"මං උදේම
යන්නම් පුංචම්මේ. අද කෑගල්ලේ වැඩ වගයක් තියෙනවා ඉවර කරන්න"
අයියා උදේම යන්න
ලෑස්ති වෙලා හිටියා.
"හොඳයි
එහෙනම්. අපර්ණා ගැන බය වෙන්න එපා" පුංචම්මා
කිව්වා.
අපර්ණාත් උන්නේ
නැගිටලා.
"පරෙස්සමෙන්
සුදීප "
"හොඳයි.
ඔයත් බය නැතිව ඉන්න. පුංචම්මයි, මේ දෙන්නයි ඉන්නවානේ. කොහොමත් මම හවස් වෙද්දි
එනවා"
අයියා අපර්ණාගේ
හිස අතගාලා කිව්වා.
"හ්ම්"
අපර්ණා හිස වැනුවා.
"මමත්
ඉක්මණට එන්නම් අක්කේ" මම ගෙයින් එලියට බැස්සේ අපර්ණාට එහම කියාගෙන.
මම ගේට්ටුවෙන්
එලියට එද්දි අපූර්ව එයාලගේ ගේට්ටුව ලඟ වාහනේ තියාගෙන උන්නා.
"ගුඩ්
මෝනින්ග්" අපූර්ව මටැ කිව්වේ මම එතැනට ගියාම.
"ගුඩ්
මෝනින්ග්. කොහේ යන්නද මේ උදේම ලෑසිවෙලා?"
"ගෑනු
ලමයෙක් බලන්න යන්න. එන්න නගින්න"
"ඇත්තට? අනේ වාසනාවන්" කාර්
එකට නැගලා මම කිව්වේ හිනා වෙවී.
"කෝ අද
හර්ෂි අක්කා?" අපූර්ව ඇහුවේ කාර් එක පාරට දාන ගමන් ඇහුවා.
"එයා උදේම
අයියාත් එක්කම ගියා" මම කිව්වා.
"අයියා? ඔයාගේ අයියා?"
"හ්ම්. ඊයේ
අයියා ආවානේ..." මම පෙරදා සිද්ධ වුණ සේරම අපූර්වට කිව්වා. කතාව ඉවර වෙද්දි
අපූර්ව උන්නේ කල්පනාබරව.
"හරි ප්‍රශ්ණේ
නේද? දැන් ගෙදරින්
මොකද කියන්නේ?" ඔහු ඇහුවා.
"ගෙදරට කතා
කරන්න බැරි වුණා. කවුරුත් ෆෝන් එක ගන්නේ නෑ. අදවත් කතා කරලා බලන්න ඕන"
"ඉතිං දැන්
අපර්ණා අක්කා තාම මෙහේද?"
"හ්ම්.
අයියා තැනක් හොයා ගන්නකල්"
"ඔයාගේ
අප්පච්චිට හොඳටම තරහ ගිහින් ඇති" අපූර්ව කිව්වා.
"ඔව්. මම
දන්නේ නෑ මොනා වෙන්න යනවද කියලා"
මම සුසුමක්
හෙලුවා. අපූර්ව මා දිහා බැලුවා.
"මටත්
තේරෙන්නේ නෑ මොනා කියන්නද කියලා"
"මට අපි
දෙන්නා ගැනත් බයයි අපූර්ව. අප්පච්චි ඉතිං
නං කීයටවත් මේකට කැමති වෙන්නේ නෑ"
අපූර්ව නැවතිලා
මාවත් නවත්තගත්තා.
"ඒක ගැන
දැන්ම බය වෙන්න එපා. මම ඒක කොහොම හරි කරන්නම් කෝ. කෝ දැන් ටිකක් හිනා වෙන්නකෝ.
බුම්මගෙන හිටියට ප්‍රශ්ණ විසඳෙන්නේ නෑනෙ"
මම යන්තම් හිනා
වුණා.
"ඇත්තටම ඔයා
කොහෙද මේ යන්නේ අපූර්ව?" මම වෙන කතාවක් පටන් ගත්තා.
"යෂීගේ
ගෙදර"
"මේ උදේම?"
"හ්ම්. අපි
යනවා අලුත් කාර් එකක් ගන්න බලන්න"
"කාටද?"
"අපි දෙන්නට"
"ඔයාටයි, යෂිෂ්ටයි?"
මම ඇහුවේ නහය
හකුලුවලා.
අපූර්ව හිස
වැනුවේ 'අනේ මං දන්නෑ' කියන්න වගේ.
"නෑ නෑ. අපි
දෙන්නට" අපූර්ව අපි දෙන්නව පෙන්නලා කිව්වා.
"ආ...එහෙම
කියන්න එපැයි. මම ඒත් බැලුවා මොකෝ කියලා. ඒත් අපි දෙන්නට මොකටද කාර් එකක්? ඔයාට මේක තියෙනවනේ?"
"මේක දීලා, අලුත් එකක් ගන්න යන්නේ.
හයිබ්‍රිඩ් එකක්"
"මොකක්?"
" හයිබ්‍රිඩ්
එකක්. ඒක මේ ග්‍රීන් කාර් එකක්. දන්නවනේ, පරිසර හිතකාමී එකක්"
මට ඔහු කියපුවා
තේරුනෙත් නෑ.
"එහෙමද?"
"හ්ම්. මම
මේ පාර එක්සෑම් පාස් වුනොත් අපේ ඩැඩා මට ඒකක් අරන් දෙනවා" අපූර්ව කිව්වේ උද්‍යොගයෙන්
ඇස් දෙක බබලද්දි.
"ආ...එහෙනම්
ඉතිං හම්බවෙන්න තියෙන්නේ දෙකෙන් එකක සම්භාවිතාවයක් නේ" මම කිව්වා.
"ඔයා
බලන්නකෝ, ඔයාගේ අපූර්වගේ වැඩ"
මම ඔහු දිහා
බැලුවේ සෙනෙහසින්. අපූර්ව තාමත් පොඩි කොල්ලෙක් නේද කියලා මට හිතුණා.
"ඔයා
අනිවාර්යෙන්ම හොඳට පාස් වේවි අපූර්ව" මම කිව්වා.
අපූර්ව මා දිහා
දයාබරව බලලා හිනා වුණා. ඔහු යන්න ගියේ මාව පංතිය ලඟින්ම දාලා.
"පරෙස්සමින්
යන්න" මම කිව්වා.
එදා හවස අපූර්ව
ආවේ නැහැ මාව මුණගැහෙන්න. මම වැව රවුමෙන්ම බස් එකක නැගලා හිරවෙලා වුනත් ගෙදර ගියේ
අපර්ණා පාලුවෙන් ඇති කියලා හිතලයි. මම
යද්දි අපර්ණයි, පුංචම්මයි සාලෙට වෙලා
අපි එනකල් මග බලාඅගෙන උන්නා.
"අයියා කතා කලාද?" මම අපර්ණාගෙන් ඇහුවා.
"ඔව්. දැන් මග එනවත්
ඇති" ඈ කිව්වා.
කොහොම වුණත්
අයියා ආවේ හර්ෂි අක්කත් ඇවිත් ගොඩ වෙලාවකට පස්සේ.
"ඔන්න අපට දැන් කුස්සියේ
කරදර ඉවරයි" හර්ෂි අක්කා මටයි, අයියාටයි කිව්වා. අපි උන්නේ සාලේ ප්‍රවෘත්ති බලමින්.
"ඒ මොකද?"
"දැන් අපේ අම්මට අළුත්
දුවෙක් හම්බවෙලානේ. එන්නකෝ.." අක්කා අපිව එක්ක ගිහින් හෙමිහිට කුස්සියේ දොර
රෙද්ද මෑත් කලා. අපි දෙන්නම ඒ අතරින් එබුණා. මගේ මුවට හිනාවක් ආවේ ඉබේටම.
පුංචම්මත් එක්ක අපර්ණා බරටම වැඩ.
"ඌයි..." අයියා හර්ෂි
අක්කගේ කනකින් අල්ලගෙන, මගේ කොණ්ඩ
කරලකින් ඇදගෙන කුස්සියට ගියා.
"අනේ මේ මොකද/" එහෙම
ඇහුවේ අපර්ණා අක්කා.
"හිතං ඇති නේ තොපි දෙන්නා
අපර්ණාටම කියලා උයා ගන්න. ඉගෙනගනිල්ලා කුස්සියේ වැඩත්. දෙන්නම එකයි"
අයියා අපිව
කුස්සියේ මැද අතෑරියා.
පුංචම්මයි, අපර්ණායි හිනා වෙනවා.
"අපර්ණා අක්කා මට උයලා දෙයි.
යනවා යන්න" මං අයියට ඇද කලා.
"හා...හිතාගෙන ඇති නාකි
වෙනකල් ගෙදර තියා ගනී කියලා කන්න දිදී. හොඳ ගොනෙක් බලලා බන්දලා දානවා තමුසෙව"
"ඇයි මම එළදෙනක්ද?"
අයියටත් එක පාරටම
හිනා ගියා. "නැතුව?"
"ඉතිං එළදෙනගේ අයියා කවුද?"
"ගොනා..." එහෙම
කිව්වේ අපර්ණා.
මම අත්පුඩියක් ගහලා
හිනා වුණා.
"අපරාදේ අපර්ණා මාට්ටු
වුණා" හර්ෂි අක්කත් මාත් එක්ක එකතු වුණා.
"අනේ මම හිතලා කිව්වා
නෙවෙයි. කියවුණා" අපර්ණා කිව්වේ සමාව අයදින ගමන් අයියාගෙන්. අයියා අපර්ණාගේ
හිසකෙස් අවුල් කරලා හිනා වුණේ 'ඒක්ට කමක් නෑ' කියන්නා වගේ.
"කවුරුහරි දොරේ සීනුව
ගහනවද?" පුංචම්මා ඇහුවාම අපි එක
පාරටම නිශ්ෂබ්ද වුණා. දොරේ සීනුව දෙවනි පාරට වැදෙද්දි නම් අපට ඇහුණා.
"දොර අරින්න ගිහිං කවුරුහරි"
පුංචම්මා කිව්වත්
එක එක්කෙනා මූණෙන් මූණ බලා ගත්තා මිස කවුරුවත් ගියේ නැහැ දොර අරින්න.
"පැංචි යනවකෝ..." හැමෝම තල්ලු කලේ මාව.
"අනේ මටමයි වද දෙන්නේ" මම නාහෙන් අඬ අඬ ඉස්සරහට ගියා. සීනුව ආයෙමත් නාද
වුණා. මම අගුල කරකවලා දොර ඇරියා. දොර ලඟ හිටගෙන උන්නේ වෙන කවුරුවත් නෙවෙයි අපූර්ව.
"ඔයා?" මම ඇහුවේ පුදුමෙන්. ඔහු මොකද මේ වෙලාවේ ආවේ කියලා.
"කවුද ඇවිත් ඉන්නේ?" අක්කා කුස්සියේ ඉඳන්ම කෑ ගැහුවා. මම ඒ පැත්තට හැරුණා.
ඒත් මම මුකුත් කියන්නත් කලින් අපූර්වගේ සුසුමක උණුසුම මගේ කන් පෙත්තේ දැවටෙනවා මට
දැනුනා.මම උරහිස හකුලුවලා පැත්තකට වුණේ විදුලි වේගයෙන්.
"අපූර්ව...පිස්සුද?" මම කිව්වේ රහසින් වගේ.
"කවුද ආවේ?" ඒ පාර අක්කා කූසියෙන් මතු වුණා. අයියත් යන්තම් එබිලා බැලුවා.
"ආ...මේ අපූ නේ. මොකද අපේ ගෙදර බෙල් එක කඩන්න හදන්නේ? ඇයි තාම දොරකඩ? එන්න ගෙට"
එතකොටයි මට මතක්
වුණේ අපි දෙන්නා උන්නේ තාමත් දොර ලඟ හිටගෙන විත්තිය.මම අපූර්ව ලඟින් මෑත් වෙලා
සාලේ මැදට ආවා.
"අනේ ඔව් මට මේ කරන්න වෙන දෙයක්ම තිබ්බේ නැති නිසා මම හිතුවා ඔයාලගේ ගෙදර
බෙල් එකවත් කඩන්න ඕන කියලා. ඒකයි ආවේ"
අපූර්ව ගෙට ආවේ
එහෙම කියාගෙන.
"ඇත්තා?" අක්කා ඇහුවා.
"වාඩිවෙන්න" මම කිව්වේ ඒ දෙන්නගේ කියවිල්ල ඉවර කරන්න.
"කවුද හර්ෂි?" පුංචම්මා කුස්සියේ ඉඳන් අහනවා.
"මේ අපූ අම්මේ"
"හැබෑට, පාර වැරදිලාද අහන්න?" පුංචම්මා කිව්වේ අපූර්ව සාමාන්‍යයෙන් මෙහේ එන්නේ
නැති නිසා. ඔහු හිනා වෙවීම වාඩි වුණා.
"ඒක් නම් ඇත්ත තමයි. මෙයා ඉතින් පාර වැරදිලා ආවොත් තමා. ඒ වුණාට මොකද අපේ
නේබර් ලු" අක්කා අපූර්වව අවුස්සනවා ආයේමත්.
"මං ඉතිං මොකට එන්නද? මෙහේ පැණි වක්කරලා තියෙනවයැ? නැත්තං ඔය පුලුටු මූණ
බලන්නද? අනේ ඊට හොඳයි ගෙදරට වෙලා ඩ්‍රැකියුලා ෆිල්ම් එකක් බලනවා"
අපූර්වත්
අතාරින්නේම නෑ. අක්කා මගේ දිහා බැලුවා.
"පේනේද මෙයාගේ කට? එහෙනං ඉතිං අද ආවේ මොකටද?"
අපූර්ව අක්කා
දිහා බැලුවා.
"මම මේ ඔයා එක්ක රණ්ඩු වෙන්න ආවේ නැහැ. මම ආවේ ආන්ටි හම්බවෙන්න"
"අපේ අම්මව? හ්ම්...අම්මේ මේන් මෙයා ඇවිත් තියෙන්නේ ඔයා හම්බවෙන්නලු" අක්කා
කුස්සිය දිහාව්ට හැරිලා කෑ ගැහුවා.
ඒ පාර පුංචම්මා
හැන්දකුත් අතින් අරන් සාලෙට ආවේ හදිසියෙන් වගේ.
"ඇයි පුතේ මොකෝ, අම්මා මොනවත් කිව්වද?"
"නෑ, නෑ ආන්ටි, මම මේ ආවේ පොඩි ආරාධනාවක් කරන්න"
"ඒ මොකක්ද?" මැදින් පැන්නේ හර්ෂි අක්කා.
"මේ....අනිද්දට අපේ ඉස්කෝලේ නාට්‍යයක් පෙන්නනවා. ඉතිං අපේ මමයි, ඩැඩයිත් ඒක බලන්න යනවා.
අපි ඕල්ඩ් බෝයිස් ලා තමා ඕර්ගනයිස් කරන්නේ. මමා කිව්වා ආන්ටිලාටත් එන්න කියන්න
කියලා. ටිකට්ස් මගේ ගාණේ"
අපූර්ව කිව්වා.
මම ඔහු දිහා
බැලුවත් ඔහු උන්නේ පුංචම්මා දිහා බලාගෙන.
"අනේ එහෙමද? ඒත් පුතේ යන්න විදියක් තමා නැත්තේ"
පුංචම්මා එහෙම
කිව්වාම මගේ හිත කඩන් වැටුණා. එයාලා යන්නේ නැත්තම් මටත් යන්න බෑනෙ.
"ඇයි ඒ?"
"නෑ මේ අපේ ගෙදර තව දුවෙක් ඉන්නවනේ දැන්" පුංචම්මා කිව්වේ කුස්සිය දිහා
බලමින්.
"ඉතිං එයාවත් එක්ක එන්න නේ තියෙන්නේ. අපේ ගෙදර වාහන දෙකම යනවා. අනික මම
තිකට් අරගෙනත් ඉවරයි. අනේ ආන්ටි ප්ලීස්. හැමදාම යන්නේ නෑනෙ"
අපූර්ව කිව්වා.
"ඔව් අම්මා. හැමදාම නාට්‍ය නෑනේ" හර්ෂි අක්කත් කිව්වා.
පුංචම්මා සුසුමක්
හෙලුවා.
"අනේ මන්දා..."
"අපි යමු පුංචම්මා. අපර්ණා අක්කටත් හොඳයි නේ හිත හැදෙන්නත් එක්ක"
මම අන්තිමට
කිව්වා.
පුංචම්මා මා දිහා
බලලා, ආයෙම අපූර්ව දිහා
බැලුවා.
"කීයටද තියෙන්නේ පුතේ?"
"හයහමාරේ ඉඳන් අටහමාර විතර වෙනකල් මම හිතන්නේ"
"හා එහෙනම් යමුකෝ" පුංචම්මා කිව්වා.
අපි සේරම හිනා
වුණා සතුටට.
"උයන ගමන් උන්නේ පුතේ මම එන්නම්. අක්කලා එක්ක කතා කරගන්නකෝ"
පුංචම්මා එහෙම
කියාගෙන ආපහු කුස්සියටැම ගියා.
"මගේ පොතකුත් ඔයා ලඟ නේ?" අපූර්ව ඊලඟට ඇහුවේ මගෙන්.
"පොතක්?ආ...ඔව් ඔව්. ඒක ඕනද?"
"ඔව්. දැන් ගන්න පුලුවන්ද?"
"පොත්? පොත් මොකටද මේ විභාගෙත් ඉවර වුණාට පස්සේ?" අක්කා ඇහුවේ ඇස් පුංචි
කරලා.
"ඒක ඔයාට වැඩක් නෑනෙ...ඒක මගේ පොත නේ" අපූර්ව කිව්වේ ඇදලා පැදලා.
"හා. හා. ඔය පොත පෙරලනවා මම කලින් දැකලා තියෙනවා. ඉල්ලගන්න එකයි ඇත්තේ පොත
හරි, හිත හරි ඕන
එකක්"
අක්කා පහල කාමරේ
පැත්තට ගියා අපිව තනි කරලා.
මම අපූර්ව දිහා බැලුවා. ඔහු හිනා වුණා.
"මොකද අද දැක්කා වගේ බලාඅගෙන ඉන්නේ?"
අපූර්ව ඇහුවේ
මගෙන් ඇහි බැම උස්සලා.
"නෑ. යං පොත දෙන්න" මම කිව්වේ ඉස්සරහට එන ගමන්.
"ඇයි ඒක කොහෙද තියෙන්නේ?" අපූර්ව ඇහුවා.
"මගේ කාමරේ"
අපූර්ව බොරු
පුදුමයක් මවා පාමින් ඇස් ලොකු කර ගත්තා.
"මොනවා? මාව එහේ එක්ක යන්නද හදන්නේ? අනේ ආන්ටි..."
අක්කා එක්ක ඉඳලා
අපූර්වගෙත් මොලේ අවුල් වෙලාද කොහෙද? මම අපූර්වට රවලා පඩිපෙල නැග්ගා.
"එහෙනං ඉන්න. මම ගේන්නම්"
පොත හොයා ගන්න මට
අමාරු වුණේ නෑ. මොකද ඒක තිබ්බේ මගේ කොට්ටය යට නිසා. මම පොත අතට අරන් එන්න හැරෙද්දි
මෙන්න අපූර්ව දොර ලඟ. මම එක පාරටම ටිකක් ගැස්සුනා.
"ආවද?"
මම ඇහුවේ දොර ලඟට
යන ගමන්.
"එන්න කිව්වේ"
අපූර්ව කිව්වා
මගේ අසලටම එන ගමන්.
මම බිම බලාගෙනම
පොත දික් කලා ඔහුට.
"මෙන්න පොත"
අපූර්ව මුකුත්
නොකියා එක අතකින් පොත අරගෙන අනික් අතින් මගේ අතක් අලාගත්තා. මගේ බඩ ඇතුලෙන් පටන්
ගත්ත දැඟලිල්ලක් උගුර දිගේ ඉහලට එනවා වගේ මට දැනුනා. හිස් මුදුනයි, කන් පෙති දෙකයි රත් වෙලා.
"අනේ අතාරින්න අපූර්ව කවුරු හරි ඒවි" මම අත ඇදලා ගන්න උත්සාහ කලා. ඒත්
ඔහු මාවා අතෑරියේම නෑ.
"ඉතිං?"
"ඉතිං කියන්නේ? හොඳට තියෙයි, අපේ අයියා වත් දැක්කොත්?"
"ඔයා මගේනෙ. කවුරු ආවාම මොකද?"
"අනේ අපූර්ව..."
අපූර්ව මගේ අත
අතනෑරම සාක්ක්වෙන් යමක් අරන් මගේ අතේ ගුලි කලා.' මගේ ෆෝන් එක?'
"මේක දැන්වත් තියාගන්නවද?" ඊට පස්සේ ඔහු ඇහුවා.
මට දැනුනේ
ලැජ්ජාවක්.
"ලැජ්ජාවෙන්න එපා. අපි අපිනේ"
ඔහු කිව්වාම මට
හිනා ගියා. ඔහු මගේ අත අතෑරියා, ඒත් තව ටිකක් ලං වුණා මගේ අසලට. ඇඟේ ගෑවෙන
නොගෑවෙන තරමට. මට බිම බැලුණේ ඉබේට. හිත හොඳටම ගැහෙන්න ගත්තේ කවුරුහරි එවඉ කියන බයට
විතරමද?
"මෙත්මා..." අපූර්ව හෙමින් කිව්වා.
"ම්ම්"
"මට ආදරෙයි නේද?"
"හ්ම්"
"හ්ම් නෙවෙයි, මට කියන්න..."
"අනේ අපි යමු අපූර්ව දැන් පහලට. නැත්තම් කට්ටියට සැක හිතේවි"
මම කිව්වේ
කලබලෙන්.
"ඉන්දී..." එතකොටම වගේ අක්කත් කතා කලා. අපි දෙන්නා දෙපැත්තත වුණා
ඉක්මණට. අපි දෙන්නා පඩිපෙල බහිද්දි හර්ෂි අක්කා පඩිපෙල පාමුල.
"මොනාද කරන්නේ? තව ටිකෙන් සුදීප උඩට එනව" අක්කා ඇහුවේ රහසින්.
මේ වෙලාවේ අයියා
උන්නේ සාලේ, අපර්ණාත් එක්ක.
අපූර්වයි, මමයි අක්කා පස්සෙන්ම සාලෙට ගියා.
"කවුද මේ මල්ලි?" අයියා ඇහුවේ අපි සාලෙන්
වාඩි වෙද්දි.
"මේ ද? මේ අපේ නේබර්. අපූර්ව හේෂාන් ලිවෙරා"
අක්කා අඳුන්වලා දුන්නේ අපූර්වට තට්ටුවක් දාන ගමන්.
"මල්ලි ජොබ් එකක් කරනවද?" අයියා ඇහුවා.
"නෑ අයියා. ඒ ලෙවල් කරලා
ඉන්නේ" අපූර්ව පරෙස්සමට උත්තර දුන්නා.
"මොනාද කලේ?"
"බයෝ"
"මෙහෙම හිටියට අනාගත වෛද්‍යවරයෙක්"
හර්ෂි අක්කා කිවා.
අපූර්ව හිනා
වුණා.
"ඕවා ඉතිං කියන්න බෑ"
ඔහු කිව්වේ එහෙම.
"අපූර්ව අර ඉන්නේ අපර්ණා
අක්කා. අයියගේ වයිෆ්" මම අපර්ණාව අඳුන්වලා දුන්නා.
"හෙලෝ අක්කා, නයිස් ටු මීට් යූ..."
"අපූ මොනාද බොන්නේ?" හර්ෂි අක්කා ඇහුවේ
කුස්සිය දිහාට යන ගමන්.
"අනේ මුකුත් එපා අක්කේ
තෑන්ක්ස්. දැන් මමා බලාගෙන ඇති මම එනකල් කන්න. එහෙනම් නොවැරදීම හෙට එන්න හොඳෙ.
අයියත් එනවනේ?"
"අනේ මල්ලි මට නම් බැරි
වෙයි. හෙට මම කොලඹ යනවා"
"එහෙමද? එහෙමනම් අක්කලා ටික එවන්න. අපේ ඩැඩාත් යනවනේ. මම යන්නම් එහෙනම්. ගුඩ්
නයිට්.ආන්ටී මම යනවෝ" අපූර්ව අන්තිමට පුංචම්මට කෑ ගහලා කිව්වා.
ඔහුට යන්න දොර
ඇරියෙත් මම.
"ගිහින් එන්නම්" අපූර්ව දොර ලඟදි මට ආයෙම කිව්වා.
"හ්ම්"
අපූර්ව යන්නේ එහා
පැත්තේ ගෙදරට වුණත් ඔහු යන එක ගැන හිතේ උපන්නේ දුකක්. ඒත් ඔහුට නවතින්න බැහැනෙ.
"හෙට හවසට හම්බවෙමු" අපූර්ව කිව්වා.
"හොඳයි"
"ගුඩ් නයිට්"
"ගුඩ් නයිට්"
අපූර්ව මොහොතක්
මගේ දිහා බලාගෙන ඉඳලා යන්න මගට බැස්සා. ඔහු නොපෙනී යනකල්ම බලන් ඉන්න ඕන වුණත් ඒක
කරන්න බැරි නිසා මම දොර වහලා ගෙට ආවා.
එද රෑ මම කල්පනා
කරේ මේ සිද්ධ වෙන දේවල් ගැන. අපූර්ව නිසා හිතේ තිබ්බේ සැනසීමක් වුණත්, අප්පච්චි මතක් වෙද්දි ඒ
සැනසීම නැති වෙලා ගියා වගේ. අයියා කරපු දේ නිසා අප්පච්චිගේ හිත තවත් තද වෙලා ඇති.
දන දැනම අපූර්වට මම ලං වුණේ ඇයි කියලා හිත ප්‍රශ්ණ කලා. මම එහෙම කලේ මම ඔහුට
ඇත්තටම ගොඩාක් ආදරේ නිසාමයි. ඒත් අපි මේ ගොඩනගන්න හදන ආදරේට අනාගතයක් තියේවිද? සමාජ සම්මතේ පැත්තකට
දැම්මොත්, අපූර්වට මං නැති වුනොත් අපේ අනාගතේට මොනවා වෙයිද?
ඊලග කොටස එනකන් බලාගෙන ඉන්නවා....
ReplyDelete