Friday, September 30, 2011

පහලොස්වැනි දිගහැරුම

දින එක එක ගෙවිලා ගියේ හරිම ඒකාකාරී විදියට. උදේ ක්ලාස් යනවා, හවස එනවා, කනවා, නිදා ගන්නවා, ආයෙ උදේ ක්ලාස් යනවා. විභාගේ ලං වෙද්දි අපූර්වගේ ෆෝන් එකත් හුඟ වෙලාවට විසන්ධි කරලයි තිබ්බේ. අපූර්ව බැහැලම පාඩම් කරනවා වෙන්න ඇති. කිව්වා වගේම එක දවසක්වත් ඔහු මාව මුණගැහෙන්න ආවේ නැහැ. ඒ අඩුව මට හැමදාමත් දැනුනා. ලඟ උන්නු අය දුරස් වුණාම තමා වැඩිපුරම අගේ දැනෙන්නේ.
දවසක් මම ක්ලාස් එකට යද්දි අමායි, හිරුණියි දෙන්නම ඇවිත් උන්නා. දෙන්නම පංතියේ කොනකට වෙලා ඔලු දෙක එකට ඔබාගෙන රහසක් කතා කරමින් වගෙයි හිටියේ. මමත් හෙමින් එතැනට ගියා. එතකොටයි මට තේරුණේ හිරුණි උන්නේ අඬමින් කියලා. අමා හිටියේ ඈව අස්වසන්න මොනවදෝ කියමින්.
"හිරු, ඔයා කාලෙකට පස්සේ ඇවිත්" මම බෑග් එක පුටුවක් උඩට දාන ගමන් කිව්වා.
හිරුණි අමාරුවෙන් වගේ හිනා වුණා. අමා මගේ දිහා බැලුවේ දුකින් වගේ.
"මොකෝ මේ?" මම ආයෙම ඇහුවා.
"හිරුට පොඩි ප්‍රශ්ණයක්"
මම හිරුණි දිහා බැලුවා.
"මෙයාගේ අම්මලා අනුරාධගේ ගෙදර අයට ගිහිං බැනලා. දැන් ක්ලාස් යවන්නෙත් නැහැයි කියනවලු.අදත් තාත්තම තමා පංතිය ඇතුලටම ඇරලවලා ගියේ" අමා මට විස්තර කලා.
හිරුණි තාමත් අඬනවා. මම ඇගේ අතකින් අල්ල ගත්තා.
"දැන් අපි මොකද කරන්නේ?"
"අනේ මන්ද..." අමා කල්පනා කරනවා.
"අනුරාධ මොකද කියන්නේ?" මම හිරුණිගෙන් ඇහුවා.
"එයාට හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ අපේ ගෙදර අයත් එක්ක. එයා කියනවා අපි ගෙදරට නොකියා බඳිමු කියලා..." හිරුණි කිව්වා.
"මොනවා?" මට හීල්ලුණා. "එහෙම කරන්න බෑනෙ හිරු. අම්මලට එහෙම මොනා හිතෙයිද?" මම කිව්වා.
"අම්මලා මම ගැන හිතන්නේ නැත්නම් මම මොකටද එයාලා ගැන හිතන්නේ?" හිරුණි කිව්වේ හිතුවක්කාර විදියට.
අමායි, මමයි මූණෙන්, මූණ බලා ගත්තා.
"එහෙමයි කියලා හැඟිම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා හිරු. පස්සේ දුක් වෙන්න වෙන්නේ ඔයාටමයි" අමා අන්තිමට කිව්වා.
හිරුණි මොකවත්ම කිව්වේ නැහැ. ඇගේ මේ නිහඬ බව මගේ හිතට එක් කළේ බයක්.
"ඔව් හිරු, මෝඩ තීරණ නම් ගන්න එපා" මමත් කිව්වා.
පංතියට ළමයි පිරෙන්න පටන් ගත්තු නිසා අපිට කතාව නවත්තන්න වුණා.

ඒ සති අන්තේ හදිසියේම අප්පච්චි නුවර ආවා, මාව ගෙදර එක්ක යන්න. ඊලඟ මුළු සතියෙම අපට ක්ලාස් තිබුණේ නැහැ. ඒ නිසා ගෙදර යන්න මට බාධාවක් තිබ්බෙත් නෑ. ඒත් ඒ සතියේ සඳුදා තමයි අපූර්වලට විභාගෙ පටන් ගන්න නියමිත වෙලා තිබුණේ. අපූර්වගේ ෆෝන් එකත් වැඩ නොකල නිසා අපූර්ව මොනවා කරනවද කියලා මම දැනං හිටියෙත් නෑ. කවදාවත් නැතුව ගෙදර යන එක ගැන මට දැනුනේ උදාසීන හැඟීමක්. මොකක්දෝ හේතුවකට මට හිතුණා විභාගේ කාලෙ මම අපූර්ව ලඟින් උන්නා නම් හොඳයි කියලා. ඒත් මම අප්පච්චිට මොනවා කියන්නද? මම ගියොත් අපූර්ව මා එක්ක හොඳටම තරහ වෙන වග මම දැනං උන්නා.
මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මම නිකමට වගේ ෆෝන් එක අරන් අපූර්වගේ නොම්මරේ එබුවා.
"හෙලෝ අක්කි..." එක පාරක් වැදුන ගමන් එහා පැත්තෙන් අපූර්ව කතා කලේ මාව පුදුමයට පත් කරමින්.
"අපූර්ව?"
"ඔව් ඔව්. මම තමා. අනේ සොරි අක්කි මේ දවස් ටිකේම ෆෝන් එක වැඩ කලේ නෑ. මට චාජ් කරන්නවත් වෙලාවක් තිබ්බේ නැහැ. ඔයා මට කතා කරන්න හැදුවද?"
"ම්ම්. ඒකට කමක් නෑ"
"මම මේ අද ගෙදර එන ගමන්. ඔයා ගෙදරද ඉන්නේ?"
අපූර්ව ඇහුවාම මගේ හිත බර වුණා.
"ඔව්"
"මම ඔයාව බලන්න එන්නම් කෝ"
අපූර්ව කිව්වාම මගේ හිතට එකතු වුණේ අහේතුක සංතාපයක්.
"අපූර්ව මම අද නුවර එළියේ යනවා. අප්පච්චි මාව එක්ක යන්න ඇවිත්"
"වට්? ගෙදර යනවා?"
"හ්ම්. මට ලබන සතියම නිවාඩු"
"අනේ ඇත්තද?" අපූර්ව ඇහුවේ හෙමින්. ඔහුට දුක හිතිලද?
"ඔයා හොඳට විභාගේ කරන්න ඕනේ හරිද? දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාට ඒක ඉහලින්ම කරන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා" මම කිව්වා.
අපූර්ව මුකුත්ම කිව්වේ නැහැ.
"මට ෆෝන් එක අරන් යන්න වෙන්නේ නෑ. පුළුවන් වුනොත් මම කතා කරන්න බලන්නම් වෙන කොහෙන් හරි" මම ආයෙම කිව්වා.
තාමත් අපූර්ව නිහඬයි.
"අපූර්ව... ඇයි කතා නොකරන්නේ?"
"ඔයාට නොයා ඉන්න බැරිද?" ඔහු අයාචනාත්මක ස්වරයෙන් ඇහුවාම මගේ හිත තවත් බර වුණා.
ඔහුව මාසයක් විතරම නොදැක ඉඳලා අද එන වග දැන දැනත් යන්නෙ කොහොමද කියලා මමත් දැනං උන්නේ නැහැ. මේ දෙවල් මේ තරම් හිතට දැනෙන්නේ ඇයි? වෙනදට ගෙදර යන්න ඇඟිලි ගැන ගැන ඉන්න මම...අද තාම බෑග් එක වත් හරියට හදා ගෙන නැහැ.
"එහෙම කරන්න බෑනෙ. මම අප්පච්චිට මොනවද කියන්නේ?"
අපූර්ව හුඟ වෙලාවක් කතා නොකරම හිටියා.
"මං එක්ක තරහා වෙන්න එපා අපූර්ව"
"ඔයා එක්ක නෙවෙයි මට තරහ, මේ සිටුවේෂන් එක එක්කයි"
ඔහු කිව්වා.
"ඉතිං මම හිටියා කියලා ලොකු වෙනසක් වෙන්නෙත් නෑනෙ. විභාගේ ලියන්නේ ඔයානේ" මම හිනා වෙන්න උත්සාහ කරමින් කිව්වා.
"ඔයාට තේරෙන්නේ නෑ අක්කි" ඔහු සුසුමක් හෙලුවා බරටම. "කමක් නෑ ඔයා යන්න. ඒත් විභාගේ ඉවර වෙන අන්තිම දවස මම වෙනුවෙන් තියා ගන්න. එදාට නම් මොනවත් දා ගන්න එපා. ජීවිතේ මේ චැප්ටර් එක ඉවර වෙන දවසේ අලුත් චැප්ටර් එක ලියන්න ඔයාව මට ඕන"
අපූර්ව කිව්වාම මට හිතා ගන්න බැරි වුනා ඔහු අදහස් කලේ මොකක්ද කියලා.
"ඒ කිව්වේ?"
"ඒ කිව්වේ කියපු එක තමා. පරිස්සමින් ගෙදර ගිහිං ඉක්මණට එන්න අක්කි"
"හරි. විභාගේ හොඳට කරන්න"
"තෑන්ක්ස්. ගෝඩ් බ්ලෙස් යූ. පුළුවන් වුනොත් මට කතා කරන්න"
මම ගෙදර ගියාම පාළුයි කියලා අක්කත් උන්නේ මූණ එල්ලගෙන.
"වැඩ නැත්නම් හර්ෂිටත් යන්න තිබ්බා" අප්පච්චි කිව්වා.
"පරෙස්සමින් ගිහිං එන්න පුතේ" පුංචම්මා මගේ හිස අතගෑවා.

ගෙදර ගියාම වෙන කිසි දෙයක් මතක් නොවෙන තරමට වැඩ තිබුණා කරන්න. බොනී මදිවට නංඟි කොහෙන්දෝ පූසො දෙන්නෙකුත් අරගෙන ඇවිත් හන්දා උන්ගේ විස්තර බලන්නත් වෙලාව ඕන වුණා.අයියා නම් තාමත් ගෙදර ඇවිත් තිබුණේ නැහැ. මම ඒ ගැන අම්ම එක්ක කතා නොකලේ අම්මගේ හිත තව පාරන්න බැරි නිසා.ගෙදර ඇවිත් වුණ අනික් දේ තමයි මට හොඳටම හෙම්බිරිස්සාව හැදුන එක. මේ කාලෙ නුවර එළියේ තිබුණේ පුදුම සීතලක්. සමහර දාට උදේට ගෙදර පිට්ටනියේ සුදු පාටට මල් තුහින වැටිලා තිබුනේ ලස්සන සුදු පලසක් එලලා වගේ. ඒත් අව්ව වැටෙනකොටම වගේ ඒව වියැකුණා.
ඉඳහිට මට අපූර්ව මතක් නොවුණා නෙවෙයි. ඒත් කතා කරන්න විදියක් තිබුණේ නැහැ. මම බය වුණා ගෙදර අය මා ගැන සැක හිතයි කියලා.
"අක්කේ මට මේ සින්ඩරෙල්ලා කතාව කියලා දෙන්නකෝ"
නංඟි මගේ ලඟට ආවේ ඉංග්‍රීසියෙන් ලියපු පොතක් උස්සගෙන.
මම ඒක ඈට කියලා දුන්නා. කතාව ඉවර වුණාම  නංඟි කල්පනාවකට වැටුණා.
"නපුරු අයට ප්‍රින්ස් චාර්මිංලා නැද්ද අක්කේ?" නංඟි උභතෝකෝටික පැනයක් ඇහුවා.
"ම්ම්...නෑ. නපුරු අයට කවුරුත් කැමති වෙන්නෙ නෑනෙ"
"හ්ම්. මගේ යාලුවා රයිනි කියනවා හමෝටම ප්‍රින්ස් චාර්මිංලා ඉන්නවා කියලා. එතකොට එයා කියන්නේ බොරුද?" බට්ටිටත් ඉන්න යාලුවෝ.
මම කියන්න උත්තරයක් කල්පනා කලා.
"ම්ම්...නෑ. හොඳ අයට ඉන්නවා, නපුරු අයට නෑ" මම කිව්වා.
"ඔයා ගෙනියන්නත් කවදා හරි එහෙම කෙනෙක් ඒවිද? රයිනි කියනවා එයාගේ අක්කා එහම කිව්වලු"
අයියෝ රයිනි! මම හිස කැහුවා. මේ රයිනි ගැන ටිකක් හොයලා බලන්න ඕන කියලා මට හිතුණා. මේ කෙල්ලගේ ඔලුවට දාලා තියෙන දේවල්?
"ඒක නම් මම දන්නේ නැහැ බට්ටෝ. ඒවාට තව කල් තියෙනවනේ අපි දෙන්නටම. ආයේ රයිනි ඔහොම කිව්වොත් ඔයා එහෙම කියන්න හොඳෙ?"
මම බට්ටිට කිව්වාම ඈ හිස වැනුවා.
අපි ලඟින් ගිය ආච්චි මමටත් හිනා ගියා අපේ කතාව ඇහිලා.
"ඔයාගේ ප්‍රින්ස් චාර්මිං අප්පචි හොයලා ගෙනැත් දේවි, එයා හොයාගෙන එන්න කලින්..." බට්ටි එහට මෙහාට උන ඇසිල්ලක අච්චි මම්මා මට කිව්වේ විහිලුවට වගේ වුණත් ඇත්ත ඒක තමා. අනාගතේ ඒ දේවල් ගැන මම කවදාවත් හිතලා තිබ්බේ නැහැ. ඒත් කවදා හරි නන්නාඳුනන කෙනෙක් එක්ක මගේ අනාගතේ තීන්දු වුනොත් මොනා වෙයිද කියලා මට නිකමට හිතුණා. ආයෙමත්  මට මතක් වුණේ කලිඳු අයියව. ඊට පස්සේ අපූර්වව. මගේ ජීවිතේ මගේ හිතට ගොඩක් සමීප වුණ දෙන්නා.
"මොනාද පැංචි කල්පනා කරන්නේ? ප්‍රින්ස් චාර්මිං ගැනද?"
මට එවෙලෙයි මතක් වුණේ අච්චි මම්මා තාමත් මගේ ලඟ බව.
"නෑ ආච්චි මම්මේ, මගේ ජිවිතේ ගැන. මට අයිති නැති මගේ ජිවිතේ ගැන" මම එහෙම කියාගෙන මගේ කාමරේට යන්න ගෙට ආවා.

8 comments:

  1. අදත් කියෙව්වා ....

    ReplyDelete
  2. I really love this story

    ReplyDelete
  3. තවත් දිගහැරුමක්.....දිගටම ලියන්න...අපි ඉන්නවා කියවන්න

    හැකිනම් කොමෙන්ටු තීරයේ තියෙන word verification අයින් කරන්න...ඔබට අදහස් දක්වන අයට එය පහසුවක් වේවි...comment setting වලින් එය ඉවත් කල හැකියි

    ReplyDelete
  4. @dil: ඔන්න මම ඒක කලා. ඒක ගැන දැනුවත් කලාට ස්තුතියි.

    @ all: ඊලඟ කොටසේ දි මොනා වෙයිද????

    ReplyDelete
  5. දන්නේ නැත..අපු අක්කට කැමති කියයිද දන්නෙ නෑ

    ReplyDelete
  6. දෙනෝ දාහක් සැරිසරන නුවර මං මාවත් වලදි, අහිංසක අතීතයක් නැවත අලුත් වෙන්නට පුළුවන්....

    ReplyDelete

දයාබර මෙත්මා...

ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක
…හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක....