඉතිං ඔයාටත් වඩා දැන් අපි ඔයා ගැන දන්නවා"
යෂිෂ් අපූර්වටත් හපන්.මම ආයෙම අපූර්ව දිහා බැලුවා.
"ඇත්තද මේ යාළුවා කියන්නේ?" මම ඇහුවා.
"අනේ අක්කි මේ යෂිට පිස්සු. කවුද මේ අනික් අක්ක?" අපූර්ව හෙමිහිට කතාව මාරු කලා. මම අමාව දෙන්නටම අඳුන්වලා දුන්නා.
"එහෙනං මස්සිනා මම යනවා. අද හවස එහේ එනවනේ? හරි. මම ගිහින් එන්නම්, ඔන්න අක්කලා දෙන්නටම කිව්වේ"
යෂිෂ් යන්න ගියා. දැන් අපූර්ව තෙමෙනවා. මම අමාගේ කුඩේ යටට ගිහිං මගේ කුඩේ ඔහුට දුන්නා.
"හොඳ වෙලාවට අමා අක්කා හිටියේ. නැත්තං මට වෙන්නේ තෙමෙන්න" අපූර්ව කිව්වා.
"අනේ ඔව්. මොකද තුන්හමාරට ආවා නම් ගෙදර නොගියේ? බොරුවට කාලෙ කකා මෙතන හිටියා" මම අපූර්වට දොස් කිව්වා. අපූර්ව පූසා වගේ අහං ඉද්දි මට පව් කියලත් හිතුණා.
"විභාගේ කටේ තියාගෙන තෙමිලා ලෙඩ වුණා නං එහෙම? ඒකයි මම කිව්වේ" මම ඔහුව අස්වසන්න කිව්වා.
අපි තුන් දෙනාම නැග්ගේ තලාතුඔය බස් එකකට. අමා බේරවට්ස් එක ලඟින් බැහැගත්තා. මමයි, අපූර්වයි ඊලඟ හෝල්ට් එකෙන් බැස්සා. තවමත් මුරුගසන් වරුසාව.
"විභාගෙට තව මාසයයි නේ?" මම ඇහුවා.
"හ්ම්ම්...කෝ දෙන්න ඔය කුඩේ මම අල්ලන්න. ඔයා මිටියි නේ" අපූර්ව මා අතින් කුඩේ ගත්තා.
"මම අද යනවා යෂිෂ්ගේ ගෙදර. එයා ඉන්නේ අස්ගිරියේ. විභාගේ ලඟ නිසා පාඩම් කරන්න ඕන නේ. සමහරවිට අපට ආයේ කාලෙකට හම්බවෙන්න බැරි වෙයි" අපූර්ව මට කිව්වා.
"ඒක හොඳයි. කට්ටියක් පාඩම් කරද්දි ඉක්මණට මතක හිටිනවා. හම්බනූනට කෝල් කරන්න පුලුවන් නේ"
"හ්ම්ම්. ගෙදර ඉද්දි මට පාඩම් කෙරෙන්නේ නැහැ. මමා කෑ ගහනවා එහෙන්. මමා තමයි යෂිගේ ගෙදර යන්න කියලා කිව්වේ. යෂි ගේ අම්මා මමාගේ හොඳම බ්‍රැකට් එකක්. දෙන්නා කතා වෙලා වෙන්න ඇති"
මම හින වුණා මුකුත් නොකියා.
"ඔයාට පාළු හිතෙයිද මම ගියාම?" අපූර්ව ඇහුවා එක පාරටම.
"ම්ම්...ආ...දන්නේ නෑ. සමහරවිට පාළු හිතෙයි. ඒත් ඔයා මේ මාසේ වෙන වැඩ ගැන නොහිතා පාඩම්ම කරන්න. අද වගේ මම එනකල් ඉන්න එන්න එහෙම එපා" මම කිව්වා.
"ඔව්. කොහොමත් එන්න වෙන එකක් නෑ"
අපි ටික දුරක් කතාවත් නැතුවම ඇවිදගෙන ගියා. මගේ කුඩේ පොඩි නිසා අපි දෙන්නගෙම පැත්තක් තෙමිලයි තිබ්බේ.
"අක්කිගෙන් මම දෙයක් අහන්නද?" අපූර්ව ආයෙම කතාව පටන් ගත්තා.
"අහන්න"
"මං ගැන වරදවා හිතන්න එපා හැබැයි"
"ඉස්සෙල්ල අහන්නකෝ"
"අක්කි කවදා හරි කාට හරි ආදරේ කරලා තියෙනවාද? මම අහන එක තේරෙනවනේ?"
මගේ හිත අහේතුකවම නොසන්සුන් වුණා වගෙ.
"ඇයි එහෙම අහන්නේ?" මම අහුවා.
"ඔය ඉතිං මොකක් හරි ඇහුවාම උත්තර නොදි ප්‍රශ්ණ අහනවා" අපූර්ව කියන්නේ අමනාපෙන් වගේ.
"නැහැ" මම කිව්වා.
"සොරි" අපූර්වට ඒක ඇහිලා නෑ.
"ආදරේ කරලා නැහැ. ඉතිං දැන් මොකෝ?"
අපූර්ව මුකුත්ම කිව්වේ නැහැ.
"ඇහුවේ මට කවුරුහරි හොයලා දෙන්නද?" මම ආයෙම ඇහුවා ඔහුගේ මූණට එබිලා හිනවෙමින්.
"හොයලා දුන්නොත් බාර ගන්නවද?" ඔහු අහනවා.
"මම දන්නේ නෑනෙ ඔයා කපු වැඩෙත් පටන් අරන් කියලා"
මම කිව්වා. ඒත් අපූර්ව හිනා වුණේ නැහැ. ඔහු උන්නේ වෙනම කල්පනාවක. අපි හිටියේ ගෙදර පේන දුරින්.
"මට ඔයාව දාලා යන්න දුකයි. අපි කාලෙකට හම්බවෙන්නෙත් නැති නිසා" අපූර්ව හිටපු ගමන් එහෙම කිව්වා.
"එහෙම හිතන්න එපා. මට ප්‍රශ්නයක් නෑනෙ. අනික මට දැන් නුවර හුරුයි"
අපි ඇවිත් ඔහුගේ ගෙදරට ඇතුල්වෙන ලොකු ගේට්ටුව ලඟ නැවතුණා. දැන් නම් මගේ හිතටත් මොකක්දෝ දුකක් දැනෙමින් තිබ්බා. ටික දවසකට වෙන් වෙද්දි ඇයි මෙහෙම දැනෙන්නේ? අපූර්ව පිට කොහේවත් යනවත් නෙවෙයි. ඒත් හීනි දුකක් හිතේ කටු අනින්න වුණා.
"විභාගේ අන්තිම මාසෙ නිසා මට එලියට වත් බහින්න වෙන්නේ නෑ. ඔයා පරිස්සමින් ඉන්න අක්කි. මං වෙනුවට ඇරලන්න කෙනෙක් හොයා ගන්න එපා" අපූර්ව කිව්වා.
අපූර්ව එහෙම කිව්වේ ඇයි කියලා මම එවෙලේ වැඩිය හිතුවේ නැහැ.මට හිනා ගියත් අපූර්ව උන්නේ පුදුමාකාර විදියට බැරෑරුම් වෙලා.
"හරි හරි. ඔයත් හොඳ ළමයා වගේ හොඳට පාඩම් කරන්න ඕන හරිද?" මම කිව්වා.
අපූර්ව මොහොතක් හිස ඇල කරගෙන මගේ දිහා බලාගෙන උන්නා.
"මම මේ ගමන්ම යනවා. මට කෝල් කරන්න. එස්. එම්. එස්. කරන්න" අපූර්ව කිව්වා.
"හොඳයි. එහෙනම් මම යන්නද?"
"හරි අක්කි. ගෝඩ් බ්ලෙස් යූ"
මම අපූර්වට අතක් වනලා ගෙදර දිහාට දුවගෙන ආවා. නිකමට හැරිලා බලද්දි අපූර්ව වැස්සේ තෙමෙමින්ම තාමත් මම යන දිහා බලාගෙන උන්නා.
"පිස්සා...තෙමෙන්නේ නැතිව ගෙට යන්න" මම කෑ ගහලා ඔහුට කිව්වා.

අපූර්ව ගිහිං රෑ මට එස්.එම්. එස්. එකක් එවලා තිබුණා.
'සිංදු අහ අහ පාඩම් කරන ගමන්. ලස්සන සිංදුවක් යන නිසා ඔයාව මතක් වුණා'
'හිරු හැපී හඬන සයුරේ...
තරු කඩා වැටෙන මොහොතේ...
ඔබ සොයා ගනිමි
දඟ කරන තාරකා යුවලක් ලඟ අහසේ...
ලොව නිදි ගත් මේ යාමේ..."
මම ඒක බැලුවේ නිදිමතේ. මම නින්දෙන්ම වගේ උත්තරයක් ගැහුවා.
"ලස්සනයි"

නෙතුගෙන්,

මේ දවස් වල මේක ලියන්න වෙලාව හොයා ගන්න හරිම අමාරුයි. මට EXAM නිසා. ඒත් ඉතිං එක්කෙනෙක් හරි ඊලඟ කොටස පල වෙනකල් බලාගෙන ඇති කියලා හිතද්දි ලියන්නම හිතෙනවා. ඇත්තටම, ඔයාලගෙ අදහස් තමා මාව දිරිමත් කරන්නේ.
සමහරවිට කතාව දවසක් දෙකක් පහු වුනොත් තරහ වෙන්න එපා හොඳේ. පුලුවන් වුණ වහාම මම ආයෙම ලියනවා.

Tuesday, September 27, 2011

දහතුන්වැනි දිගහැරුම


ඉරිදා දවසට අක්කටයි මටයි දෙන්නටම නිවාඩු.ඉතිං මල් හිටව්න්න. වල් ගලවන්න, අලුත් දේවල් උයන්න, ගෙදර සරසන්න ඔය වගේ දාහක් වැඩ කරන්න අපි දෙන්නා යොදා ගන්නේ එදාට තමයි.
ඒත් අද වැස්ස දවසක්. එළියට බහිනවා තියා හිතන්න වත් බෑ. උදේ හිටන්ම එක විදිහටම ඇද හැලෙන වැස්ස මගේ හිතට එකතු කරලා තිබ්බේ කම්මැලි කමක්. මම සාලේ පුටුවක ගුලි වෙලා වැස්ස දිහා බලාගෙන හිටියා. රූපවාහිනිය බල බල හිටපු අක්කා ලොකු ඈනුමක් ඇරිය විදියට මට හිනා පහල වුණා.
"අප්පෝ...අහල ගම් හතක් පාලු වෙනවා" මම යන්තම් බෙල්ල හරවලා ඒ පැත්ත බලන ගමන් කිව්වා.
"කම්මලියි බං. ටීවී බලන්නත් එපා වෙනවා"
මං ආයෙමත් ජනේලෙන් පිටත බැලුවා. අපූර්වලාගේ ගේ පැත්තවත් නොපෙනෙන තරම් වැස්ස. කොහොමත් අපූර්ව ගෙදර හිටියෙත් නැහැ. ඔහු උදේම මට එස්. එම්. එස්. එකක් එවලා තිබුණා මොකද්දෝ වැඩකට කොළඹ යන බව කියලා.
එදා අක්ක මුණගැහුණ දවසින් පස්සේ හරියට කතා කරන්න මට අපූර්ව හම්බවුණේ නැහැ. අක්කාගේ හිත දිනා ගන්න ඕන නිසා මම ඒ දවස් ටිකේම ගෙදර ආවේ අක්කා එක්ක හන්දා.
කල්පනා කරමින් ඉන්න අතරේ, එක පාර්ටම මගේ ඇස් දෙක යොමු වුණේ, ගෙදර ගේත්තුව ඇර ගෙන ඇතුලට ආපු කාර් එකක් දිහාවට.
"අක්කේ කාර් එකක් එනවා ගෙදරට"
මම පුටුවෙන් නැගිට්ටේ අක්කට එහෙම කියාගෙන.
"කාර් එකක්?" අක්කත් නැගිටලා මං දිහාට ආවා.
ටිකකින් දොරේ සීනුව නාද වුණා.අක්කා ගිහින් දොර ඇරියෙත්, එයාට කෑ ගැහුනෙත් එකටමයි.
"සුදීප!"
මම ඒ ඇසිල්ලේම දොර ලඟට දුවලා ගියා. ඇවිත් උන්නේ මගේ අයියා.මට දැනුනේ නිම් හිම් නැති සතුටක්.
"පැංචි"      "අයියා"
මම අයියට ගෙයි ඇතුලට වත් එන්න නොදී දොරකඩදිම වැලඳගත්තා. අයියා මගේ නළල ඉම්බේ ආදරෙන්.
"අනේ සුදීපට ගෙට එන්න දෙන්නේ නැද්ද?"
අක්කා කිව්වාම මම අයියට එන්න ඉඩ දීලා ඔහු පස්සෙන්ම ගෙට ආවා.
"ආ...අපිවත් මතක් වෙලා තියෙන්නේ?" කාමරේ ඉඳන් එබුණු පුංචම්මා සාලෙට ආවේ එහෙම කියාගෙන හිනාවෙමින්. අයියා පුංචම්මට වැන්දා.
"මම මේ ඔෆිස් වැඩකට නුවර ආපු ගමන්. නංඟිව හුඟ දවසකින් නොදැක්ක නිසා බලලා යන්න හිතුණා. අපේ අනික් මැනේජර් රට ගිහින් නිසා සේරම වැඩ මගේ පිට. අප්පච්චිත් බුරුලක් දෙන්නේ නෑනෙ"
අයියා වාඩි වෙන ගමන් කිව්වා.
 මම අයියා ලඟින් වාඩි වුණා. අක්කා හිටියේ ඉස්සරහ කාමරේ දොරට හේත්තු වෙලා.
"ඔව්. ඔව්. අපටත් ආරංචියි ළමයගෙ වැඩ. දැන් ඉතිං කර දඬු උස් මහත් වෙලා, ඉගෙන ගෙනත් ඉවරයි. දැන් ඉතිං දෙමව්පියෝ මොකටද නේද?"
පුංචම්මා සැටියේ වාඩි වෙලා අයියාගෙන් ඇහුවේ හිත් වේදනාවෙන් වගේ. අයියගේ මූණ අඳුරු වුණා.
"අම්මත් පටන් ගත්තා ඒ පාර. මේ ළමයට හුස්මක් වත් ගන්න දෙන්න කෝ"
අක්කා කිව්වාම පුංචම්මා නිහඬ වුණා.
"පුංචම්මා දන්නෙ නෑනෙ ඇත්තටම වුණ දේවල්. ඒකයි ඔහොම කතා කරන්නේ. කොහොම වුණත් මම ආවේ නංඟිව බලලා යන්න මිසක් ඔය ප්‍රශ්ණ කතා කරන්න නෙවෙයි"
අයියා කිව්වා.
"හ්ම්. කතා කර කර ඉන්න කෝ එහෙනම්. මම බොන්න මොනවා හරි හදාගෙන එන්නම්"
පුංචම්මා කුස්සිය දිහාවට ගියා.
"අම්මා කියන ඒවා ගණං ගන්න එපා. දන්නවනේ අපේ වැඩිහිටි කට්ටියගේ හැටි"
අක්කා කිව්වා. මම අයියා දිහා බලාගෙනම හිටියා. අයියා ටිකක් විතර කෙට්ටු වෙලා වුණත් ඒ මූණේ තිබ්බේ සතුටක් වග මට පෙනුණා.
"පැංචි මහත් වෙලා. උඹ කන්න දීපන් හොඳට. පුස් ඊරි වගේ මහත් කරන්න"
අයියා මගේ දිහා බලලා හර්ෂි අක්කට කිව්වේ ඔච්චමට වගේ.
"අනේ පලයං බං යන්න. අපි මේ මහත් වෙලා ඉන්නේ හිතේ සතුටට. අපි නගාව හොඳට බලනවා හරිද?"
මම හිනා වෙවී ඒ දෙන්න දිහා බලාගෙන හිටියා. පුංචි කාලෙ ඉඳලම අපි තුන් දෙනා හරිම එකතුයි. මට මතක් වුණේ කඩුගන්නාවේ අප්පච්චිලගේ මහ ගෙදර අපි දුව පැන නටපු විදිහ. ඒ දවස් වලත් අයියයි, හර්ෂි අක්කයි තරඟෙට දඟ කරද්දි මම මැදට වෙලා බලාගෙන ඉන්නවා. ඒ දවස්, ඒ ආදරේ කොච්චර ලස්සනද?
"අම්මා තේ දළු නෙලන්න ගිහින්ද මන්දා මේ තරම් වෙලා ගන්නේ? මම ගිහින් බලලා එන්නම්"
 අක්කා ඊට පස්සේ නැගිටලා කුස්සියට ගියේ අපට කතා කර ගන්න ඉඩ දීලා.
"ඔයාගේ උපන් දිනේට එන්නයි හිතාගෙන හිටියේ. ඒත් හදිසියේම අනුරධපුරේ බ්‍රාන්ච් එකේ වැඩක් යෙදුනා.මං එවපු කාඩ් එක හම්බවුණා නේද?"
අයියා ඇහුවාම මම හිස වැනුවා.
"ගෙදරට වඩා ඔයාට මෙහේ හොඳයි නේද?අඩු ගානේ හිට්ලර් ගෙන් වත් නිදහස ලැබිලානේ"
අයියා කිව්වම මම එයා දිහා බැලුවේ තදින්.
"අප්පච්චිට එහෙම කියන්න එපා අයියා. එයා නිසා නේද අපිඅද හොඳට ඉන්නේ?" මම ඇහුවා.
අයියා ඔලොක්කුවට වගේ හිනා වුණා කට කොනකින්.
"ඔයාට මොන්වද පැංචි තේරෙන්නේ? පුංචි කාලෙ නම් අපට නීති දැම්මට කමක් නෑ. ඒත් අපි දැන් ලොකුයි. අපටත් යමක් කමක් තේරෙනවා. ඇයි ඉතිං එයා අපට අපි ගැන තීරණ ගන්න නොදෙන්නේ. හැමදාම එයා කලේ හැමෝවම පාලනය කර ගෙන හිට්ලර් වගේ ඉඳපු එක. නිදහස ගැන නොදන්න කාලෙ අපට එක ගැන ගානක් නැති වුණාට, තේරෙනකොට ඒක මහ වදයක් වෙනවා.
ගෙදර තියෙන් ඉඳිකට්ටේ පටන් හැම දේම එයාට ඕන විදියට ගන්නේ. උයන්නේ එයා කැමති විදියට. අපි හැසිරෙන්න ඕනත් ඒ විදියට. මේ මොන කරුම ජීවිතයක්ද? ඒ මදිවට දැන ඔයාලව අරන් රට යන්න හදනවා. මම ෂොප් එකක් දාන්න ඉල්ලපු ඉඩම වික්කා. ඉතිං එහෙව් අප්පච්චිට මම වෙන මොනවා කියන්නද? ඔයාටත් කවදා හරි දවසක මේවා තේරෙයි"
අයියා එක දිගට කියා ගෙන ගියේ වේදනාවෙන් වගේ.
"ඒත් අප්පච්චි හැම දේම කරන්නේ අපේ හොඳට නේ" මම ආයෙම කිව්වා. අප්පච්චි මොන විදියක කෙනෙක් වුණත් එයාට විරුද්ධව දේවල් අහන්න මට පුලුවන්කමක් තිබ්බේ නැහැ කවදාවත්.
අයියා මගේ කතාවට ආයෙම හිනා වුණා. "කෙහෙල්මල"
"ඒක පැත්තක දාන්න. ඔයා ගෙදර ගියාද?" මම ඊලඟට ඇහුවා. එතකොට නම් අයියගේ මූණේ ඇඳුනේ දුකක්.
"ඔව්. දවසක් දෙකක් ගියා, ඒත් නැවතුනේ නැහැ. මට දුකයි අම්මා ගැන. බට්ටිත් හරිම පව්.  ඒත් එදා අප්පච්චි මාව ගෙදරින් දොට්ට දාපු දවසේ මම හිතා ගත්තා ආයේ නම් ගෙදර ඉන්න යන්නේ නෑ කියලා. අම්ම පව් තමයි. අනේ මන්දා පැංචි"
අයියා සුසුමක් හෙලුවා.
මට හිතා ගන්න බැරි වුණා ඒ දවස් වල කෙලිදෙලෙන් ගෙදර දුව පැනපු අයියමද, මමම ද මේ අද මෙතන ඉන්නේ කියලා. ලොකු වුණාම කොච්චර කරදරද? අපේ හිත් කොච්චර නපුරු වෙනවද? පුංචි කාලේ අපි කොච්චර නම් අහිංසකද? මමත් සුසුමක් හෙලලා ලය සැහැල්ලු කර ගත්තා.
"අයියා දැන් මොකද කරන්න යන්නේ?"
"ෆිනෑන්ස් කම්පනි එකේ සීයට පනහක් විතර මගේ ෂෙයාර්ස් තියෙනවා. ජොබ් එක ගැන නම් බයක් නෑ. මම හාවාඑලියේ පුංචියට ගේකුත් හදන්න පටන් ගත්තා පැංචි. ඒකයි හුඟක්ම වෙලා අඩු. කොහොම හරි මම අප්පච්චිට තනියෙම ජීවත් වෙලා පෙන්නනවා"
අයියා කිව්වේ තීරණාත්මක හඬින්.
"එතකොට මොකක්ද අර බර්ගර් හුටපටේ?"
අයියා චුට්ටක් විතර ගැස්සිලා මගේ දිහා බැලුවා.
"කවුද අප්පච්චිද කිව්වේ?"
"කවුරු කිව්වම මොකද වැඩේ ඇත්තනේ?"
අයියා මගේ ඇස් මගෑරලා ජනේලෙන් එලිය බැලුවා.
"අපර්ණා අනාථ ගාණු ළමයෙක්. ඉන්නේ සීයා විතරයි. බර්ගර් වුණාට හොඳ සිංහල තාලෙට හැදිච්ච කෙල්ලෙක්. හරිම හොඳයි. දවසක මම ඔයාට මුණගස්සන්නම්. ලෝකෙම එපා කිව්වත් මම අපර්ණාව අතාරින්නේ නෑ. මම එයාට ආදරෙයි ඇත්තටම"
අයියා හැඟීම්බරව කියද්දි මම එයා දිහා බැලුවේ පුදුමෙන්. මේ මම ඉස්සර හුරතල් වුණ අයියමද කියලා මට හිතා ගන්න බැරි වුණා. හර්ෂි අක්ක තේ අරගෙන ආවේ මෙවෙලෙමයි. පුංචම්මත් තව කැවිලි පුරවපු බන්දේසියක් අරගෙන අක්කා පස්සෙන් ආවා.
"තේ බීලම ඉමු. සුදීප අද නවතිනවනේ?" එහෙම ඇහුවේ අක්කා.
"අන්නේ අද බෑ හෂී...අද යන්නම ඕන. අප්පච්චිත් ඔරොප්පු නිසා පොඩ්ඩ මිස් වුණොත් බෙල්ලම යනවා. දන්නැද්ද එයාගෙ හැටි. මොලෙන් නේ හිතන්නේ"
හනේ ඇත්තට අප්පච්චිට කත කරන හැටි. මේක්ගෙ කට තම කට" පුංචම්ම බොරුවට සැර වුනා අයියට.
"අපේ අප්පච්චි බාප්පා වගේ නෙවෙයි පුංචම්මේ"
අයියා කිව්වේ තල ගුලියක් කටේ රුවා ගන්න ගමන්.
"ඒ මොනවා වුණත් පවුලට නොගැලපෙන දේවල් එහෙම කර ගන්නවා නෙවෙයි. කටයුත්තක් වුණත් කර ගන්නවා නම් හොඳ සිංහල බෞද්ධ පවුලකින් වෙන්න ඕන. අපේ පරම්පරාවල එහෙමයි ඒවා සිද්ධ වුනේ. මම මේ අනික් දෙන්නටත් එක්කම කියන්නේ"
පුංචම්මා කිව්වේ බැරෑරුම් විලාසෙකින්.
"හා...අපි දෙන්න ඒකට ගෑවුණේ කොහොමද?" අක්කා පුංචම්මට දිව දික් කරලා හිනා වුණා. මටයි, අයියටයිත් හිනා ගියා.
"හෂීයි, පැංචියි දෙන්නම යමු ටවුන් එකට. මොනවා හරි අරන් දෙන්න. දැන් ඔයාට ඇඳුම් එහෙමත් ඕන ඇති නේ ක්ලාස් යන නිසා"
දවල් කෑම අහවර කරලා අයියා අපට කිව්වා.
"ඔව් ඔව්. යමු යමු. නිකං දෙනවා නං දෙමළ පත්තරෙත් කියවපන් කියලා කියනවනේ. නැද්ද අම්මේ?"
අක්කට නම් තියෙන්නේ පුදුම කටක්. පුංචම්මත් හිනාව තද කරගෙන හිස වැනුවා.
අපි දෙන්නා කාර් එකට නැග්ගේ ඇඳගෙන උන්නු ඇඳුම් පිටින්මයි.
"මගදි පී.එච්. අයි. අල්ලයි ද දන්නේ නැහැ" අයියා කිව්වේ අපි දිහා බලලා.
"ඇල්ලුවොත් ඔයාව තමයි" මම අයියට කිව්වා. හර්ෂි අක්කත් කෑ ගහගෙනම මා එක්ක එකඟ වුණා.

අයියා මටයි, අක්කටයි ඇඳුම් ගොඩකුයි, කන්න දෙවල් ගොඩකුයි අරන් දුන්නා. අපි ගෙදර එද්දි හුඟක් වෙලා ගිහින්. පුංචම්මා එළියට වෙලා මග බලාගෙන උන්නා.
"මං මෙහෙම්මම යන්නං පැංචි" අයියා වාහනෙන් නොබැහැම කිව්වා.
"අනේ ගෙට යං"
"බෑ, වෙලා යනවනේ. ආයේ ඉක්මණට එන්නම්කො හොඳේ" අයියා මගේ හිස අත ගාල කිව්වා. මගේ උගුර හිර වෙල, ඇස් වලට කඳුලු පුරා ගෙන ආවා.
"හ්ම්. ආ...ඔයා මගේ මොබයිල් එකට කතා කරන්න" මම එක පාරටම මතක් වෙලා අයියට කිව්වා.
"ඔයාට අරන් දුන්නද එකක්?" අයියා ඇහුවා.
"ඔව් ඔව්. ඔයා කතා කරන්නකෝ"
මම වග විස්තර නොකියා, මගේ නොම්මරේ ලියලා අයියට දුන්නා.
"ගිහිං එන්නම් හර්ෂි. පුංචම්මේ යනවා"
"පව් කොල්ලට හරියකට කන්න ටිකක් වත් දෙන්න බැරි වුණා"
පුංචම්මත් අම්මා වගේමයි. ආදරේ පිටට එන්නේ කවුරුහරි ඈතකට ගියාම තමයි. වැස්ස ගෙට එන නිසා අපි දොර වහලා ගේ ඇතුලට ගියා. අයියා ඇවිත් ගිය පාළුව ගේ පුරා පැතිරිලා තිබ්බා කියලා මට හිතුණා.

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....